Showing posts with label සන්නිවේදනය. Show all posts
Showing posts with label සන්නිවේදනය. Show all posts

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

Tuesday, February 14, 2023

ඔබ දැක්කද

Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..

මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..

Tuesday, August 11, 2020

මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

වයසින් වැඩුනු මනසින් නොවැඩුනු පිරිමියෙකුගේ පෞර්ශ ගැටලු වලදි තනි නොකර, සඟවන්නේ නැතුව  උදව් ලබා දීම වරදක් ලැජ්ජාවක් ලෙස සලකන්නේ ඇයි..ඇයි එවැනි පිරිමින්ගේ නොගැලපෙන ක්‍රියා හැම විටම සාධාරණීයකරණය කර සඟවන්න  උත්සහ ගන්නේ, මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

Saturday, July 25, 2020

රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..

පුතු පිළිසිඳ ගත් දා පටන්  අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත්  ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..

Tuesday, June 9, 2020

ලෝකේ කොහේ හිටියත්...

(උගත්/ නූගත්, ධනවත්/ දුප්පත්, කිසිම බේදයකින් තොරව) කෙනෙක් වයස 18න් 20න් නෙමේ 30දි 40දිත් මිනිස් අන්තර් සබඳතා වලදි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ නම් එතන තියනවා ප්‍රශ්නයක්..මට හිතෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ..මනසේ..

Thursday, May 21, 2020

තව දුරයි...

මගේ අම්මත් එක්ක කතා කරන හැම වෙලාවකම අවසානයේ මට හිතෙන දේ තමයි, ඇයගේ මනස මොන තරම් අත හැරීමට දුරයි ද, යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත එලෙසින්ම සාමකාමීව පිළිගැනීමෙන් මොන තරම් දුරයි ද  කියන කාරණය..අර මැක්කගේ කතාවේ වගේ මොන තරම් කතා කරත් අන්තිමෙ නවතින්නේම එතන නිසා කතා බහ සීමා කරල දැන් වසර 3ක්..

Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවිය සහ ඇස්..

වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත් එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි සුරංගනාවියගේ කකුල් දෙකම හරියට වැඩ කරන්නේ නහැ..තියන හැම පියවර කීපයකටම සැරයක් ඇය බිම වැටෙනවා, හැබැයි ආපහු නැඟිටින්නේ හරිම ලස්සන හිනාවක් එක්ක. ඒ නිසාමයි මට එයාව හොඳට මතක හිටියේ.. කොහොම උනත් ඇය ලඟට ගිහින් මම කතා කලේ නැහැ,

Saturday, November 10, 2018

හිත ඇත්නම් පත කුඩා ද

බොහෝ වැඩිහිටි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සෘණාත්මක හැඟිම් අනිත් අයට නොරිදවා,  අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව ස්වාධීනව  පිට කල හැකි ක්‍රම තියන බව.. තමන්ගේ හදවතේ නොනවත්වා නැඟෙන හැඟිම් පෙරා වෙන් කර අවට පරිසරය හිතකර හැඟිම් පමණක් පිට කල හැකි පෙරහන් කඩදාසි සොයා ගැනීම හිත ඇත්නම් පත කුඩා ද වගේ හරිම පහසු දෙයක්..(ඒ වගේම තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නාසය අඟින් අවසන් කරන්නත් බොහෝ වැඩිහිටියන් දන්නේ නැහැ)

Friday, August 10, 2018

ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර...

දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන් ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ දරුවන් නැගිටුවා කිව්වේ අනේ පුතේ වඳින්න ඕන නැහැ කියා උනත් ඒ මව ගත් කටටම කිව්වේ "එහෙම හරි යන්නේ නැහැ ,මේව සිරිත් අපේ කම.. "

Monday, July 30, 2018

බස ගැන මගේ කෙටි කතාව...

මම ඉපදුනේ කොහෙද හැදුනේ වැඩුනේ කොහෙද, මොන වගේ අය එක්ක ද ජීවත් වුනේ, ඉගෙන ගත්තේ කොහෙද කොහොමද, මොන බාසාවෙන් ද කතා කරන්න පටන් ගත්තේ කියන එක වගේ දේවල් හංගන්න කිසිම දවසක ඕන කමක් මට තිබුනේ නැහැ..

Saturday, July 28, 2018

කටහඬ දන් දෙන්න කැමතිද ඔබත්...

පුංචි කාලේ ඉඳලම ඉතාම හොඳින් පැහැදිලිව මගේ හැඟිම් දැනීම් කතා කරන්න පුලුවන්කම තිබූ, ඒ මම කතා කරන දේවල් හොඳින් වැටහෙන දෙමාපියන්/වැඩිටිහියන් ජීවන් වන සමාජයක මම විඳපු අපහසුකම් දිහා ආපස්සට හැරිලා බලද්දි මට හිතා ගන්න බැහැ ඒ සමාජයටම මගේ හෝ කාගේ හෝ දරුවෙක් යවන්නේ කෙලෙස ද කියා..

Friday, July 20, 2018

කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන ඇත්ත කතා කරන්න අපහසු ඇයි..

මගේ සිරිතක් තියනවා මගේ පුතාට Thank you සහ Sorry කියන..එහෙම කියන්නේ මම ඉල්ලපු දෙයක් පුතා කල විට වගේම මම කියන දේකට ඇහුම්කන් දුන්නාම.. ඒ වගේම මගේ අතින් යම් වැරදීමක් අතපසුවීමක් උනාම.. පුතා කියන දේ ඇහුවම ජීවිතය වඩා පහසු වෙන බව මගේ අතින් හැමදාම කියවෙන දෙයක්.. වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නිසා එකම දේ දහ පාරක් කියන්න මම ආසා නැහැ.. (ලියන තරම් මම කතා කරලා නැතුව ඇති මුලු ජීවිතේටම..මේ සැරේ mother's day එකට පුතා මට අරන් තිබ්බේ note book with a pen)

Friday, June 15, 2018

ඉපදෙනකොටම දරුවන් කතා කරන දවසක් ඒවිද...

පුංචි දරුවන් කියන්නේ ලෝකය අනාවරණය කර ගැනීම එකම අරමුණ කර ගනිමින් නොනවත්වා "වීර චාරිකාවේ" යෙදෙන "දේශ ගවේෂකයෙක්" ලෙස හැඳින්විය හැක.. ඒ නිසා තමයි දරුවන් හදා වඩා ගැනීම බොහෝ වෙහෙසකර වෙන්නෙත්.. එසේ නොකරන දරුවෙකුගේ වැඩීමේ ( ශාරිරික සහ මානසික ) නොයෙකුත් ගැටලු අනිවාර්යයෙන්ම දකින්න පුලුවන්.. එය කිසිසෙත්ම මේ "වීර චාරිකාවේ" යෙදෙන්න ගැටලුවක් කර නොගන්න ක්‍රම සහ විදි වැඩිහිටි ඔබට සොයා දෙන්න හැකියි ඔබ ඒ දරුවාගේ ගැටලු හඳුනා ගන්න සුදානම් නම් විවෘතව..

Saturday, March 17, 2018

ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද....

යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම් 
නොයන් පුත ඒ මල් කඩා විසිරුවා
පයට පෑගෙන මල් පෙත්තක වුව 
සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමි
එමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...

Friday, March 9, 2018

ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි...

අතීතයේ සිට ලෝකයේ විවිධ සථාන වල ජීවත් වන මිනිසුන් තම අදහස් එකිනෙකා සමඟ හුවමාරු කර ගැනීමට භාෂාව නමින් ක්‍රමෝපායක් බිහි කරගන්නා ලදී..මේ භාෂාව බිහි වන්නේ ඒ ඒ මිනිසා ජීවත් වන පරිසරය මත බව හොඳින් දන්නා ඔබ ලොකයේ විවිධ ස්ථාන ඇසුරු කරගෙන විවිධ කාල වල විවිධ භාෂාවන් බිහි වීම ගැන පුදුම විය යුතු නැත.. කලබල විය යුතුත් නැත.

Saturday, February 17, 2018

සොරකම් කල පරම්පරාව....

කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති නමුත්  කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු   නිර්මාණය වී     නොතිබුන         අපි නොදන්නා   කාලයක      මිනිසුන් කියවීමට යොදා   ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත්  රූප... 


Tuesday, February 28, 2017

දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර.

පිරිමි (සතෙක්)  සහ ගැහැනු ( සතෙක්)  ලිංගිකව එකතු වීමෙන් පසුව සිදුවන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගැහැනියගේ සිරුර තුල හැදි වැඩුනු නියමිත කාලසීමාවකට පසු එතෙක් ඒ ගැබ දැරූ ගැහැනිය විඳි සියලු වේදනා විදහා පෙන්වීමට මෙන් කෑගසා හඬාගෙන මව් කුසින් මෙළොවට බිහි වු ඒ එක්වීමේ අතුරු ප්‍රතිඵල විඳින නව ජීවියා නොහොත් දරුවා තමන් බිහි වීමට මුල් වු යුවළ සමඟ පළමුවෙනුත් ඉන් අනතුරුව තමන් අවට සිටින සියලු දෙනා හා සියලු දේ සමඟත් ඒ ඒ දරුවාට ආවේණිකව සම්බන්ධ වීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන එකිනෙකා හා සන්නිවේදනය අනු ගැටලු හතරකට කැටි කරන්නයි යන්නේ අද.. ඒ ගැටලු හතර මතකයේ තබාගෙන එක් එක් දරුවා පසු කරන සන්නිවේදන පියවර කතා කරීම තමයි අද ලිපියේ අරමුණ වෙන්නේ...
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.