Showing posts with label අත් හැරීම. Show all posts
Showing posts with label අත් හැරීම. Show all posts

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

Monday, July 27, 2020

මේ ගෙවී යන්නේ ඒ කාලයයි..

මගේ විවාහය මගේ අම්මා මොන තරම්  සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි  කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම   මා ඇගේ ඇස් දෙක මෙන්  විටෙක  සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ  හැසිරීම ආදරය යැයි  සිතා සිටියෙමි..

Tuesday, June 2, 2020

සුදානම..

අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...

Tuesday, May 12, 2020

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ..

සාමාන්‍යයෙන් උදේ නැගිටින මොහොතේ එදා දවසේ මොනව ද කරන්නේ කියා සැලසුමක් මගේ හිතේ නැහැ..එහෙම තියන දවස් අසාමාන්‍ය දවස්..

එදා දවසේ මොනවද කන්නේ, මොනවද කරන්නේ, නොකරන්නේ, අලුත් දෙයක් එහෙම නැත්නම් විශේෂ දෙයක් හදනව ද නැද්ද,කොහෙද යන්නේ නොයන්නේ.. මේ කිසිම දෙයක් නැති නැවුම් මනසක් තමයි උදේ  නැගිටිද්දි මට තියෙන්නේ..

Tuesday, March 31, 2020

අවසන් විනාඩි 45

පුතුගේ පාසලේ අවසන් විනාඩි 45 ගත වෙන්නේ හරිම සැහැල්ලුවෙන්, එක්කො මුලු පන්තියම සින්දුවක් දාගෙන ඕන තරම් හයියෙන් කෑ ගහලා පිස්සු  නටන, එහෙම නැත්නම් මුලු පන්තියම එළියට ගිහින් ගුරුවරයත් එකතු වෙලා සෙල්ලම් කරන, එහෙම නැත්නම් සරල විනෝදාත්මක විද්‍යාත්මක පරික්ෂණ අත්හදා බලන්න දෙන, එහෙමත් නැත්නම් තමන් කැමති දෙයක් තෝරගෙන කරන්න කියා හෝ මුකුත්ම කරන්න ඕන නෑ කියා  සම්පුර්ණ නිදහස  දෙන විනාඩි 45ක්..

Wednesday, November 14, 2018

ඇත්තද බොරු ද...

අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න ඉඩ නොදෙන කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි..

Tuesday, October 16, 2018

බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටි...

මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම්  ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ක්‍රමය ප්‍රායෝගිකව වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ හැමදාම..

Wednesday, September 26, 2018

සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන..

ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන එක..

Saturday, July 21, 2018

ඔබට අවශ්‍ය එකාධිපතියෙක් ද...

මගේ වයස 18 පහුවෙන විටම වාගේ අපේ අම්මට ඕන උනේ පවුලට ගැලපෙන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති උගත් උසස් රැකියාවැති කෙනෙකු සොයා සියලු නැදෑ හිත මිතුරන් ගෙන්වා මාව රූමත් දුටු දුටුවන් වශීකරවන මනාලියක් කර සතුටු කඳුලු හෙළමින් ගෙදරින් පිටත් කර ඇගේ හිතේ ඇති බර නිදහස් කර ගැනීම උනත් තාත්තා පුංචි කාලයේ පටන්ම මගේ කැමැත්තට වැඩි ඉඩක් වෙන කල නිසා එය සිදු උනේ නැහැ..

Tuesday, June 26, 2018

කඳුලින් ඇරඹි සිනාවෙන් අවසන් වූ HOMEWORK ....

ගිය අවුරුද්දේ මුලින්ම අපේ "දිලෙන හිරු" ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ හැම සතියෙම සඳුදට හම්බුනා homework පොතක්. එකේ තිබුනේ හරි සරල දේවල් 4 කරන්න.. සිකුරාදට ආපහු පොත දෙන්න ඕන. මුලදි HOMEWORK කරන්න කිව්වට කිසිම කැමැත්තක් තිබ්බෙ නැහැ..ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්න වැලක්.. ඒ ප්‍රශ්න වැලට උත්තර දුන්නට පස්සේත් "I don't want to do homework" කියන උත්තරේ තමයි ලැබෙන්නේ පුතාගෙන්...

Tuesday, June 19, 2018

අම්මයි මමයි...

පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..

Wednesday, June 13, 2018

ඔබට මොහොතකට වැටහුනාද..

මුදල්, සැප සම්පත්,අධ්‍යාපනය, අඩුවක් නැතුව කෑම බීම ඇතුලු සියලු දේ තිබුනත් මිනිස්සුන්ගේ තියන ප්‍රශ්න නම් අඩුවක් නැහැ..අත් හරින්න ඉගෙන ගන්නා තුරු කියා මට සිතේ.

Tuesday, June 12, 2018

ගැලපෙන්නේ නැති නම් ඇති වැඩකුත් නෑ .....

පහුගිය දිනවල පොඩි නිවාඩුවකට බ්‍රිස්බේන් ගිය වෙලාවේ නගරය පුරාම කහ කුරුල්ලෝ වගේ රවුම් යන මේ Lipton බයිසිකල් අපි ඉන්න නගරෙත් තියනවා නම් කියලා හිතුනට තැනිතලා පාරවල් වලට වඩා කඳු පාරවල් වැඩිපුර තියන මේ කඳුකරයට ගැලපෙන්නේ නැති නිසාම වෙන්න ඇති දකින්න නැත්තේ..

Monday, January 22, 2018

මවක් වීමට හිතන ගැහැනියක් නම් ඔබ....

දරු ගැබක් පිළිසිඳ ගත් ගැහැනියක් දිවි ඇති තුරා හිරේ වැටුනා හා සමානයි.. එතනින් එහාට තමන් තමන්ව අමතක කල යුතු තැන් මරණය තුරා හමු වනු ඇත... කලබල නොවී සාමකාමීව කිසිවෙකුට චෝදනා නොකර මැසිවිලි නොනඟා තමන්ගේ හිතට අවංකව ඒ කැපවීමට  සුදානම් නම් පමණක් දරුවන් බිහි කිරීම ගැන හිතන්න ඔබ ගැහැනියක් නම්.... 

Friday, December 29, 2017

අත හරින්නම බැරි තැන ඇති වන බැඳීම්...

නිදහස් සරල ජීවිතයක් සන්සුන්ව වින්දනය කරමින් ගත කරන්න තියන ලොකුම බාධකය තමයි මෙන්න මේ අත හරින්නම  බැරි තැන ඇතිවන බැඳිම් හරහා ජීවිතයේ මතු වන සංකීර්ණතා.. විහින් ඇති කර ගන්නා මේ සංකීර්ණතා නිසාම ජීවිතය දුකක් කරදරයක් මහා පටලැවිල්ලක්  ලෙස බොහෝ අය අර්ථ දක්වයි.. අත හරින්නම බැරි තැනදිත් ඔබ අත හැරියොත්.... 

Monday, November 6, 2017

සරල දිවියක රැඳි සුව අරුත විඳිනට....


සරල දිවියක රැඳි
 සුව අරුත විඳිනට 
පිනක් ඇති අය
 මේ නිල් අහස යට
කොයි ඉසව්වේ 
 ඉන්නවද හැබෑට
  කියා කියනවද
 දන්නා අයෙක් 
මෙමට....




Thursday, September 28, 2017

නිදහසේ පියාඹන්න අත්හරින්න.....


ඔබ කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනාට නිදහසේ ඉන්න දෙන්න.. ඔබෙන් මිදෙන්න ඔනේ නම් යන්න දෙන්න.. ඒ  වගේ යන්න දෙන්න වෙන වෙලාවක තමන් කල කැපවීම් වලට වන්දි ඉල්ලන්න පුලුවන් කිරලා මැනලා ආදරය කරන අයට විතරමයි...


ඔබේ ඕන එපා කම් කර ගන්න පමණක් කෙනෙක්ව ජිවිතේට ලන් කර ගන්නවට වඩා හොඳයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක... දෙදෙනා අතර ඇති වන නොගැලපීම් වලදි හැකිතාක් හිත් නොරිදවාගෙන විසඳුම් වලට යන්නත් පුලුවන් නම් ආදරය නොනැසී පවතිවී දෙදෙනා එක ලඟ නැති වුනත්...

Thursday, January 19, 2017

අපි කොහොමද සිත නිවා ගන්නේ...

සිත.. අපේ සිත තරන් කලබල තැනක්....සිත තරන් ගමන් යන කෙනෙක්.. සිත තරන් ඉක්මන් කෙනෙක්, කොහොමද අපි මේ සිත එක තැනක තියාගන්නේ, කොහොමද සිත එක තැනක තියාගන්න රහස් බෙහෙත වන "අත් හැරීම" පුරුදු කරන්නේ..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.