අපි
හැමෝම මව්කුසින් මේ ලෝකේට ආව පළමු මොහොතේ ඉඳලම මුහුණ දෙන්නේ අනපේක්ෂිත
සිදුවීම වලට.. අපි වගේම අපේ අවට ඉන්න අයත්..මේ සදා නොවෙනස් අනපේක්ෂිත
සිදුවීම් වලට මුහුණ දීලම තමයි අපි ඒ සිදුවීම් ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට
පත් කර ගන්නේ.. ඒ කියන්නේ මේ සිදුවීම් වලට මුහුණ නොදෙන කෙනෙක් කවදාවත් ඒ
සිදුවීම් සාමාන්‍යකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නේ නැහැ..එහි
බලපෑම මොන වගේ ද කියන එක ඔබට සිතන්න ඉතුරු කරමි..ඉතින් මේ විදිහට
මමත් ඉපදුනු දා ඉඳලා එක එක විදිහේ අනපේක්ෂිත සිදුවීම වලට කෙලින් හැංගෙන්නේ
නැතුව මුහුණ දෙමින් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගනිමින් ගෙවාගෙන එන ජීවිතේ
පහුගිය ඉරිදා කියන්නේ මින් ඉහත ජිවිතයේ කිසිදිනක මුහුණ නොදුන් මුහුණ දෙන්න
වෙයි කියාද කිසිවිටක නොසිතු සිදුවීමකට මුහුණ දුන් දවසක්..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label හදිසි අනතුරු. Show all posts
Showing posts with label හදිසි අනතුරු. Show all posts
Sunday, September 2, 2018
Thursday, June 28, 2018
ඒක තමා පුතේ මේ ලෝකේ හැටි..
සමාජයක ජීවත් වන එක් අයකුගේ ගැටලුවක් සහ ඒ ගැටලුව නිසා ඇති වන ප්‍රතිඵල (ධන හෝ සෘණ) ඒ කෙනාගේ පමණක් ද..
Friday, May 4, 2018
හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...
Monday, December 4, 2017
මේ "කූඹියෝ" කොහෙද දුවන්නේ...පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ....
මේ "කූඹියෝ" කොහෙද මේ දුවන්නේ... පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ
වගේ.... අඩුම තරමේ ඒ මනුස්සයාව එතනින් ඉවත් කරනකම්වත් නවතින්න හිතක් නැති
"කූඹි" රැළක්.....
Monday, October 2, 2017
හදිසි අනතුරක්...පාඩම් ගොඩක්...
මම ජීවත් වන නගරයේ අවුරුදු කීපයකට කලින් පාසැල් ගේට්ටුවක් ලඟ සිදුවුනා හදිසි අනතුරක්... අපේ ගේ තිබුනේ පාසැලින් එහා පාරේ, පෙනෙන දුර... නමුත් මේ අනතුර වෙලාවේ මිනිසුන් එතන රැස් වුනේ නැහැ.. පුලුවන් තරම් ඉක්මනින් කුඩා දරුවන් ඇතුලු සියලුම දෙනා ඒ සිදුවුන ස්ථානයෙන් ඉවත් කෙරුනා.. කිසිම කෙනෙක් ඒ උපදෙස් වලට පිටින් ගියේ නැහැ.. පාරේ අනිත් පැත්තේ හිටි අපි කිසියම් බරපතල දෙයක් සිදුවී ඇති බව දැන ගත්තේ පොලිස් සයිරන් නලා හඬින් සහ හෙලිකොප්ටර් යානක් එක තැන වටේට යන සද්දය නිසා.. කෙසේ නමුත් සිදු වෙලා තිබුනු අනතුර සිදුවූ කිසිම කෙනෙකුගේ ඡායාරුපයක් හෝ අනතුරේ ඡායාරුපයක් හෝ අපි දුටුවේ නැහැ ඒ තරන් ලඟ ඉඳලත්, කිසිම මාධ්‍යයකින් එහෙම ඡායාරූප පෙන්නුවෙත් නැහැ දන්න තරමින්..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.