නිදහස් සරල ජීවිතයක් සන්සුන්ව වින්දනය කරමින් ගත කරන්න තියන ලොකුම බාධකය තමයි මෙන්න මේ අත හරින්නම බැරි තැන ඇතිවන බැඳිම් හරහා ජීවිතයේ මතු වන සංකීර්ණතා.. විහින් ඇති කර ගන්නා මේ සංකීර්ණතා නිසාම ජීවිතය දුකක් කරදරයක් මහා පටලැවිල්ලක් ලෙස බොහෝ අය අර්ථ දක්වයි.. අත හරින්නම බැරි තැනදිත් ඔබ අත හැරියොත්....
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Friday, December 29, 2017
Monday, December 25, 2017
දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද ....
දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද .... මව කුමන මට්ටමක හිටියත්... මව් කිරි ඇරෙන්න වෙනත් ආදේශකයක් දීම අපරාදයක් ද... වඩා වැදගත් වන්නේ දරුවා "ජීවත්" කරවීම ද... මව කුමන මානසික (ශාරීරික) මට්ටමක හිටියත් මව්කිරි දීම ද... ඒ තීරණය ගැනීම මවගේ අයිතියක් ද... ඇය අවට ජීවත් වන අයගේ අයිතියක් ද...
Friday, December 22, 2017
Sunday, December 10, 2017
Saturday, December 9, 2017
පුස් වෙඩි නොවි නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න..
මිනිස්සු ඇතුලේ ජිවත් වන මිනිස්සු මරා දමන්නේ මිනිස්සුන්මයි..එවැනි තැනකට මිනිසෙක් පත් වන්නේ කෙසේද... ඒ වගේම ඇයි මිනිස්සු කුනුහරුප එහෙමත් නැත්නම් අසභ්‍ය වචන කියන්න පෙළබෙන්නෙ අදහස් දැක්වීම් වලදි.. ඇයි සමාජගත වෙලා තියෙන්නේ අසභ්‍ය වචන කියන අය තමයි "පොරවල්" කියලා.. මට නම් හිතෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ගත යුත්තක් නැහැ කියලයි.. නිකන්ම නිකම් පුස් වෙඩි..
නොයෙකුත් පෞර්ශ දුර්වලකම් මනාව විදහා පෙන්වන මෙවැනි අවස්ථාවන් මට නම් පෙනෙන්නේ තමන් ජිවිතේ විඳපු කටුක අත්දැකීම් උගුරට හොරා බෙහෙත් බොන වෙලාවක් කියලා.. එහෙමත් නැත්නම් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ වගේ.. එහෙමත් නැත්නම් පුහුල් හොරා කරෙන් දැනේ වගේද.. එහෙමත් නැත්නම් බෙරේ ඇතුලත හිස් වගේ... සද්දේ විතරයි.. එවැනි අය සතුටක් ලබන්නේ මොන තරම් පසුගාමි ක්‍රමයකින් ද... අන් අයව නිකරුනේ පහත් කරමින් විදහා දක්වන්නේ තමන්ගේම පහත් බව නොවේද...
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහමු ද නැත්නම් ඊට කලින් වහමු ද ...
යොවුන් කාලේ බොහෝ රැඩිකල් අදහස් දැරූවන් ජීවිතේ මැදියම් (එහෙමත් නැත්නම් වල පයයි ගොඩ පයයි) කාලේ බොහෝ සාම්ප්‍රදායික වන්නේ ඇයි..
Friday, December 8, 2017
Tuesday, December 5, 2017
Monday, December 4, 2017
මේ "කූඹියෝ" කොහෙද දුවන්නේ...පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ....
මේ "කූඹියෝ" කොහෙද මේ දුවන්නේ... පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ
වගේ.... අඩුම තරමේ ඒ මනුස්සයාව එතනින් ඉවත් කරනකම්වත් නවතින්න හිතක් නැති
"කූඹි" රැළක්.....
Tuesday, November 28, 2017
Saturday, November 25, 2017
අතීතයේ වගේ දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ ඇයි ....
ඇයි අතීතයේ වගේ දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ..
නිර්මාණශීලි මිනිස්සු නැද්ද..
නැහැ ඉන්නවා
ඉස්සරට වඩා දැන් ඉන්නවා නිර්මාණශීලි දැනුමින් පිරි මිනිස්සු
ලෝකය ගැන විතරක් නෙමේ විශ්වය ගැනත්..
එතකොට සමාජයේ සිදුවීම් වෙන්නේ නැද්ද..
නැහැ වෙනවා..
ඉස්සරටත් වඩා විවාදශීලි අවස්ථාවාදි සිදුවීම් සමාජයේ වැහි වැහලා..
ඒත් ඇයි පිළිරුක් නොහැදෙන්නේ ප්රස්ථාවට අනූව...
කල් පවතින තේරුමක් ඇති වැඩක් ගත හැකි
මට හිතෙන්නේ මිනිස්සුන්ට නැහැ විවේකයක්..
මිනිස්සුන්ට නෙමේ, මිනිස්සුන්ගේ මනසට නැහැ විවේකයක්...
ඔබට හිතෙන්නේ ඇයි..
දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ..
දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ..
Thursday, November 23, 2017
ඔබට හැකියි නේද ඒ පෙර කරුම වලින් ඇයව ගලවගන්න, ඒත් ඇයි ඔබ එහෙම නොකරන්නේ....
පමණ ඉක්මවා ඔබ ඔබේ සිතට වහල් වී වැය කරනා මුදල් මෙවැනි දරුවන්ට ජීවත්
වෙන්න, ඉගෙන ගන්න, සතුටක් ලබන්න දෙන්න පුලුවන් නම් සමාජයක පවතින අසමමිතික බව
වැඩිකල් නොගිහින් සමමිතික වේවී නේද....
ඔබ සිහින මාලිඟා තනද්දි
බලන්න ඇය... ඇයි මිනිස් හිත් වලට සමමිතික වෙන්න බැරි.. අඩුම ගානේ බෞද්ධ
අයටවත්....කිසිවක් නොදැනෙන ගස් ගල් මැටි බදාම වලට වැය කරන කාලය මුදල් ඇයි
මේ පණනල ගැහෙන හදවත් වෙනුවෙන් වැය කරන්න බැරි... ඔබට වඩා ඇය කොයි තරම් දක්ෂද... ඒත් ඒ දක්ෂකම එළියට ගන්න ඇයට වැටකඩොලු ටිකක් උපතින් දයාද වෙලා.. ඇයි ඒ වැඩකොඩොලු ටික නැති අයට බැරි ඇයව එළියට ගන්න හිර උනු තැනින්..
Tuesday, November 21, 2017
කුරුල්ලනේ නුඹලා ගී හැදුවද හදපු ගී ගැයුවද... ..නුඹලාට ගී හදන්න ගයන්න මිහිරි හඬ ඉල්ලා හිටි ප්‍රේමණීය හඬ අද නිහඬ වුනත්..
තමා ලියූ පද වැල්ම නිර්මාණයට පාදක උනු අවට පරිසරයම කණපිට පෙරළා කාලෙන් කාලෙට තමන්ගේ හිතට දැනෙන හැඟිම් ගීයෙන් කවියෙන් එළි දක්වා තම හදවතේ තෙරපෙන හැඟිම් කාටවත් නොරිදවා පිට කරන්න උත්හස කරපු අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි ගන්නා නොමිනිසුනි..... නුඹගෙ හිත දැඩි උනේ කොහොමද නුඹ වැනිම තවත් මිනිසෙකු මරා දමන්න මෙතරම් කුරුරු ලෙස.. ඒ මිනිසා නුඹට කල වරදවත් පැවසුවාද නුඹ ඔහු මරා දමන්න මොහොතකට කලින් හෝ.. නුඹට ඉවසීමක් තිබුනේ නැද්ද ඒකටවත්...
Monday, November 20, 2017
මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්...
ආදරය පිරෙන්නේ ආදරයෙන් පමණි කියලා අවසන් කරන මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්.. නූරිව මරලා රංගව පිස්සෙක් කලාම කොහොමද ආදරයක් පිරෙන්නේ ආදරයකින් පමණි වෙන්නේ...
Saturday, November 18, 2017
ඔබ පුදුම වේවී ඔබේ අන්ධභාවය ගැන මෙතෙක් ඔබත් නොදැන සිටි...
ඔබ
දරුවන්ව මෙළොවට ඔවුන්ගේ අවසරයකින් තොරව ඔබේ (තනි) ස්වකැමැත්තෙන් බිහි කර
හදා වඩා ඒ දරුවන් වෙනුවෙන් ඔබ ස්වකැමැත්තෙන් කල දේවල් පවසා දරුවන්ගෙන්
යැපෙන්න යදින්න එපා.. දරුවන්ගේ ආදරය හිඟා කන්න එපා.. දරුවන්ව සිරකරුවන්
කරන්න එපා..ඒ වගේම ඔවුන්ගෙන් වැඳුම් පිඳුම් යදින්නත් එපා.. ඒක හරියට ඔබ කෙනෙක්ව බලෙන් ගිනි ගොඩකට ඇද දමා අනේක දුක් විඳ
බේරාගෙන බේරා ගත් බවට උදම් ඇනීම වගේ කිසිම තේරුමක් නොමැති ක්‍රියාවක්...
ඔබේ ජීවිතයේ වගකීම ඔබ ගන්න.. දරුවන්ගේ ජීවිත වල වගකීම ඔවුන්ට දෙන්න..බිහි කරන දරුවන් ගාණ වැඩි උනාට ඔබට ලැබෙන ප්රතිලාභ වැඩි නොවන බව අතීතය දිහා හොඳින් ඇස් ඇර බැලීමෙන් වටහාගත හැකි වනු ඇත..එය
හොඳින් සිහියේ තබාගෙන ඔබේ ජීවිතයත් දරුවාගේ ජීවිතයක් දෙකම සැහැල්ලුවෙන්
පවත්වා ගත හැකි සිමාවන් වටහා ගෙන දරුවන් මෙළොවට ඔබේ ස්වකැමැත්තෙන් බිහි
කරන්න.....දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න ඔබ වෙනුවෙන් කාලය ශක්තිය ඉතුරු
කරගෙන..
Thursday, November 16, 2017
Wednesday, November 15, 2017
Monday, November 6, 2017
Saturday, November 4, 2017
කුලියාපිටිය සහ ශිෂ්‍යත්වය....කතාකරන වෙදකුරු....
ලංකාවේ
විතරක් නෙමේ ලංකාවෙන් එළියට ආපු බහුතරයක් වෙන රටවල් වලදිත් හැසිරෙන්නේ
මෙහෙම තමයි ගොඩක් විට..ඉගෙන ගෙන ලොකු මිනිහෙක් වෙලා සල්ලි හම්බ කිරීම මිසක්
හොඳ මිනිහෙක් වෙලා අනිත් අයට උදව් කරන සංවේදි මිනිහෙක් කරන්න උනන්දු වෙන
අය හරිම අඩුයි.. මට හිතෙන්නේ මේක එන්නේ ජාන වලින්ම වෙන්න ඇති.. එකිනෙකා
පරදවන්න මිසක් එකතු වීමක් දකින්න හරිම අමාරුයි. එක් කෙනෙකුගෙ සාර්ථකත්වය අනිත් කෙනාට දරන්න බැ.. ඒ කෙනාට ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්න..
ලංකාවේ
සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ වැඩියෙන්ම අසාධාරණයට පත් වන්නේ ඉතාම දක්ෂ
බුද්ධිමත් දරුවන් කියායි මට හිතෙන්නේ.. ඔවුන් ඇතුලේ ජීවත් වන සංවේදි
ජීවීයාට එළියට එන්න ඉඩක් ලැබෙන්නේම නැහැ
ලකුණු පසුපස නොව දැනුම පසුපස හඹායන දරුවන් බිහි කරමු එකමුතුව, තමන් දන්න
දේ අන් අයට ලෝබ නැතුව කියා දෙන, අන් අයව අගය කරන, අන් අයගේ සාර්ථකත්වයට
ඉරිසියා නොකරන, තමන්ගෙ අඩු පාඩු පිලිගෙන ඒවා සඟවා නොගෙන හදා ගැනීමට තරම්
නිහතමානි දරුවන් බිහි කරන්න ඕන වෙන්නේ එවැනි ආකල්පමය වෙනසක් ඇති දෙමාපියන්
වැඩිහිටියන් පමණයි.. මෙතැන් සිට උපුටා ගැනීමකි...
Tuesday, October 24, 2017
ආඩම්බරයි පුංචි දුවේ නුඹ ගැන හුඟක්.. ආදරෙයි නුඹට මම හුඟක්....
ඊයේ Kindergarten පුංචි දියණියක් කොලාජ් ක්‍රමයට කරන්න තිබුනු අත් වැඩක් කරද්දි හරිම පරිස්සමින් පුංචි පුංචි කොළ කෑලි ඉරා ගෙන කරනවා දැක්ක මම ඇයගෙන් ඇහුවා "ඇයි ඔයා ඔය තරම් පුංචි කෑලි ඉරන්නේ, ලොකු කෑලි ඉරුවා නම් ඉක්මනට ඉවර කරන්න පුලුවන්නේ කියලා..." කියලා. ඇය මගේ මූණ දිහා බලලා දුන්නු උත්තරේ හිතන්න පුලුවන්ද ඔයාලට... ඇය මට කිව්වේ,
Monday, October 16, 2017
Monday, October 9, 2017
අද උදෑසන දුටු රැකියාවෙන් "ජීවිතය" සිර නොවූ ගුරුවරියන්
මේ මගේ පුතා යන ප්‍රාථමික පාසලේ ගුරුවරියන් කිහිප දෙනෙක්.. මේ පන්ති වල ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කලින් මං හිතුවේ මේ ගුරුවරුන් හරිම නිදහස් හරි සැහැල්ලුවෙන් දවස පුරාම සිනා මුසු මුහුණින් ඉන්න නිසා කරන්න තියන්න වැඩත් ඒ තරන් බරපතල නැතුව ඇති කියල.. ඒත් දවසක් දෙකක් ඒ අය එක්ක වැඩ කරද්දි තමයි තේරුනේ මොන තරන් සංකීර්ණද කියලා කරන්න තියන වැඩ.. දරුවන්ගේ කාලය ගෙවෙන්නේ කිසිම පීඩනයක් නැති විනෝදෙන් දැනුම හොයා ගෙන යන්න පුලුවන් විදිහකට.. එහෙම හදන්න මේ දවස පුරා හිනාවෙවි ඉන්න ගුරුවරු ගන්න මහන්සිය කොයි තරම් ද කියන එක වචනයෙන් කියන්න අමාරුයි තමන්ගේ හැඟිම් පාලනය කරගෙන....
Saturday, October 7, 2017
Thursday, October 5, 2017
Wednesday, October 4, 2017
රෝස මලක සුවඳ දෙන සුන්දර දසුන් මවන්නෝ...
කලාකරුවෙක් නිර්මාණයක් කරන්නේ රෝස මල් යහනාවක ගිහින් නෙමේනේ.. කරන නිර්මාණය ලස්සන රෝස මලක සුවඳ දෙන සුන්දර දසුනක් උනාට රෝස පඳුරේ තියෙන්නේ කටු.. ඒ කටු අස්සෙන් ගිහින් තමන්ව රිදවගෙන තමයි අනිත් අයට නොරිදෙන්න රෝස මලක සුවඳ දෙන නිර්මාණ හදන්නේ.. ඉතින් එක දවසක් හරි එක කලාකරුවෙකුගේ හරි නිර්මාණයක් රසවින්ඳා නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න පුරුදු වෙන්න..ඒ හැම කලාකරුවෙක්ම තවත් එක මිනිස් ජීවියෙක් මිසක් දෙවිවරුවත් රහත් උනු මුනිවරුවත් නොවන නිසා....
Tuesday, October 3, 2017
Monday, October 2, 2017
හදිසි අනතුරක්...පාඩම් ගොඩක්...
මම ජීවත් වන නගරයේ අවුරුදු කීපයකට කලින් පාසැල් ගේට්ටුවක් ලඟ සිදුවුනා හදිසි අනතුරක්... අපේ ගේ තිබුනේ පාසැලින් එහා පාරේ, පෙනෙන දුර... නමුත් මේ අනතුර වෙලාවේ මිනිසුන් එතන රැස් වුනේ නැහැ.. පුලුවන් තරම් ඉක්මනින් කුඩා දරුවන් ඇතුලු සියලුම දෙනා ඒ සිදුවුන ස්ථානයෙන් ඉවත් කෙරුනා.. කිසිම කෙනෙක් ඒ උපදෙස් වලට පිටින් ගියේ නැහැ.. පාරේ අනිත් පැත්තේ හිටි අපි කිසියම් බරපතල දෙයක් සිදුවී ඇති බව දැන ගත්තේ පොලිස් සයිරන් නලා හඬින් සහ හෙලිකොප්ටර් යානක් එක තැන වටේට යන සද්දය නිසා.. කෙසේ නමුත් සිදු වෙලා තිබුනු අනතුර සිදුවූ කිසිම කෙනෙකුගේ ඡායාරුපයක් හෝ අනතුරේ ඡායාරුපයක් හෝ අපි දුටුවේ නැහැ ඒ තරන් ලඟ ඉඳලත්, කිසිම මාධ්‍යයකින් එහෙම ඡායාරූප පෙන්නුවෙත් නැහැ දන්න තරමින්..
Sunday, October 1, 2017
උපතත් විපතත් අතර .....

සමාජයක
ජීවත් වෙද්දි සිදුවන සිදුවීම වලදි සමාජයකට මුහුණ දෙන්න තමන්ගේ හිතේ ඇති වන
අනියත බයවල් වලට පිළිතුරු හොයන්න විතරද ආගම් සිරිත් විරිත් සංස්කෘතිය
තියෙන්නෙ.. මෙවැනි දේවල් වලට මුවා වි තවත් කෙනෙක්ගේ ජිවිතකයට බලපැම්
කිරීමට කොහෙන්ද අයිතියක් කාට උනත්... මේ හැමදෙයකටම වඩා ජීවිතයක් වටින බවත්
සැහැල්ලු පීඩනයක් නැති මනසක් වටින බවත් ඒ අනූව රටේ නිතී පද්ධතියත්
මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතු බවත් කවදා මිනිසුන් වටහා ගනි ද
මන්දා..
Saturday, September 30, 2017
කාටවත් දොස් කියල තේරුමක් තියනවද ....
කෙනෙක් ජිවිතය නැති කර ගන්න තරම් මානසිකව වැටෙන්නේ, මොන තරම් දේවල් ලඟ තිබුනත් ජීවිතය කලුම කලු පාට වෙලා පේන්නේ කාගෙවත් වරදින් නෙමේ...
සමාජයක ජීවත් වෙද්දි ඒ ඒ පුද්ගලයට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් වලට එක
එක පුද්ගලයාගේ දරා ගැනිමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ වගේම එකම සිදුවීම
උනත් දෙදෙනෙක් අර්ථකතනය කරගන්න විදිහ දෙවිදිහක්.. ඒ සඳහා බලපානවා ප්‍රධාන
වශයෙන්ම කෙනෙක් කුඩා කල හැදුනු වැඩුනු පරිසරය, දෙමාපිය සම්බන්ධතා, ඇසුරු
කරන පිරිස, ඒ පුද්ගලයාගේ ජීවන පුරුදු වගේ සාධක..එකම පවුලේ දෙදෙනෙකු වුනත් හරිම වෙනස් එකම සිදුවීමට
මුහුණ දෙන විදිහ.. ඒ තමයි මිනිස් ස්වාභාවය..
උදව්වක් ද ණයක් ද ......
කෙනෙකුට උදව්වක් කලාම ආපහු බලාපොරොත්තු තියා ගන්න එපා
තමන්ටත් උදව් කරයි කියා... කෙනෙකුට ණයක් දුන්නාම මතක තියා ගන්න ආපහු ඒ ණය
ඉල්ලන්න බලාපොරොත්තු තියා ගත්තට කමක් නැ.. හැබැයි බොල් ණය ගැනත් මතක තියා
ගන්න..
ඉතින් කෙනෙක් එක්ක ඔබේ තියන සම්බන්ධතාවයේ ස්වාභාවය සහ ඒ කෙනාගේ
ස්වාභාවය අනූව මේ උදව්වක් ද ණයක් ද කියන එක ගැන හරියට පැහැදිලි කරගෙන
ඉදිරියට යන තරමට ජීවිතය පහසු වෙවී ආදරය කියන වචනය එක්ක පටලගන්නේ නැතුව...
Thursday, September 28, 2017
නිදහසේ පියාඹන්න අත්හරින්න.....

ඔබේ ඕන එපා කම් කර ගන්න පමණක් කෙනෙක්ව ජිවිතේට ලන් කර ගන්නවට වඩා හොඳයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක... දෙදෙනා අතර ඇති වන නොගැලපීම් වලදි හැකිතාක් හිත් නොරිදවාගෙන විසඳුම් වලට යන්නත් පුලුවන් නම් ආදරය නොනැසී පවතිවී දෙදෙනා එක ලඟ නැති වුනත්...
Wednesday, September 27, 2017
ඉවසීමෙන් සැනසීම ලැබේ (ද ) ...............
සංස්කෘතිය සදාචාරය ආදරය වැනි වදන් වලට මුවා වී ගැහැනු දරුවන් දරා ගැනිමට නොහැකි තරම් "තමන්ව යටපත්" කර ගනිමින් අනෙකුත් අය වෙනුවෙන් දහසකුත් කැප කිරිම් කරමින් ද පිරිමි දරුවෙකු තනිව ගැටලුවකට කෙලින් මුහුණ දීමට නොහැකි බොළද ළදරුවන් ලෙසින් හැමදෙයම අතට පයට කර දී "තමන්ව යටපත්" කරමින් තමුන් ලඟ නොමැති පෞර්ශයක් මවා පාමින් ද දෙමාපිය වැඩිහිටියන් විසින් හදා වඩා අවසානයේ ඔවුන් තනිව වැඩිහිටියන් ලෙස සමාජයට මුදා හැරීමේදි ඇති වන ඛේදවාචක වලට දරුවන්ට ඇඟිලි දික් කරද්දි තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දික්ව ඇති බව අමතක වී යන්නේ.. කාගේ අවාසනාවටද මන්දා...
Monday, August 28, 2017
ඔබේ හැඟිම් වලට වහල් වීමට තප්පරයකට පෙර.....
අප ජීවත් වන සමාජය හරිම පුදුම සහගතය.. පන්සල් හා බැඳි නොයෙකුත් දාන මාන
ධර්ම දේශනා පින් කම් නිමක් නැතිව කරනා මේ සමාජය ජීවිතය දුකක් බව ඒ දුකින්
මිදීමට පින් රැස් කල යුතු බවත් පවින් මිදිය යුතු බවත් නිතර දෙවේලේ පවසයි...
ඒ පවසන සමාජයේම ජීවත් වන වැඩිහිටියන් තමන්ගේ හැඟිම් වලට වහල් වී කසාඳ බැඳ
නව ජීවයන් බිහි කරයි. ඉන් පසු ඒ නව ජීවිත ද ඒ මාර්ගයේම දක්කා ගෙන යාමට දිවි
පරදුවට තබා වෙහෙසේ....
Thursday, August 24, 2017
නීතිය තියෙන්නේ .......
1. කටුකුරුන්ද සණස සභාපතිනියට හා ඇයගේ පස් හැවිරිදි දරුවාට ඇසිඩ් ගැසූ හිටපු සභාපතිනිය රිමාන්ඩ්.
2. නීතිඥවරු විශාල පිරිසක් සැකකාරියට ඇප ලබාදෙන ලෙස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
3. ඇයි ඒ ?
නීතිය තියෙන්නේ නිවැරදිකරු රකින්න ද වැරදිකරු රකින්න ද නැත්නම් මුදල් ගනුදෙනු කරන්න ද ?
ප. ලි: තමන්ට දෙයක් නොලැබුනාම තමන්ගෙම දරුවටත් ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නොවේ යැයි මට සිතේ...
Wednesday, August 23, 2017
නිමිත්ත : අලුත උපන් දරුවෙකුගේ අම්මා කෙනෙකුගේ සටහනක්.
ළමයෙක්
ලැබුනම ළමයට ආදරේ කරන්නේ තමන්ව අම්මෙක් කලාටලු... තමන්ගෙම නවත්තා ගත
නොහැකි වූ හැඟිමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන දරුවට ආදරය කරන්න ඕන තමන්ව
අම්මෙක් කලාට ද .....
එතකොට තමන්ව අම්මෙක් (තාත්තෙක්) නොකරන තමන්
අවට ඉන්න අනිත් අයගේ දරුවන් ගැන තමන්ගේ හිතේ තියෙන්නේ (තියෙන්න ඕන) මොන
වගේ හැඟිමක් ද ?
නිගමනය : (සාමාන්‍ය) මිනිස්සු ආදරය කරන්නේ තමන්ට කෙනෙක් හරහා ලැබෙන දේවල් වලට.... නැතුව ඒ කෙනාට නෙමේ (ද) ?
Tuesday, August 1, 2017
බලන්න ඔබේ නොපෙනෙන අරුම පුදුම "බඳුන" පිරිල ද හිස් ද ?
අද මම කියන්න යන්නේ ඔබත් සමඟ ඉපදුනු දා සිට ගමන් කරන අරුම පුදුම බඳුනක් ගැන. මේ බඳුන ඔබට වගේම ඔබ අවට ඉන්න හැමෝටමත් හරිම වැදගත්.. මොනවද දන්නවද මේ බඳුනේ තියෙන්නේ..හිතන්න බලන්න. නිතරම ඔබ ලඟම තියන මේ බඳුනේ තියෙන්න පුලුවන් මොනවද ?
Saturday, June 3, 2017
Friday, May 19, 2017
යුග යුග මියෙන අපරිමිත ජිවන සුවඳ රැඳි දැනුම....
සොයා පිළිසරණක් නොලැබ මා හව්හරණක් සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආවෙමි ඔබේ මුදු වදනක්.. එහෙත් ඔබ අප හැර මෙළොවින් සමුගෙන බොහෝ කල් බව මට පසක් වෙද්දි අතීතය සිහිනයක් පමණයි කියා සැනසීමට නොහැකි නිසාම මෙසේ ලියා තබන්නට සිතුනි....
Thursday, March 30, 2017
දරුවන් වෙනුවෙන් ඔබට රඟපෑ හැකි චරිත පහක්....
අද මම ලියන්න යන්නේ ඔබට ඔබේ දරුවන් සමඟ රඟපාන්න පුලුවන් චරිත පහක් ගැන. මේ ලිපිය "දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර" නමින් ලියූ ලිපිය සමඟ බැඳෙන අතර මේ චරිත 5 ගැන ලියන්න හේතුව තමයි ඔබ ඔබේ දරුවා සමඟ හැසිරෙන විදිහ ඔබෙත් දරුවගෙත් පෞර්ශය තීරණය කරන ප්‍රධාන සාධකයක් වීම. ඔබත් දරුවත් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්න ආකාරය මේ චරිත 5 ඇතුලේ රඟදක්වන්න හදාගන්න පුලුවන් නම් දරුවන්ට හරිම ලේසියි ඉගෙන ගන්න ජීවිතය. ඒ වගේම ඔබටත් විශාල පහසුවක් දැනේවී දරුවන් සමඟ වැඩ කරන්න අනවශ්‍ය විදිහට පීඩනයට පත් නොවි.
Thursday, March 16, 2017
මේ මම ය, අපි ය, ඔවුන් ය කියා වෙනසක් නැහැනේ....
########
මේ කොලමට ආරාධනා ලද මොහොතේ මම මට නීතියක් පනවා ගත්තා..ඒ මේ දිනවල යෙදී සිටින විවිධාකාර ලිවීමේ ඇනවුම් නිසි අයුරින් සංවිධානය කිරීමයි. ශාස්ත්‍රීය ලියවිලි අතර කොලමක් ලියන්න හුස්මක් අල්ලන්න ඕන. ඒ වැඩ මැද නවකතා, කෙටිකතා ලිවීමේදී කොලම් මිහිර ඉක්මවූ ආත්මීය සන්තෘෂ්ටියක් ලැබෙනවා. නමුත් මේ සැරසෙන්නේ අවුරුදු හතලිස් හතරක් පුරා මගේ සිතේ ලැගුම් ගත් විවිධාකාර හැඟුම් මී විතට කැඳවන්නයි.
ඇතැම් ගැහැනුන් හමුවුණේ පොත්වලින්. ඇතැමුන් ඒ ගැහැනුන්ට පණ දුන් කතුවරියන්. තවත් සමහරුන් පොතකින්වත් හමු නොවන අමුතු චරිත. අනෙක් අතට මගෙ ජීවිතයත් පොත් නිසා, මට පොතපතින් හමු වන ගැහැනුන් හා භෞතික ශරීර කූඩුවලට ගොණු වූ ගැහැනුන් අතර එතරම් වෙනසක් දැනෙන්නෙත් නැහැ.
Tuesday, February 28, 2017
දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර.
පිරිමි (සතෙක්) සහ ගැහැනු ( සතෙක්) ලිංගිකව එකතු වීමෙන් පසුව සිදුවන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගැහැනියගේ සිරුර තුල හැදි වැඩුනු නියමිත කාලසීමාවකට පසු එතෙක් ඒ ගැබ දැරූ ගැහැනිය විඳි සියලු වේදනා විදහා පෙන්වීමට මෙන් කෑගසා හඬාගෙන මව් කුසින් මෙළොවට බිහි වු ඒ එක්වීමේ අතුරු ප්‍රතිඵල විඳින නව ජීවියා නොහොත් දරුවා තමන් බිහි වීමට මුල් වු යුවළ සමඟ පළමුවෙනුත් ඉන් අනතුරුව තමන් අවට සිටින සියලු දෙනා හා සියලු දේ සමඟත් ඒ ඒ දරුවාට ආවේණිකව සම්බන්ධ වීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන එකිනෙකා හා සන්නිවේදනය අනු ගැටලු හතරකට කැටි කරන්නයි යන්නේ අද.. ඒ ගැටලු හතර මතකයේ තබාගෙන එක් එක් දරුවා පසු කරන සන්නිවේදන පියවර කතා කරීම තමයි අද ලිපියේ අරමුණ වෙන්නේ...
Monday, February 20, 2017
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.