Showing posts with label නිතීය. Show all posts
Showing posts with label නිතීය. Show all posts

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

Thursday, May 3, 2018

නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...

අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්.. (අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)

Wednesday, March 7, 2018

මිනිසා සුවඳයි මල සේ (ද) නුවණින් එළියයි හිරු සේ (ද)..

මිනිසුන් ජීවත් වන කිසියම් තැනක නීතිය සංස්කෘතික අංග වලින්, ආගම් වලින් (වගේම තව නොයෙකුත් දේවල් වලින්) වියුක්තව සෑම කෙනෙක්ම මිනිසෙක් පමණක් බව සිහියේ තබා ගෙන ස්වාධීනව හදා ගන්න මිනිස් දැනුම කාලය ශ්‍රමය වැය කරනවා මිසක් එක් එක් පුරවැසියා තම තමන්ට දැනෙන දේ අනූව නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වීමෙන් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට හැමෝම ආපස්සට යෑම කියන එක ඉතාම ඛේදනීය අතීතයකින් පසුවවත් මිනිස්සු ඉගෙන ගන්න ඕන බුද්ධිය මෙහෙයවා.. එයට මේ තරම් කල් යන්නේ හැඟිම් වලට වහල් වෙන බහුතරයක් නිසා පමණයි.

Saturday, February 17, 2018

සොරකම් කල පරම්පරාව....

කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති නමුත්  කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු   නිර්මාණය වී     නොතිබුන         අපි නොදන්නා   කාලයක      මිනිසුන් කියවීමට යොදා   ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත්  රූප... 


Thursday, February 8, 2018

නීති රීති තිබුනේ නැත්නම් මිනිස්සු මොන වගේ හැසිරෙයිද...

එදිනෙදා දකින දේවල් ගැන මට හිතෙන දේවල් ඉඩ ලැබෙන වෙලාවක කොහේ හරි ලියන්නේ හිත කියන තැන පිරිසිදුවට පිළිවෙලකට තියා ගන්න මම කැමති නිසයි..සිතුවිලි හිතේ පිරෙන එක නවත්වන්න බැරි නිසා මෙහෙම ටිකෙන් ටික හිතේ ඇති වන සිතුවිලි එළියට අරගෙන වැඩක් ගන්න පුලුවන් විදිහට ලියන එක දැන් මගේ පුරුද්දක් වෙලා..

Thursday, August 24, 2017

නීතිය තියෙන්නේ .......


1.  කටුකුරුන්ද සණස සභාපතිනියට හා ඇයගේ පස්‌ හැවිරිදි දරුවාට ඇසිඩ් ගැසූ හිටපු සභාපතිනිය රිමාන්ඩ්.


2. නීතිඥවරු විශාල පිරිසක්‌ සැකකාරියට ඇප ලබාදෙන ලෙස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

3.  ඇයි ඒ ?

නීතිය තියෙන්නේ නිවැරදිකරු රකින්න ද වැරදිකරු රකින්න ද නැත්නම් මුදල් ගනුදෙනු කරන්න ද  ?








ප. ලි: තමන්ට දෙයක් නොලැබුනාම තමන්ගෙම දරුවටත් ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නොවේ යැයි මට සිතේ...

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.