පුංචි පුංචි වැහි බිංඳු වැටෙනා සීතලේ දුම් දමන කෝපි සුවඳ මැදින් අහන්න අහන්න හරිම මිහිරියි...
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts
Wednesday, October 10, 2018
Friday, October 5, 2018
මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද..
යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා
ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ
නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට
කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි
කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රේහේලිකාවක්..
Sunday, September 23, 2018
මිනිසුන් බිලි ගන්නා දිය සුලි
මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ..
Sunday, September 2, 2018
හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී...
දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල
සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා
කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු
සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි..
Tuesday, August 28, 2018
අපි එකම රෑනේ කුරුල්ලෝ...
ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම
බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම
කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක
ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක්
නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු
අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් එකතු උනු දැනුමත් කලේ
ලොකු වැඩ කොටසක්..(මම එක රටාවකට කොටු වී කියවන කෙනෙක් නම් නෙමේ..)
Wednesday, July 18, 2018
මම කවදවත් ආස සීතලට, ඔබ...
අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට
කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත්
මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති,
විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට
දැනෙන්නේ මම ජීවත් වෙන බව..
Saturday, June 2, 2018
සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..
මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට
සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක
වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු
නොඅනුමානය..
Thursday, May 31, 2018
දිලීප පොඩි පුතු සනීපයට නිදි...
"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම
ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා
ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම
නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි, මගේ ජීවිතේ එක අඩියක්
පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..
Wednesday, May 9, 2018
සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...
ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය
වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා
ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින
දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන
නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..
Sunday, April 22, 2018
ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ කිව්වට ගී වැල් ගොතලා බලමුද...
නෙලන්න
බැරි අතු අඟ මල් මොටද පිපෙන්නේ, ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියන පද ටික ලඟදි දවසක ඇහෙද්දි, මලේ මලේ ඔය නා මල නෙලා වරෙන් - අත්ත බිඳෙයි
පය බුරුලෙන් තබා වරෙන් කියන පද මතක් උනත්, ඇදි ඇදි යන්න නදී රිදි තලාවෙ
වගේ කාලය කවුලු දොරින් පැන යන හින්දම, සීතල දිය පිරි සුනිල විලක පිපුනු
සුවඳ මලට දේදුන්නෙන් පියඹා එන, සමනලුන්ගෙන් මම ඇහුවෙ නැ කියන්න කවුද ඔබ
කියා අහන්න උනිමි බල බලා කියා..
Monday, February 12, 2018
අම්මා....
අම්මා කියන චරිතය දෙස විවෘත මනසකින් බලන්න, ඇයව ඇතුලතින් දකින්න ඔබට ඇරයුම් කරමින් මේ ගී වලට ඉඩක් වෙන් කරමි අද..
ඉපැදුනු දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...
බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්ම මා සිප ගන්න ඇති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
වන්දි ගෙවන්නට අද මට පින් නැති
බුදුන් වඳින ලෙස වඳිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇතී....
Saturday, February 10, 2018
දේශය + පාලනය = දේශපාලනය (ද)....
මොකද්ද මේ දේශපාලනය කියන්නේ
දේශය + පාලනය = දේශපාලනය (ද)
මොකද්ද මේ දේශය
මොකද්ද මේ පාලනය
දේශය කියන්නේ අපි මේ ඉන්න ලෝකය (ද )
එතකොට කාවද පාලනය කරන්න තියෙන්නේ මේ ලෝකේ සත්තුද, ගහ කොළද, ගංඟා ඇළ දොළද එහෙමත් නැත්නම් කඳු වැටිද
Monday, February 5, 2018
අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳ වී නෑ සිතුවම්.......
පුංචි කාලේ හරිම සුන්දර මතකයන් අවදි කරවන මේ ජාතික රූපවාහිනි තේමා ගීයත්, ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතයත්, මේ රට මගේ රට ගීතයත් මමයි මල්ලියි ඇහුවේ එකම පුටුවක ඉඳගෙන... ටික ටික ලොකු වෙන කොට පුටුවේ ඉඩ මදි උනාට එක් කෙනෙක්වත් පුටුව අත හරින්න ලෑස්ති නැහැ.. මතක විදිහට පුටුවේ දකුණු පැත්ත මල්ලිගේ, වම් පැත්ත මගේ.. මම හැමදාම බැනුම් ඇහුවෙත් මගේ අත් අකුරු වමට බරයි කියලා....
Saturday, December 9, 2017
පුස් වෙඩි නොවි නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න..
මිනිස්සු ඇතුලේ ජිවත් වන මිනිස්සු මරා දමන්නේ මිනිස්සුන්මයි..එවැනි තැනකට මිනිසෙක් පත් වන්නේ කෙසේද... ඒ වගේම ඇයි මිනිස්සු කුනුහරුප එහෙමත් නැත්නම් අසභ්‍ය වචන කියන්න පෙළබෙන්නෙ අදහස් දැක්වීම් වලදි.. ඇයි සමාජගත වෙලා තියෙන්නේ අසභ්‍ය වචන කියන අය තමයි "පොරවල්" කියලා.. මට නම් හිතෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ගත යුත්තක් නැහැ කියලයි.. නිකන්ම නිකම් පුස් වෙඩි..
නොයෙකුත් පෞර්ශ දුර්වලකම් මනාව විදහා පෙන්වන මෙවැනි අවස්ථාවන් මට නම් පෙනෙන්නේ තමන් ජිවිතේ විඳපු කටුක අත්දැකීම් උගුරට හොරා බෙහෙත් බොන වෙලාවක් කියලා.. එහෙමත් නැත්නම් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ වගේ.. එහෙමත් නැත්නම් පුහුල් හොරා කරෙන් දැනේ වගේද.. එහෙමත් නැත්නම් බෙරේ ඇතුලත හිස් වගේ... සද්දේ විතරයි.. එවැනි අය සතුටක් ලබන්නේ මොන තරම් පසුගාමි ක්‍රමයකින් ද... අන් අයව නිකරුනේ පහත් කරමින් විදහා දක්වන්නේ තමන්ගේම පහත් බව නොවේද...
Tuesday, November 21, 2017
කුරුල්ලනේ නුඹලා ගී හැදුවද හදපු ගී ගැයුවද... ..නුඹලාට ගී හදන්න ගයන්න මිහිරි හඬ ඉල්ලා හිටි ප්‍රේමණීය හඬ අද නිහඬ වුනත්..
තමා ලියූ පද වැල්ම නිර්මාණයට පාදක උනු අවට පරිසරයම කණපිට පෙරළා කාලෙන් කාලෙට තමන්ගේ හිතට දැනෙන හැඟිම් ගීයෙන් කවියෙන් එළි දක්වා තම හදවතේ තෙරපෙන හැඟිම් කාටවත් නොරිදවා පිට කරන්න උත්හස කරපු අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි ගන්නා නොමිනිසුනි..... නුඹගෙ හිත දැඩි උනේ කොහොමද නුඹ වැනිම තවත් මිනිසෙකු මරා දමන්න මෙතරම් කුරුරු ලෙස.. ඒ මිනිසා නුඹට කල වරදවත් පැවසුවාද නුඹ ඔහු මරා දමන්න මොහොතකට කලින් හෝ.. නුඹට ඉවසීමක් තිබුනේ නැද්ද ඒකටවත්...
Saturday, October 7, 2017
Thursday, October 5, 2017
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.