Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Tuesday, February 14, 2023

ඔබ දැක්කද

Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..

මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..

Saturday, March 28, 2020

වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම්

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන  නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්.. 

Monday, December 3, 2018

මෙසේ විය හැකි බව එසේ ලියා තැබුවෙමි...

ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්ය නැති මොහොතක.. ජීවිතය කොහොමත් දෙයක් අපිට ලබා දෙන්නේ අපිට ඕන වෙලාවට නොව ජීවිතයට ඕන වෙලාවට කියන එක කාලය දිහා ආපස්සට හැරි බලන විට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ..

Friday, October 19, 2018

තට්ටු කරන්නාට දොර ඇරේද...

මිනිසුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති වන විවිධ සබඳතා වලදි එක් එක් අයගෙන් තමන්ට වගේම අනුන්ට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද, නොවිය හැක්කේ මොනවාද යන්න අවම කාලයකින් වටහා ගැනීම බොහෝ වැරදි වටහා ගැනීම් වලින් වාද විවාද වලින් අපව ඈත් කරන හේතුවක් ලෙස මම දකිමි.

Tuesday, October 16, 2018

බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටි...

මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම්  ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ක්‍රමය ප්‍රායෝගිකව වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ හැමදාම..

Wednesday, September 26, 2018

සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන..

ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන එක..

Wednesday, August 29, 2018

ජීවිතය ඉතාම පහසු වීමට නම්...

ආදරය,කරුණාව වගේම අනෙකාට ගෞරව කිරීමට,තේරුම් ගැනීමට නොදන්නා මිනිසුන් (විශේෂයෙන් වැඩිහිටියන් කියා ගන්නා ආත්මාර්ථකාමී මානසික රෝගී ළඳරුවන්) ඔබේ ජිවිතයෙන් ඈත් කර දමන්න කිසිවිටක වෙන්න එපා පසුබට....

Monday, August 13, 2018

කට්ට නොකා තියන දෙයක් බෙදා හදාගෙන කමු ද...

කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක බෙදා හදාගෙන තියන දෙයක් කන්න නම් මම කවදත් එක පයින් ලෑස්තියි.. හැබැයි ඉතින් බෙදාගෙන කටු කන්න නම් කට්ටිය හොයා ගන්න හරිම අමාරුයි..

Thursday, July 26, 2018

සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..

සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..

Wednesday, July 25, 2018

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර....

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට )

Friday, July 13, 2018

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 2...

පුංචි අය එක්ක වැඩ කරන්න ඉගෙන ගනිද්දි භාවිතයට ගැනෙන න්‍යායන් ගැන ලියාගෙන යන දෙවෙනි ලිපිය අද..පළවෙනි ලිපියේ කතා කලේ පියවර 8කින් කෙනෙකුගේ ජීවිතය ගොඩ නඟා ගන්න හැටිනේ.. අද කියන න්‍යායේ කියවෙන්නේ පියවර 4කින් කෙනෙකුගේ උපතේ සිට වැඩිහිටි වයස දක්වා  බුද්ධිය වැඩෙන විදිහ ගැන..මේ ගැන පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ Jean Piaget..

Tuesday, July 10, 2018

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 1....

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..

Monday, July 9, 2018

ජීවිතයේ ඔබ යන මාවත් ඔබම තීරණය කරන්න....

ඔබට ආදරය කරන මිනිසුන්ගෙන් එක් කොටසක් ඔබට ඔබ වෙන්න මාවත් විවර කරන අතර තවත් පිරිසක් ඔබට ඔබ නොවෙන්න මාවත් විවර කරනු ඇත..මේ මාවත් දෙකින් කුමන මාවතේ ඔබ ගමන් කලද ආදරය අන්ධ බැවින් ඔබ යන්නේ අවදානම් ගමනකි..එබැවින් ඔබ යන මාවත් තීරණය කිරීම අන් අයට නොපවරා ඔබේ හදවතට සහ මොළයට ඒ වගකීම පවරන්න තරම් ඔබ නිර්භීත නම් අන්තිමේ ඔබට ඔබව අහිමි නොවනු ඇත..

Saturday, July 7, 2018

මං ආස මං වෙන්න....

අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න.  මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් නොගැලපීම් වලදී මට ඇහුණු වාර ගාණ වැඩියි..

Tuesday, July 3, 2018

නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද..

මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..

Monday, June 4, 2018

දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම කෙනෙක්...


මව්වරුන් දහසක් අතර ඇයද මවකි..
ඇය පසුපස උදේ හවස දිව යන
 පිළිවෙලක් නැති එහෙත් කිසිඳු අඩුවකුත් නැති
 කුඩා දරුවන් දෙදෙනෙකි..

Saturday, June 2, 2018

සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..

මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..

Saturday, May 12, 2018

සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..

ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම නෙමේ..)

Friday, April 6, 2018

තම ජීවිතය ගැන කළකිරේ නම් අනුනට බර පටවමු ද....


ගිහි ජීවිතය කලකිරී (නො)කියා පැවිදි වන අය (ඉතාම සුලුතරයක් හැර) තම මරණය තෙක් යැපෙන්නේ කාගෙන් ද.. තම යැපීම ගිහි ජීවිතය ගෙවන අයට බලෙන්ම බාර දී නේද ස්වකැමැත්තෙන් හෝ අන් අයගේ බලපෑම් මත ගිහි ජීවිතය   අතහැර යන්නේ.. දැන දැනම  තවත් කෙනෙකුගේ දාඩිය මහන්සියෙන් තමන්ගේ යැපීම පවත්වා ගන්න නම් ඇයි ගිහි ගෙය අත හැර යන්නේ..

Tuesday, April 3, 2018

මිනිස්සු තෝරා ගත් එක් තැනක් හෝ කෙනෙක් වෙනුවෙන් පමණක් ඕනවටත් වඩා වෙහෙසෙන්නේ ඇයි ?

මිනිසා කියන්නේ පරිණාමිකවම තමන් වෙනුවෙන් ගොඩ ගැසීම පුරුදු කරපු කෙනෙක් මිනිස් ජීවය පවත්වා ගන්න.. අනිත් ඕනම පණ ඇති/නැති දෙයක්/කෙනෙක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න පසුබට නොවන කෙනෙක්.. එනිසයි මිනිසා කියන සතා තවම පැවැතෙන්නේ..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.