Friday, May 19, 2017

‍යුග යුග මියෙන අපරිමිත ජිවන සුවඳ රැඳි දැනුම....

සොයා පිළිසරණක් නොලැබ මා හව්හරණක්  සොයා  යන මං  නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආවෙමි ඔබේ මුදු වදනක්.. එහෙත් ඔබ අප හැර මෙළොවින් සමුගෙන බොහෝ කල් බව මට පසක් වෙද්දි අතීතය සිහිනයක් පමණයි කියා  සැනසීමට නොහැකි නිසාම මෙසේ ලියා තබන්නට සිතුනි.... 


එක් එක් වැඩිහිටි පරම්පරාව සමඟ අභාවයට යන ජිවිත දැනුම කොතෙක් ද කියා නිකමට ඔබ සිතා තියනවද කාලය සමඟ.. ඇයි මේ දැනුම් සම්බාරයක් හිමි මිනිසුන් නොමඟ යන්නේ.. ඇයි ඔවුන්ගේ මහා බරක් ඇති අත්දැකීම් යොදවා පරම්පරා පාලම නිසි ලෙස යා කර ගන්න බැරි වඩා හොඳ අතට..  පමණට වඩා මීවිතට කිට්ටු වීමත් වගකිම් සහගත ජීවන රටාවකින් මිදීමත්  නම් බාල පරම්පරාව ඉතා හොඳින් වැඩිහිටි පරම්පරාවෙන් දායාද කරගෙන ඇති අතරම මිනිසත්කමට වඩා මුදලට සහ අවස්ථවාදීව හැඟිම්  වලට වහල් වීමත් ඔවුන් පුරුදු උනේ කාගෙන්ද...



ඔබ මියෙද්දි සංවේගයක් දැනෙන්නේ ඔබත් සමඟ මියෙන ඔබේ මාහැඟි ජීවිත දැනුම අප අතරින් සඳහටම සමුගන්න නිසා බව ඔබ දන්නවද... ඔබත් සමඟ මියෙන ඒ මහා වටිනා ජීවිත පාඩම් ලියා තැබුවා නම්.... උපතත් විපතත් අතර කාලය අකුරු කරන්න සිතෙන්නේ මෙළොවට බිහිවන අයගෙන් කීයෙන් කීදෙනාටද...

2 comments:

  1. වැඩි හිටි පිරිසගේ හොඳ වැළලිලා යතී
    පොඩි පරපුරෙන් ඒ හොඳ ගුණ මැකී ඇතී
    පඩි යෙන් පඩිය දියුණුව සමගින්ම නිතී
    වැඩි විය යුතුය මිනිසත්කම සැමගෙ නිතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන පද වැලක් දුමින්ද...ස්තුතියි.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.