කෙනෙක් ජිවිතය නැති කර ගන්න තරම් මානසිකව වැටෙන්නේ, මොන තරම් දේවල් ලඟ තිබුනත් ජීවිතය කලුම කලු පාට වෙලා පේන්නේ කාගෙවත් වරදින් නෙමේ...
සමාජයක ජීවත් වෙද්දි ඒ ඒ පුද්ගලයට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් වලට එක
එක පුද්ගලයාගේ දරා ගැනිමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ වගේම එකම සිදුවීම
උනත් දෙදෙනෙක් අර්ථකතනය කරගන්න විදිහ දෙවිදිහක්.. ඒ සඳහා බලපානවා ප්‍රධාන
වශයෙන්ම කෙනෙක් කුඩා කල හැදුනු වැඩුනු පරිසරය, දෙමාපිය සම්බන්ධතා, ඇසුරු
කරන පිරිස, ඒ පුද්ගලයාගේ ජීවන පුරුදු වගේ සාධක..එකම පවුලේ දෙදෙනෙකු වුනත් හරිම වෙනස් එකම සිදුවීමට
මුහුණ දෙන විදිහ.. ඒ තමයි මිනිස් ස්වාභාවය..
එහෙම නැතුව කෙනෙක් එක පාරටම
ජීවිතය එපා වෙලා මැරෙන්න හිතන්නේ නැහැ.. කලක් තිස්සේ ගොඩ නැඟෙන මානසික
පීඩනයට නිසි පිළියම් නොලැබුනාම පුංචිම පුංචි දෙයකින් ජීවිතය කෙලවර කරගන්න
බොහෝ දෙනාගේ ජීවිත වලින් එළියට එන්නේ ආසන්නම හේතු පමණයි.. එහෙත් දිර්ඝ
කාලීන හේතු ඊට වඩා ගොඩක් වැදගත් වගේම, කෙනෙක් මානසිකව වැටෙන්න එක්
පුද්ගලයෙකු පමණක් ඉලක්ක කිරීම කියන වරද සමාජයක් තුළ නොවෙන්නත් මේ දීර්ඝ
කාලීන හේතු ගැන දැනුවත් වීම හරිම වැදගත්.. නැත්නම් කිසිම දෙයක් විමසා නොබලා
කරන කතා බහ තවත් ජිවිතයක් අකාලයේ මරණය වෙත ගෙන යාවී.

කිසියම් සිදුවීමකදි ඉවසීමෙන් බලා හිඳිමින් මින් මතුවට එවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමට කරුණු අවබෝධ කරගන්නවා මිසක් හතර අතේ එකිනෙකාට දොස් පැවරීමෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද..
No comments:
Post a Comment