හොරෙක් සහ කවියෙක්
"මං මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළට එබී බලල, ඒ ජීවිත ලබන අත්දැකීම් මගේ
අත්දැකීම් කරගෙන, මං ඒවා නිර්මාණ බවට පෙරලුව. මං උඹලගෙ ජීවිත ගැන
ලිව්වා...හොරකම පාපයක් කියනවට වඩා මිනිහෙක් හොරෙක් වෙන්නෙ ඇයි කියල
ලිව්වා...මහපාරෙ වැඩකරන මිනිස්සු ගැන... වීදිවල බඩගින්නනට අඬන දරුවො ගැන...
ජීවත්වෙන්න ඇඟ විකුණන ගෑනු ගැන... දූෂණය භීෂණය ගැන.... යුද්දෙන් මැරෙන
මිනිස්සු ගැන... මේ හැම ජීවිතයක් තුළින් ලබපු අත්දැකීම්වලින් මං කවි
ලිව්වා... ඊට පස්සෙ මං කවියෙක් බව මට දැනුණා... මං හොරකම් කළේ ඒ මිනිස්
ජීවන අත්දැකීම්.. ඒවාවලින් පොත් ලිව්වා.. පත්තරවලට ලිව්වා.. සමාජගත කළා..
සම්මන්ත්‍රණ පැවත්තුවා.....”
හොරා කවියාගේ වාග් ශෛලීයට අවනතව සිටියේය. ඒ සුමට බව ඔහුගේ රළු ගොරහැඬි
සිත තුළ සිසිල් දියදහරාවක් සේ ගලා ගියේය. කලකින් ඇසූ මිහිරි ගීයක් සේ සවන්
තුළට කිඳා බැස්සේය.