Showing posts with label හැඟිම්. Show all posts
Showing posts with label හැඟිම්. Show all posts

Monday, June 1, 2020

කවදාවත් කියන්නේ නැහැ මම ...

අම්මා කෙනෙක් කියන්නේ දරුවන් හැම තප්පරේම මනැසේ (ඒ කියන්නේ දැක්කේ නැති උනත් ලඟ නැති උනත් හිත ඇතුලේ) තියා ගෙන ඉන්න හැකි කෙනෙක්..මේ හැකියාව නිසාම ඇයට ඇය අහිමි වෙන අවස්ථා මමත් මුහුණ දුන්න, මුහුණ දෙන හරි සුලබ දෙයක්..

Saturday, May 30, 2020

හදන එක වගේම (අත පුච්ච ගන්නේ නැතුව) ගලවන එකත් කලාවක්..

මේ සඳුදා පුරුදු විදිහට සතියේ දින පහම දරුවන් පාසල් යන්න පටන් ගත්තට වෙනදා වගේ දෙමාපියන්ට අවසරයක් නෑ පාසල පුරා ඇවිදින්න තියා ඇතුලටවත් යන්න..හැබැයි ඒ උදේට විතරයි..

හවසට වෙනදට පාසල අරින්න විනාඩි 45කට පෙර ඇරෙන ගේට්ටු දෙමාපියන්ට ඇරුනේ විනාඩි 15කට කලින්..ඊට කලින් එන්න එපා කිව්ව දේ නම් හැම දෙමාපියෙක්ම අකුරටම පිළිපඳින්න ඇති..ඒ වගේම නිසි පරතරය තියා ගන්නත් අමතක කලේ නැහැ කිසි කෙනෙක්.. හැබැයි ඒ පරතරය පවත්වා ගැනීම  එතරම් සාර්ථක නැහැ පාසල ඇරුනු පසු..

Sunday, September 23, 2018

මිනිසුන් බිලි ගන්නා දිය සුලි

මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ..

Sunday, July 22, 2018

පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද...

පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...

Tuesday, July 17, 2018

පහළට වැටෙන්න පෙර...

පහුගිය කාලේ එක් පෙර පාසැලකදි මට කරන්න තිබුනු පැවරුමකදි තිබුනා ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරන්න..(දරුවන් තෝර ගෙන කරන ඕනම පැවරුමකදි මුලින්ම දෙමාපියන් එක්ක කතා කරන්නම ඕන..එයාලගේ අවසරය ගන්නම ඕන..) උදේට මේ දරුවව එක්කන් එන්නේ අම්මා උනාට ආපහු එක්කන් යන්න එන්නේ තාත්තා..මම යන්නේ මගේ පුතාව ඉස්කෝලේ දාලා නිසා මට මුල ඉඳලම කතා කරන්න උනේ අම්මා එක්ක නෙමේ තාත්තා එක්ක..

Tuesday, June 19, 2018

අම්මයි මමයි...

පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..

Saturday, May 19, 2018

උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...

කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..

Wednesday, May 9, 2018

සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...

ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..

Tuesday, April 17, 2018

"බුදු හාමුදුරුවන් කියා ඇති දේවල් වෙනස් කරන්න අපිට බෑනේ.."

මිනිසුන්ව අභිබවා ගිය (සුපිරි) චරිත ආගම් වලින් මවා තියෙන්නේ ඇයි කියා සිතන විට මට සිතෙන්නේ, මිනිසුන් එකිනෙකා කෙරෙහි නොරිස්සුම් හැඟිම් වලින් වැඩ කරන නිසා කියලයි..

Monday, April 9, 2018

අළු යට සැඟවූ යොවුන්වියේ හැඟිම් නම් ගිනි කඳු තව දුරටත් සඟවමු ද.. නැතිනම් නිවා සිසිල් කරමුද..

යොවුන්වියේ හැඟිම් ගැන (පමණක් නොව පොදුවෙ හැඟිම් ගැන) සමාජයක් තුල බොහෝ විට කතා කෙරෙන්නේ කිසියම් වරදකාරි බවක් බලෙන් ඔබ්බවා මිස ඇත්ත ඇති සැටියෙන් දකිමින් නොවේ කියා මට බොහෝවිට සිතේ..

Thursday, April 5, 2018

මතක සටහන් අවදි කරවන ගීයක් වැනි සියවන සටහන...

පෙර පාසල් වියේ සිට 5වෙනි වසර දක්වා නර්තනයට වැඩි දස්කමක් සහ ආසාවක් දැක්වූ මා හට 6 වසරේදි පාසැලට බාර දෙන්න පැමිණි පියා විසින් තෝරා දී තිබුනේ සංගීතය බැවින් එදා සිට 11 වසර දක්වා පෙරදිග සංගීතය හැදැරුවේ විභාගයට මුහුණ දිමේ අරමුණින් නම් නෙමේ මම.. කොහොමත් මම දෙයක් (හදවතින්) ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ විභාගයකදි දැනුම මැන බැලිමේ අදහසකින් නෙමේ.. හුදෙක් ඒ ඉගෙන ගන්නා දෙය රසවිඳිමේ හෝ එදිනෙදා ජීවිතයේදි භාවිතා කිරීමේ අරමුණින් පමණයි..

Saturday, March 17, 2018

ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද....

යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම් 
නොයන් පුත ඒ මල් කඩා විසිරුවා
පයට පෑගෙන මල් පෙත්තක වුව 
සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමි
එමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...

Wednesday, January 31, 2018

හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..


ඔබට කෙනෙක් හේතුවක් ඇතුව හෝ නැතුව රිදවනවා නම්, එහෙමත් නැත්නම් කෙනෙක් ආත්මාර්ථකාමි විදිහට හැසිරෙනවා නම් ඒ පුද්ගලයා සමඟ ගැටීම නවතා නිහඬව හොයන්න ඒ පුද්ගලයාගේ අතීතය, ජීවත් වුනු පසුබිම් පරිසරය වටා ගෙතුනු ඒ පුද්ගලයාගේ ජීවන කතාව ඔබට හෙමින් විවෘතව නිගමන වලට එන්නේ නැතුව කතා කරන්න පුලුවන් නම් ඔබට දකින්න පුලුවන් වේවි බොහෝ හේතු ඒ හැසීරිමට...  

Friday, January 26, 2018

සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න...

ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම්  අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම.. 

Friday, December 22, 2017

ආදරය, කරුණාව, මඳ සිනහව, මෘදු වදන් වෙනුවට ඇයි වෛරය,අකරුණාව, රැවීම්, රළු වදන්...

මිනිසා ජීවත් වෙද්දි ගනු දෙනු කියන්නේ මිනිසා සමඟම ගමන් කරන අජීවි නමුත් මිනිස් ක්‍රියාකාරකම් එක්ක ජීවි යුගල පදයක් එහෙමත් නැත්නම් වචනයක්.. මේ ගනු දෙනු වලදි මිනිසාට ඉතා ඈත අතීතයේ ඉඳලම දෙනු වලට සාපෙක්ෂව ගනු ලැබිලා නැති නිසාම ද මන්දා පරිණාමයෙදි ගනු ලබා ගන්න විවිධ ක්‍රම මිනිසා භාවිතා කරන්නේ දෙනු වලදි.. 

Thursday, February 2, 2017

සිහිල් පවන් රැල් ද.. එහෙමත් නැත්නම් ගිනියම් සුසුම් රැල් ද...

අපි මෙලොව එළිය දකින්නේ හැඟිම් දැනීම් දැනෙන එහෙත් දැනෙන හැම හැඟිමක්ම වෙනත් කෙනෙකුගෙන් යැපෙමින් තෘප්තිමත් කරගන්න ජීවියෙක් විදිහට (ද). අපි අපිට දැනෙන බඩගින්න කියන හැඟිම කෑගහලා අඬලා අවට ඉන්න අයට කියනවා.. නිදිමත කියන හැඟිමත් ඒ වගේ..එතකොට අපිට දැනෙන සතුදායක හැඟීම් අපි කියන්නේ හිනා වෙලා..එහෙට මෙහෙට අපේ පුංචි අත් පය හසුරවලත් අපි අපිට දැනෙන හැඟිම් අනිත් අයගෙන් තෘප්තිමත් කරගන්න කරන්නේ ලොකු උත්සහයක්..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.