Sunday, October 1, 2017

උපතත් විපතත් අතර .....


මරණෙන් පසු මතු භවයක් ඇති බව විස්වාස කරන සමාජයක දික්කසාදයකට වඩා  කනවැන්ඳුම් වීම ගෞරවාන්විත වන්නේ කෙසේද... එක්කො මතු ඉපදීම බොරුවක්.. එහෙමත් නැත්නම් මිනිස්සු හැමදෙයම දකින්නේ තමන්ගේ වාසියට...  මේ සමාජ ආකල්ප පරස්පර  මිසක් කිසිම මිනිසෙකු වැරදිත් නැහැ හරිත් නැහැ..


සමාජයක ජීවත් වෙද්දි සිදුවන සිදුවීම වලදි සමාජයකට මුහුණ දෙන්න තමන්ගේ හිතේ ඇති වන අනියත බයවල් වලට පිළිතුරු හොයන්න විතරද ආගම් සිරිත් විරිත් සංස්කෘතිය තියෙන්නෙ..  මෙවැනි දේවල් වලට මුවා වි තවත් කෙනෙක්ගේ ජිවිතකයට බලපැම් කිරීමට කොහෙන්ද අයිතියක් කාට උනත්... මේ හැමදෙයකටම වඩා ජීවිතයක් වටින බවත්  සැහැල්ලු පීඩනයක් නැති මනසක් වටින බවත්  ඒ අනූව රටේ නිතී පද්ධතියත්   මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතු බවත්  කවදා මිනිසුන් වටහා ගනි ද මන්දා..

අනිත් එක නොදැක්ක නොදන්න මරණෙන් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හොය හොය ඉන්නවට වඩා වටිනවා කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේදි ඒ කෙනාගේ මනස සැහැල්ලුවෙන් තියාගන්න අනවශ්‍ය පීඩනයක් නොමැති  පරිසරයක් නිර්මාණය කිරීමට කාලය වැය කරන එක....


ප්‍රශ්නයකදි  හැමෝම  ඒ වගේ හිතුවොත් ටිකක් හදිස්සී නොවි තමන්ගේ වචන, හැසිරීම්  පාලනය කර ගන්නවා නම් විසඳුම් හොයා ගන්න පාරවල් පේන්න පුලුවන්.. වැහිලා තියන දොරටු දිහා බලන් ඉන්න කම් ඇරිලා තියන දොරටු අපිට පේන්නේ නැහැ...  තම තමන් ජීවිතය දකින විදිහ අනූව එකම ප්‍රශ්නේ වුනත් විසඳෙන්නේ එක එක විදි වලට..ඒ නිසා ජීවිතය යනු කුමක් ද යන්න වටහා ගැනීමට කාලය වැය කිරීම අන් හැම දෙයකටම වඩා වටිනා දෙයක් උපතත් විපතත් අතර  අපට කල හැකි...  

එවිට වැටහෙන ප්‍රධානතම කරුණක් නම් මේ බැඳිම් යනු ජීවිතයට අනවශ්‍ය කරදරයක් දුකක් සමහර වෙලාවට ප්‍රශ්න වැලක්  එක් කරන තවත් එක් සාධකයක් පමණක් බව... ආදරය කරන්න උදව් කරන්න  බැඳිම් අවම කරගෙන , බලාපොරොත්තු අවම කරගෙන , සිහින අවම කරගෙන , ජීවිතයේ අනියත බව කියන යථාර්තය වටහාගෙන..


කසාඳයයි දික්කසාඳයයි දෙකම මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් සංසිද්ධියන් , ආගම් ද එසේමය.. සිරිත් විරිත් ද එසේමය, සංස්කෘතිය සදාචාරය ද එසේමය..  මේ හැම එකක් අතරෙම අතීතයේ පටන් අද වෙනකන්ම  මනසින් උසස් යැයි කියා ගන්නා මිනිසුන් අතරමන් වී ඇත්තේ  ජීවිතයක් නිරවුල්ව ගත කිරිමට අපොහොසත් වී ඇත්තේ  මේ මිනිසා විසින්ම කාලාන්තරයක් තිස්සේ උපතත් විපතත් අතර නිර්මාණය කරගත් සංසිද්ධීන්, ආගම්, සිරිත් විරිත්, සමාජ ආකල්ප අසාර්ථක නිසා ද..

ජීවිත ගමනේ කුමන හෝ තැනක හිර වන  මිනිස් ජීවිත වලට  ඉතාම ආත්මාර්ථකාමී ලෙස මරණය (මනසින් හෝ)  තෝර ගන්න පාර කපන  සමාජයක ඇති පරස්පර  ආකල්ප සමාජය තුලින්ම ප්‍රතික්ශේප වී සතුටින් සැහැල්ලුවෙන් සිටින මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහි වේවි  ද...  


1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.