Showing posts with label දරුවන්. Show all posts
Showing posts with label දරුවන්. Show all posts

Tuesday, February 14, 2023

ඔබ දැක්කද

Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..

මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..

Monday, July 27, 2020

මේ ගෙවී යන්නේ ඒ කාලයයි..

මගේ විවාහය මගේ අම්මා මොන තරම්  සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි  කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම   මා ඇගේ ඇස් දෙක මෙන්  විටෙක  සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ  හැසිරීම ආදරය යැයි  සිතා සිටියෙමි..

Sunday, July 26, 2020

එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..

මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..

Thursday, June 18, 2020

මට හරිම මහන්සියි..

මීට වසර 10කට පමණ පෙර කොළඹින් පිට එක්තරා නැදෑ ගෙදරකදි දුටු දරුවෙකුගේ ඇස් ඉඳහිට මට තවම සිහි වේ..මේ දරුවාගේ මාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්…අපව ඉතා සුහදව සිනා මුසු මුහුණින් පිළිගෙන ගෙතුලට එක්කන් ගිය මේ මාපියන් යුවළගෙන් කෙනෙක් ඇසු විට දරුවා කෝ කියා ලැබුනු උත්තරය "පාඩම් කරනවා"..මේ මා එහි ගිය පළවෙනි වතාව වූ බැවින් දරුවාගේ වයස පිළිබඳ කිසිඳු ඉඟියක් මා දැන සිටියේ නැහැ.. ඉන් පසු ඇසුණූ තොරතුරු වලට අනූව  රෝහලෙත් ඉන් පිටතත් මාපියන් දෙදෙනාම සමාජ සේවා වලට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරන්නන්..

Tuesday, June 9, 2020

ලෝකේ කොහේ හිටියත්...

(උගත්/ නූගත්, ධනවත්/ දුප්පත්, කිසිම බේදයකින් තොරව) කෙනෙක් වයස 18න් 20න් නෙමේ 30දි 40දිත් මිනිස් අන්තර් සබඳතා වලදි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ නම් එතන තියනවා ප්‍රශ්නයක්..මට හිතෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ..මනසේ..

Friday, June 5, 2020

ඇයි මට විතරක් බැරි ?

පුතුගේ පාසලේ ගිය වසරේ මම වැඩ කල කාලය ඇතුලේ හමු වූ  එක්තරා දරුවෙක් ගැන මතකයක් අද ලියන්නේ ඒ සිදුවීම් අකුරු කරන්න තරම් හිත සන්සුන් බව දැනෙන නිසයි..ඒ කාලය තුල හමු වූ හැම දරුවෙක් ගැනම මතකය හරිම සන්වේදියි..සමහර තැන් වලදි හිත නිදහස් කර ගන්න ඕන නිසාම අනිත් පන්තියට මම ගියේ යන්න පුලුවන්  දුරම පාරෙන්..

Tuesday, June 2, 2020

සුදානම..

අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...

Thursday, May 28, 2020

මම ඉන්නේ උදව් කරන්න...

මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා  thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්,  එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත්  තමයි හේතුව..

Sunday, May 24, 2020

ඔබ මොනවද දන්නේ....

  • ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..

  • සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..

Friday, May 22, 2020

ඒ මට හිතෙන දේ..

මම ගොඩක් පරිස්සම් වෙන තැනක් තමයි මගේ ජීවිතයට මෙතෙක් (සැඟවී වගේම එළිපිටත්)  නරක අත්දැකීම් ලැබූනු (සමීප)  වැඩිහිටි පුද්ගලයින් සමඟ පුතුගේ සබඳතා පවත්වා ගැනීම කියන්නේ..දරුවන්ට දෙමාපියන් නිසා තෝරා ගැනීම් වලට ලක් කල නොහැකි මිනිස් සබඳතා වලට අනිවාර්යයෙන් නිරාවරණය වෙන්න  සිද්ද වෙන බව අපි හැමෝම දන්න දෙයක්..

Thursday, May 7, 2020

අඹ රුක් සෙවණැල්ලේ..

මගේ පුතත් මන් වගේම පුංචිම කාලේ ඉඳලම අවට පරිසරයට ඉතා සංවේදි දරුවෙක් නිසා කාලයක සිට මම විවිධ ක්‍රම භාවිතා කරනවා ඔහුව, අවට පරිසරය කෙසේ තිබුනත් සන්සුන්ව සිහියෙන් ඉන්න හුරු කරන්න..

Wednesday, April 8, 2020

අම්මේ,එයා තාම ජීවත් වෙනවා ද..

මතක් වෙන හැමදාම මම පහල ගරාජ් එකට යන්නේ දැනට මාස 4ක පමණ කාලයක සිට එක තැන නැවතිලා ඉන්න කාර් එක බහැ දැකල එන්න..දැනටමත් එක සැරයක් battery එක ගොඩ ගන්නම බැරි තැන මාරු කර ඇති නිසා තව සැරයක් එහෙම නොවෙන්න තමයි හිතලම සතියකට කීප සැරයක් යන්නේ…

Thursday, November 15, 2018

I am feeling so proud..

ආදරයෙන් සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන්   විඳිමින් හිමින්  ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I am feeling proud  කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ හීන තමන් වෙහෙසි ලබා දීම ගැන අනුන් තමන්ට ස්තුති කල යුතු බව වත් වටහා ගන්න ඔවුනේ මනස නිරවුල් නැහැ..

Friday, November 9, 2018

මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...

ඔබට මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත  අලවා තබන්න භාවිතා කරන (එක්)  ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම් වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන වෙනම කතා කරන්න ඕන)

Sunday, October 7, 2018

අකමැත්තට කැමැත්තෙන් කැමති වීම....

ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි..

Sunday, September 2, 2018

හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී...

දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි..

Saturday, August 4, 2018

අනන්තයට යන පාර දිගේ....

දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන් ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න හැකිද....

Monday, July 23, 2018

දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද...

මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්‍රස්ථා පිරුලක් තමයි  ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.

Tuesday, July 17, 2018

පහළට වැටෙන්න පෙර...

පහුගිය කාලේ එක් පෙර පාසැලකදි මට කරන්න තිබුනු පැවරුමකදි තිබුනා ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරන්න..(දරුවන් තෝර ගෙන කරන ඕනම පැවරුමකදි මුලින්ම දෙමාපියන් එක්ක කතා කරන්නම ඕන..එයාලගේ අවසරය ගන්නම ඕන..) උදේට මේ දරුවව එක්කන් එන්නේ අම්මා උනාට ආපහු එක්කන් යන්න එන්නේ තාත්තා..මම යන්නේ මගේ පුතාව ඉස්කෝලේ දාලා නිසා මට මුල ඉඳලම කතා කරන්න උනේ අම්මා එක්ක නෙමේ තාත්තා එක්ක..

Friday, July 13, 2018

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 2...

පුංචි අය එක්ක වැඩ කරන්න ඉගෙන ගනිද්දි භාවිතයට ගැනෙන න්‍යායන් ගැන ලියාගෙන යන දෙවෙනි ලිපිය අද..පළවෙනි ලිපියේ කතා කලේ පියවර 8කින් කෙනෙකුගේ ජීවිතය ගොඩ නඟා ගන්න හැටිනේ.. අද කියන න්‍යායේ කියවෙන්නේ පියවර 4කින් කෙනෙකුගේ උපතේ සිට වැඩිහිටි වයස දක්වා  බුද්ධිය වැඩෙන විදිහ ගැන..මේ ගැන පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ Jean Piaget..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.