මුදල්,
සැප සම්පත්,අධ්‍යාපනය, අඩුවක් නැතුව කෑම බීම ඇතුලු සියලු දේ තිබුනත්
මිනිස්සුන්ගේ තියන ප්‍රශ්න නම් අඩුවක් නැහැ..අත් හරින්න ඉගෙන ගන්නා තුරු
කියා මට සිතේ.
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ආගම්. Show all posts
Showing posts with label ආගම්. Show all posts
Wednesday, June 13, 2018
Wednesday, May 16, 2018
මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද...
ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග
පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම
වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...
Wednesday, May 2, 2018
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා
තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ
නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන
වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන
ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න
ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )
Tuesday, April 17, 2018
"බුදු හාමුදුරුවන් කියා ඇති දේවල් වෙනස් කරන්න අපිට බෑනේ.."
මිනිසුන්ව අභිබවා ගිය (සුපිරි) චරිත ආගම් වලින් මවා
තියෙන්නේ ඇයි කියා සිතන විට මට සිතෙන්නේ, මිනිසුන් එකිනෙකා කෙරෙහි
නොරිස්සුම් හැඟිම් වලින් වැඩ කරන නිසා කියලයි..
Monday, April 16, 2018
ඔබට "පින්" කරන්න(ම) ඕන කියා සිතුනු විට....

Saturday, March 31, 2018
ආගම් සහ ලිංගබේදය...
ඔබ කවදහරි ප්‍රශ්න කරලා තියනවද මේ ලෝකේ තියන (බහුතරයක්) ආගම් වල
නිර්මාතෘන් කොහොමද පිරිමි අය පමණක් උනේ කියන එක සහ ඒ ආගම් වල සඳහන් සියලු
දේ කිසිඳු ප්‍රශ්න ඇසීමකින් තොරව හිස්මුඳුනින් පිළිගෙන පිළිපදින බහුතරයක්
නොයෙක් අයුරින් සමාජයක අසාධාරණයට සහ අසරණවීම් වලට ලක් වෙන ගැහැනු
අය වීම ගැන.
ප.ලි.: ඔබ දන්නා වර්තමානයේ මිනිසුන් අදහන ගැහැනු කෙනෙක් නිර්මාණය කල ආගමක් තිබේ නම් මෙහි සඳහන් කරන්න..
Thursday, March 15, 2018
ගිරව් කතා කරන්නේ කොහොමද...
අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු
පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත්
නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...
Wednesday, March 7, 2018
මිනිසා සුවඳයි මල සේ (ද) නුවණින් එළියයි හිරු සේ (ද)..
මිනිසුන් ජීවත් වන කිසියම් තැනක නීතිය සංස්කෘතික අංග වලින්, ආගම් වලින්
(වගේම තව නොයෙකුත් දේවල් වලින්) වියුක්තව සෑම කෙනෙක්ම මිනිසෙක් පමණක්
බව සිහියේ තබා ගෙන ස්වාධීනව හදා ගන්න මිනිස් දැනුම කාලය ශ්‍රමය වැය කරනවා
මිසක් එක් එක් පුරවැසියා තම තමන්ට දැනෙන දේ අනූව නීතිය අතට අරගෙන
ක්‍රියාත්මක වීමෙන් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට හැමෝම ආපස්සට යෑම කියන එක
ඉතාම ඛේදනීය අතීතයකින් පසුවවත් මිනිස්සු ඉගෙන ගන්න ඕන බුද්ධිය මෙහෙයවා..
එයට මේ තරම් කල් යන්නේ හැඟිම් වලට වහල් වෙන බහුතරයක් නිසා පමණයි.
Tuesday, March 6, 2018
මිනිසාට මිනිසා තවම 100% විස්වාස නැද්ද...
දාන මාන කරද්දි ඔබ ඔබට ලැබෙන පින් කන්ද ගැන විතරක් නොහිතා ඒ දානය දෙන
කෙනා හෝ අවස්ථාව ස්වාධීන මිනිසුන්/පරිසරයක් බිහි කරන්න භාවිතා කරනවා නම්
ගිය ආත්ම වල පව් කරපු අය අඩු වෙලා පින් කරපු අය වැඩි කර ගන්න මේ ආත්මයේම
පුලුවන් වෙයි කාලය එක්ක මට හිතෙන්නේ...
Friday, February 2, 2018
පව් පින්.....
පව්
පින් කියන සංකල්පය තිබ්බේ නැත්නම් කෙනෙක් තවත් කෙනෙකුට උදව් කරන එකකුත්
නැ... සමාජයක තියන බොහෝ සංකල්ප මිනිස්සු "නිර්මාණය" කරගන්න ඇත්තේ මිනිස්සු
ගැන තියන විස්වාසය එන්න එන්නම අඩු උන නිසා වෙන්න ඇති....
කෙනෙකුට උදව් අවශ්‍ය තැනකදි "ඇයි මම ඒ උදව්ව කරන්න ඕන, මොනවද ආපිට මට ලැබෙන්නේ" කියලා හිතන්න මිසක් තව කෙනෙක් වෙනුවෙන් තමන්ට කිසිවක් නොලැබි "සංවේදී" වෙන්න, මානසිකව අල්ලස් නොදී කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න මිනිස්සුන්ට බැරි වෙන්න ඇති...
කෙනෙකුට උදව් අවශ්‍ය තැනකදි "ඇයි මම ඒ උදව්ව කරන්න ඕන, මොනවද ආපිට මට ලැබෙන්නේ" කියලා හිතන්න මිසක් තව කෙනෙක් වෙනුවෙන් තමන්ට කිසිවක් නොලැබි "සංවේදී" වෙන්න, මානසිකව අල්ලස් නොදී කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න මිනිස්සුන්ට බැරි වෙන්න ඇති...
Sunday, December 10, 2017
Thursday, November 16, 2017
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.