Tuesday, November 21, 2017

කුරුල්ලනේ නුඹලා ගී හැදුවද හදපු ගී ගැයුවද... ..නුඹලාට ගී හදන්න ගයන්න මිහිරි හඬ ඉල්ලා හිටි ප්‍රේමණීය හඬ අද නිහඬ වුනත්..



තමා ලියූ පද වැල්ම නිර්මාණයට පාදක උනු අවට පරිසරයම කණපිට පෙරළා කාලෙන් කාලෙට තමන්ගේ හිතට දැනෙන හැඟිම් ගීයෙන් කවියෙන් එළි දක්වා තම හදවතේ තෙරපෙන හැඟිම් කාටවත් නොරිදවා පිට කරන්න උත්හස කරපු  අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි ගන්නා නොමිනිසුනි..... නුඹගෙ හිත දැඩි උනේ කොහොමද නුඹ වැනිම තවත් මිනිසෙකු මරා දමන්න මෙතරම් කුරුරු ලෙස.. ඒ මිනිසා නුඹට කල වරදවත් පැවසුවාද නුඹ ඔහු මරා දමන්න මොහොතකට කලින් හෝ.. නුඹට ඉවසීමක් තිබුනේ නැද්ද ඒකටවත්...

නුඹට කවුද දුන්නේ අයිතියක් නුඹ වැනිම මිනිසෙක් මරා දමන්න කිසිම හේතු  දැක්වීමකින් නොමැතිව... අයිතියක් නැද්ද මිනිසෙකුට ඔහු මරා දමන හේතුව දැන ගන්න, කොහෙද නුඹේ හෘදසාක්ෂිය තිබුනේ ඒ මොහොතේ... තුවක්කුවක් අතට ලැබුනම තමන්ගේ මනුස්සකම අමතක කරන්න පුලුවන් නුඹ ඇයි නුඹටම වෙඩි තියා ගත්තේ නැත්තේ....





2 comments:

  1. හම්මේ ප්‍රේම් ! මගේ ප්‍රියතම!!!

    :-(

    ReplyDelete
    Replies
    1. //හම්මේ ප්‍රේම්//

      Frame නොවූ ප්‍රේම්.....

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.