මේ
දවස් වල මගේ බදාදා දවසේ උදේ 9 ඉදන් හවස 3 වෙනකම් ගත වෙන්නේ 1 වසරේ දරුවන්
එක්ක..ඒ ගැන වැඩි විස්තර කියන්න කලින් මීට වසර කීපයකට කලින් මම මාරු කලා
එතෙක් මම ඉගෙන ගත්ත සහ රැකියාව කල විෂය.. එහෙම කලේ මට ඕන උනා මේ අලුත්
පරිසරයේ පුතාව එක්කන් යන්න ඕන මොන වගේ පාරවල් වලද කියලා කල් තියා දැන
ගන්න, මොකද දැන ගියොත් නේ කතරගම යන්න පුලුවන්.. නොදැන ගියොත් අතරමඟ..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts
Wednesday, June 20, 2018
Saturday, May 12, 2018
සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..
ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු
කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක
ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන
ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම
නෙමේ..)
Sunday, March 4, 2018
මිනිස්සු ඉගෙන ගන්නේ ඇයි...
මගේ පුතා එක එක කාලේට එක එක විදිහේ ප්‍රශ්න අහන ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට තාර්කික ප්‍රශ්න හරි උත්තර හරි දීල අපිව හිතන්න පොළබවන්න හරි දක්ෂයෙක්.. දවසක් අහනවා ඇයි අපි ඉස්කෝල යන්නේ කියලා.. ඉගෙන ගන්න කිව්වම අහනවා ඇයි ඉගෙන ගන්නේ කියලා..
Wednesday, February 7, 2018
මොකාද මේ මිනිහා.....
සාමාන්‍ය අධ්‍යාපනය ලබන අතරෙම පුලුවන් නම් ඔබේ දරුවන් යොමු කරන්න "මිනිසා" ගැන ඉගෙන ගන්න.
"මිනිසා" කියන්නේ කවුද,
"මිනිසා" හැසිරෙන්නේ කෙසේද ,
"මිනිස්" හැසිරීම් ගොඩ නැඟෙන්නේ කෙසේද,
"මිනිස්" ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද,
"මිනිසාගේ" බාහිර ශාරිර අවයව හරහා කියවෙන භාෂාව කියවන්නේ කොහොමද,
"මිනිස්" ජීවිත බිහි වෙන්නේ කොහොමද,
"මිනිස්" මොළය එක එක වෙලාවට එක එක විදිහේ චරිත රඟපාන්නේ කොහොමද ඒ ඇයි,
"මිනිසාට" කතා කිරීමේ හැකියාව සිතීමේ හැකියාව ලිවීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද, මොකටද...
"මිනිසා" කියන්නේ කවුද,
"මිනිසා" හැසිරෙන්නේ කෙසේද ,
"මිනිස්" හැසිරීම් ගොඩ නැඟෙන්නේ කෙසේද,
"මිනිස්" ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද,
"මිනිසාගේ" බාහිර ශාරිර අවයව හරහා කියවෙන භාෂාව කියවන්නේ කොහොමද,
"මිනිස්" ජීවිත බිහි වෙන්නේ කොහොමද,
"මිනිස්" මොළය එක එක වෙලාවට එක එක විදිහේ චරිත රඟපාන්නේ කොහොමද ඒ ඇයි,
"මිනිසාට" කතා කිරීමේ හැකියාව සිතීමේ හැකියාව ලිවීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද, මොකටද...
Saturday, November 4, 2017
කුලියාපිටිය සහ ශිෂ්‍යත්වය....කතාකරන වෙදකුරු....
ලංකාවේ
විතරක් නෙමේ ලංකාවෙන් එළියට ආපු බහුතරයක් වෙන රටවල් වලදිත් හැසිරෙන්නේ
මෙහෙම තමයි ගොඩක් විට..ඉගෙන ගෙන ලොකු මිනිහෙක් වෙලා සල්ලි හම්බ කිරීම මිසක්
හොඳ මිනිහෙක් වෙලා අනිත් අයට උදව් කරන සංවේදි මිනිහෙක් කරන්න උනන්දු වෙන
අය හරිම අඩුයි.. මට හිතෙන්නේ මේක එන්නේ ජාන වලින්ම වෙන්න ඇති.. එකිනෙකා
පරදවන්න මිසක් එකතු වීමක් දකින්න හරිම අමාරුයි. එක් කෙනෙකුගෙ සාර්ථකත්වය අනිත් කෙනාට දරන්න බැ.. ඒ කෙනාට ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්න..
ලංකාවේ
සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ වැඩියෙන්ම අසාධාරණයට පත් වන්නේ ඉතාම දක්ෂ
බුද්ධිමත් දරුවන් කියායි මට හිතෙන්නේ.. ඔවුන් ඇතුලේ ජීවත් වන සංවේදි
ජීවීයාට එළියට එන්න ඉඩක් ලැබෙන්නේම නැහැ
ලකුණු පසුපස නොව දැනුම පසුපස හඹායන දරුවන් බිහි කරමු එකමුතුව, තමන් දන්න
දේ අන් අයට ලෝබ නැතුව කියා දෙන, අන් අයව අගය කරන, අන් අයගේ සාර්ථකත්වයට
ඉරිසියා නොකරන, තමන්ගෙ අඩු පාඩු පිලිගෙන ඒවා සඟවා නොගෙන හදා ගැනීමට තරම්
නිහතමානි දරුවන් බිහි කරන්න ඕන වෙන්නේ එවැනි ආකල්පමය වෙනසක් ඇති දෙමාපියන්
වැඩිහිටියන් පමණයි.. මෙතැන් සිට උපුටා ගැනීමකි...
Monday, October 9, 2017
අද උදෑසන දුටු රැකියාවෙන් "ජීවිතය" සිර නොවූ ගුරුවරියන්
මේ මගේ පුතා යන ප්‍රාථමික පාසලේ ගුරුවරියන් කිහිප දෙනෙක්.. මේ පන්ති වල ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කලින් මං හිතුවේ මේ ගුරුවරුන් හරිම නිදහස් හරි සැහැල්ලුවෙන් දවස පුරාම සිනා මුසු මුහුණින් ඉන්න නිසා කරන්න තියන්න වැඩත් ඒ තරන් බරපතල නැතුව ඇති කියල.. ඒත් දවසක් දෙකක් ඒ අය එක්ක වැඩ කරද්දි තමයි තේරුනේ මොන තරන් සංකීර්ණද කියලා කරන්න තියන වැඩ.. දරුවන්ගේ කාලය ගෙවෙන්නේ කිසිම පීඩනයක් නැති විනෝදෙන් දැනුම හොයා ගෙන යන්න පුලුවන් විදිහකට.. එහෙම හදන්න මේ දවස පුරා හිනාවෙවි ඉන්න ගුරුවරු ගන්න මහන්සිය කොයි තරම් ද කියන එක වචනයෙන් කියන්න අමාරුයි තමන්ගේ හැඟිම් පාලනය කරගෙන....
Tuesday, August 1, 2017
බලන්න ඔබේ නොපෙනෙන අරුම පුදුම "බඳුන" පිරිල ද හිස් ද ?
අද මම කියන්න යන්නේ ඔබත් සමඟ ඉපදුනු දා සිට ගමන් කරන අරුම පුදුම බඳුනක් ගැන. මේ බඳුන ඔබට වගේම ඔබ අවට ඉන්න හැමෝටමත් හරිම වැදගත්.. මොනවද දන්නවද මේ බඳුනේ තියෙන්නේ..හිතන්න බලන්න. නිතරම ඔබ ලඟම තියන මේ බඳුනේ තියෙන්න පුලුවන් මොනවද ?
Thursday, March 30, 2017
දරුවන් වෙනුවෙන් ඔබට රඟපෑ හැකි චරිත පහක්....
අද මම ලියන්න යන්නේ ඔබට ඔබේ දරුවන් සමඟ රඟපාන්න පුලුවන් චරිත පහක් ගැන. මේ ලිපිය "දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර" නමින් ලියූ ලිපිය සමඟ බැඳෙන අතර මේ චරිත 5 ගැන ලියන්න හේතුව තමයි ඔබ ඔබේ දරුවා සමඟ හැසිරෙන විදිහ ඔබෙත් දරුවගෙත් පෞර්ශය තීරණය කරන ප්‍රධාන සාධකයක් වීම. ඔබත් දරුවත් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්න ආකාරය මේ චරිත 5 ඇතුලේ රඟදක්වන්න හදාගන්න පුලුවන් නම් දරුවන්ට හරිම ලේසියි ඉගෙන ගන්න ජීවිතය. ඒ වගේම ඔබටත් විශාල පහසුවක් දැනේවී දරුවන් සමඟ වැඩ කරන්න අනවශ්‍ය විදිහට පීඩනයට පත් නොවි.
Tuesday, February 28, 2017
දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර.
පිරිමි (සතෙක්) සහ ගැහැනු ( සතෙක්) ලිංගිකව එකතු වීමෙන් පසුව සිදුවන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගැහැනියගේ සිරුර තුල හැදි වැඩුනු නියමිත කාලසීමාවකට පසු එතෙක් ඒ ගැබ දැරූ ගැහැනිය විඳි සියලු වේදනා විදහා පෙන්වීමට මෙන් කෑගසා හඬාගෙන මව් කුසින් මෙළොවට බිහි වු ඒ එක්වීමේ අතුරු ප්‍රතිඵල විඳින නව ජීවියා නොහොත් දරුවා තමන් බිහි වීමට මුල් වු යුවළ සමඟ පළමුවෙනුත් ඉන් අනතුරුව තමන් අවට සිටින සියලු දෙනා හා සියලු දේ සමඟත් ඒ ඒ දරුවාට ආවේණිකව සම්බන්ධ වීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන එකිනෙකා හා සන්නිවේදනය අනු ගැටලු හතරකට කැටි කරන්නයි යන්නේ අද.. ඒ ගැටලු හතර මතකයේ තබාගෙන එක් එක් දරුවා පසු කරන සන්නිවේදන පියවර කතා කරීම තමයි අද ලිපියේ අරමුණ වෙන්නේ...
Monday, February 20, 2017
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.