Tuesday, October 24, 2017

ආඩම්බරයි පුංචි දුවේ නුඹ ගැන හුඟක්.. ආදරෙයි නුඹට මම හුඟක්....

ඊයේ Kindergarten පුංචි දියණියක් කොලාජ් ක්‍රමයට කරන්න තිබුනු අත් වැඩක් කරද්දි හරිම පරිස්සමින් පුංචි පුංචි කොළ කෑලි ඉරා ගෙන කරනවා දැක්ක මම ඇයගෙන් ඇහුවා "ඇයි ඔයා ඔය තරම් පුංචි කෑලි ඉරන්නේ, ලොකු කෑලි ඉරුවා නම් ඉක්මනට ඉවර කරන්න පුලුවන්නේ කියලා..." කියලා. ඇය මගේ  මූණ දිහා බලලා දුන්නු උත්තරේ හිතන්න පුලුවන්ද ඔයාලට... ඇය මට කිව්වේ, 


"I dont like to waste papers , then I can save more papers to my friends "


මේ වැඩිම උනොත් අවුරුදු 6ක පුංචි දියණියක්... මේ දියණිය හිටපු මේසේ තව ගොඩක් කොළ පන්තිභාර ගුරුතුමිය තියලා තිබුනා එක එක පාටින්.. ඒත් ඇයවත් ඒ මේසේ වැඩ කරපු එකම එක දරුවෙක්වත් ඒ කොළ නාස්ති කලේ නැහැ...දෙමව්පියො උන අපි යන්නේ ගුරුතුමියට උදව් කරන්න..


ආදරෙයි පුංචි දුවේ නුඹට මම හුඟක්
රැගෙන යන්න නුඹේ ඔය අදහස්  ගොඩක්
වැඩෙන විට කාලයත් සමඟ  නුඹ හුඟක්
ආදරේ ලැබෙනු ඇත නුඹට මහ හුඟක්
ලොවේ කිසි තැනක නෑ නුඹට වරදින්නට ඉඩක්....




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.