Saturday, December 9, 2017

පුස් වෙඩි නොවි නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න..



මිනිස්සු ඇතුලේ ජිවත් වන මිනිස්සු මරා දමන්නේ මිනිස්සුන්මයි..එවැනි තැනකට මිනිසෙක් පත් වන්නේ කෙසේද... ඒ වගේම ඇයි මිනිස්සු කුනුහරුප එහෙමත් නැත්නම් අසභ්‍ය වචන කියන්න පෙළබෙන්නෙ අදහස් දැක්වීම් වලදි.. ඇයි සමාජගත වෙලා තියෙන්නේ අසභ්‍ය  වචන කියන අය තමයි "පොරවල්" කියලා.. මට නම් හිතෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ගත යුත්තක් නැහැ කියලයි.. නිකන්ම නිකම් පුස් වෙඩි..  

නොයෙකුත් පෞර්ශ දුර්වලකම් මනාව විදහා පෙන්වන මෙවැනි අවස්ථාවන් මට නම් පෙනෙන්නේ තමන් ජිවිතේ විඳපු කටුක අත්දැකීම් උගුරට හොරා බෙහෙත් බොන වෙලාවක් කියලා.. එහෙමත් නැත්නම් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ වගේ..  එහෙමත් නැත්නම් පුහුල් හොරා කරෙන් දැනේ වගේද..  එහෙමත් නැත්නම් බෙරේ ඇතුලත හිස් වගේ... සද්දේ විතරයි.. එවැනි අය සතුටක් ලබන්නේ මොන තරම් පසුගාමි ක්‍රමයකින් ද... අන් අයව නිකරුනේ පහත් කරමින්  විදහා දක්වන්නේ තමන්ගේම පහත් බව නොවේද...

මම අත්දැකලා තියන විදිහට අනිත් අයටත් ඉඩ දෙන  මනුශ්‍යත්වයට  ගරු කරන ඉදිරිගාමි මිනිසුන් වැඩියෙන් සිටින, මඳක් හෝ පහසුවෙන් ජීවිතයට මුහුණ දුන්  පරිසර වල  හැදුනු සමාජයෙන් යම් පිළිගැනීමක් ලැබු අය හිතා මතාම අදහස් දැක්විම් වලදි අසභ්‍ය වචන භාවිතයෙන් වැලකි සිටින්නේ, ඔවුන් අසභ්‍ය වචන  නොදන්නා නිසා නෙමේ. ඒ වගේම ඔවුන් මිනිසා ඇතුලේ ඉන්න මිනිසා මරා දමන්න දායක වෙන්නෙත් අඩුවෙන්.. ඔවුන් කැමැත්තෙන් තෝරා ගැනීමක් සිදු කරලා තියෙන්නේ ඊට වඩා සදාචාරසම්පන්න ලෙස තම අදහස් දැක්විම් ඉදිරිපත් කරන්න තරම් දියුණු මනසක් ඇති අය නිසා කියලයි මට නම් හිතෙන්නේ.. ඒ කියන්නේ පුස් වෙඩි නෙමේ ඇත්තම ඇත්ත වෙඩි..බැටලු හම් පොරව ගත්ත සිංහයෝ නෙමේ.. ඇත්තම ඇත්ත සිංහයෝ..ඇත්තටම පරිණත උපේක්ෂාවෙන් ජීවිතය දැකිය හැකි මිනිසුන්...

ඔබ කුමන ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් කෙනෙක් වුවත් ඔබ ඇතුලේ ජීවත් වන මිනිසාට මිය යන්න ඉඩ දෙන්න එපා.. එය ඔබේ වගකීමක් ඔබත් ඔබේ වටපිටාවේ ඉන්න අයටත් සතුටින් සැහැලුවෙන් ජීවිතය මිය යන දිනය වෙනතුරු ජීවත් වෙන්න සැනසිල්ලෙන්... ඉතින්  සමාජයේ ජීවත් වන විවිධ මිනිසුන් වටහාගෙන බලාපොරොත්තු අඩු කරගෙන ස්වාධීනව  පුස් වෙඩි නොවී නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න..




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.