මම ජීවත් වන නගරයේ අවුරුදු කීපයකට කලින් පාසැල් ගේට්ටුවක් ලඟ සිදුවුනා හදිසි අනතුරක්... අපේ ගේ තිබුනේ පාසැලින් එහා පාරේ, පෙනෙන දුර... නමුත් මේ අනතුර වෙලාවේ මිනිසුන් එතන රැස් වුනේ නැහැ.. පුලුවන් තරම් ඉක්මනින් කුඩා දරුවන් ඇතුලු සියලුම දෙනා ඒ සිදුවුන ස්ථානයෙන් ඉවත් කෙරුනා.. කිසිම කෙනෙක් ඒ උපදෙස් වලට පිටින් ගියේ නැහැ.. පාරේ අනිත් පැත්තේ හිටි අපි කිසියම් බරපතල දෙයක් සිදුවී ඇති බව දැන ගත්තේ පොලිස් සයිරන් නලා හඬින් සහ හෙලිකොප්ටර් යානක් එක තැන වටේට යන සද්දය නිසා.. කෙසේ නමුත් සිදු වෙලා තිබුනු අනතුර සිදුවූ කිසිම කෙනෙකුගේ ඡායාරුපයක් හෝ අනතුරේ ඡායාරුපයක් හෝ අපි දුටුවේ නැහැ ඒ තරන් ලඟ ඉඳලත්, කිසිම මාධ්‍යයකින් එහෙම ඡායාරූප පෙන්නුවෙත් නැහැ දන්න තරමින්..


ප.ලි. : අනතුර සිදුවී තුබුනේ අත්වැරදීමකින් බ්රේක් එක වෙනුවට accelator පෑගීමෙන් ඒ අසලින් ගමන් කල කුඩා දරුවන් කිහිප දෙනෙක් වාහනයට යට වීම, ඒ වාහනය ඇතුලෙත් ඉඳලා තිබුනේ කුඩා දරුවන් කීප දෙනෙක් එක්ක අම්මා කෙනෙක් විතරයි..
බුදු දහමේ මූලික හරය වන "අත් හැරීම" තියෙන්නේ කොහෙද නැත්තේ කොහෙද කියන එක තීරණය කරන්න ඔබට බාරයි.. ඒ වගේම යම් දෙයකට කල් පවතින පිළිතුරක් හොයා ගන්න යන්න ඕන පාරත් තීරණය කරගැනීම ඔබට බාරයි
බුදු දහමේ මූලික හරය වන "අත් හැරීම" තියෙන්නේ කොහෙද නැත්තේ කොහෙද කියන එක තීරණය කරන්න ඔබට බාරයි.. ඒ වගේම යම් දෙයකට කල් පවතින පිළිතුරක් හොයා ගන්න යන්න ඕන පාරත් තීරණය කරගැනීම ඔබට බාරයි
මට මතකයි මේ වගේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන හදපු ඉංග්‍රීසි ෆිල්ම් එකක්. ඇය මවක්. ආදර්ශවත් මවක්. ඇගේ දුවගේ වයසේම දරුවෙක් අත්වැරැද්දකින් වාහනේට යටවෙලා මිය යනවා. ඇය පුදුම සටනක් දෙනවා මානසිකව. එතැනදී නම් මිනිස්සු හෙව්වා ඒ කවුද කියල...
ReplyDeleteමාධ්‍ය කියන්නේ ( අපිත් එක්තරා මාධ්‍යක් තමයි. TV , රේඩියෝ , පත්තර වලට වඩා ප්‍රභලයි සමහර වෙලාවට) මොනවද කියලා තේරුමක් තියේ නම්....
මෙතනදිත් සිදුවීම වූ පවුල් දෙකේ ලඟම අය දන්නවා ඇති කවුද ඒ කියලා.. නමුත් පස්සෙන් පන්න පන්න කාටවත් මානසිකව වද දුන්නේ නැහැ...
Deleteඅද මගේ දරුවා යන්නේ මේ පාසැලට.. අදටත් හැම සතියකම අවසානයේ තියන රැස්වීමේදි මේ ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන කතා කරනවා කිසිම කෙනෙක් වැරදිකරුවන් නොකර.. ඒ ක්‍රියාමර්ග ගැන දැනුවත් දරුවන් ඇගයීමට ලක් කරනවා එතනදීම..
ඔව් ලිඛිතා , හරියට තේරුම් ගන්නවා නම්...