අංශු, ආදරේට අංශු කිව්වට ඇත්ත නම හිමාංශු, නමටම හරියන ගතිගුණ තියන පොඩ්ඩක්වත් තරහ නොයන, පහුගිය කාලේ අහම්බෙන් මට හමු උනු හරි ආදරණීය තමන්ගේ නොවන හීන ගොන්නක් හිතේ හිර කරගත් මිතුරෙක්..මිතුරෙක් කිව්වේ මගේ ජීවිතය මගේ පැත්තෙන් හිතන්න පුලුවන් කෙනෙක් නිසයි..අඬන්න හිතුනු වෙලාවට කිසිම ලෝභ කමක් නැතුව උරහිස දුන්න, අවට පරිසරය සීතල වී ගල් උනු වෙලාවට ඔහුගේ උණුසුම් හදවතේ රිද්මය මට අහන්න දුන්න, හමු වෙන හැම දවසකම නැවුම් හැඟුම් මහදේ පිර වූ අංශු එතරම් හිත හයිය කෙනෙක් නම් නෙමේ..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ඉවසීම. Show all posts
Showing posts with label ඉවසීම. Show all posts
Friday, September 4, 2020
Tuesday, June 2, 2020
සුදානම..
අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...
Thursday, May 7, 2020
අඹ රුක් සෙවණැල්ලේ..
මගේ පුතත් මන් වගේම පුංචිම කාලේ ඉඳලම අවට පරිසරයට ඉතා සංවේදි දරුවෙක් නිසා කාලයක සිට මම විවිධ ක්‍රම භාවිතා කරනවා ඔහුව, අවට පරිසරය කෙසේ තිබුනත් සන්සුන්ව සිහියෙන් ඉන්න හුරු කරන්න..
Friday, May 1, 2020
"ඔයා මෙහෙට එන්න තෝර ගත්ත වෙලාව නම් හරි අපූරු වෙලාවක්"
වසරේ වැඩි කාලයක් වැහිබර වළාකුලු වලින් හැඩ වුනු අහසක් හිමි, මීදුමෙන් වැසුනු සීතල නාවලපියෙන් 1995 දී කොළඹ එනවත් එක්කම මට දැනුනු ලොකුම වෙනස, ඉතා වියළි උණුසුම් දූවිල්ල පිරිනු පරිසරය..ඒ පරිසරය මට ගෙනාවේ එතරම් සුන්දර අත්දැකීම් නම් නෙමේ..ටිකෙන් ටික ඇති වුනු හුස්ම ගැනිමේ අපහසුතා වසර 9ක් ඇතුලත මාව ගෙනාවේ ඇදුම එහෙම නැත්නම් Asthma කියන හුස්ම ගැනීම අපහසු කරවන රෝගය ලඟට…හැබැයි එහෙම වෙන්නේ පාරිසරික හේතු මත පමණයි..නැවුම් පිරිසිදු පරිසරයක් කියන්නේ මට නම් දෙව්ලොවක්..
Saturday, April 11, 2020
තනිකම..
ඊයේ හරිම නිහඬ දවසක්..ඒ වගේම වැහිබර දවසක්..වෙනදට වැල නොකැඩී ඇදෙන වාහන වෙනුවට අද ඇහෙන්නේ පේන්නේ ඉඳහිට යන ට්‍රක් රථ ඇතුලු තවත් වාහන කීපයක් පමණයි..
Tuesday, June 26, 2018
කඳුලින් ඇරඹි සිනාවෙන් අවසන් වූ HOMEWORK ....
ගිය
අවුරුද්දේ මුලින්ම අපේ "දිලෙන හිරු" ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ හැම සතියෙම
සඳුදට හම්බුනා homework පොතක්. එකේ තිබුනේ හරි සරල දේවල් 4 කරන්න..
සිකුරාදට ආපහු පොත දෙන්න ඕන. මුලදි HOMEWORK කරන්න කිව්වට කිසිම
කැමැත්තක් තිබ්බෙ නැහැ..ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්න වැලක්.. ඒ ප්‍රශ්න වැලට
උත්තර දුන්නට පස්සේත් "I don't want to do homework" කියන උත්තරේ තමයි
ලැබෙන්නේ පුතාගෙන්...
Friday, June 22, 2018
100 - 90 = 5 ද....
රු 100ක් ලැබුනු විට රු 90ක් ඉතිරි කරන්න සහ රු 10ක් වියදම් කරන්න හිතන්න
අපි මොළයට පුරුදු කලොත් අඩුම ගානේ රු 5ක් වත් ඉතුරු වේවී ද..
Friday, May 4, 2018
හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...
Wednesday, April 25, 2018
හිරු නම් බැස යන්න ඔන්න මෙන්න....
හිරු නම් බැස යන්න ඔන්න මෙන්න, ඒත් වළාකුළු මැව්වේ වචන වලින් ලියලා පැහැදිලි කරන්න බැරි තරමේ හරිම ලස්සන සිතුවමක්..හැම වෙලේම පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන් නම් ජීවිතේ විඳින්න පුලුවන් කොයි තරම් වැඩ තිබුනත්...
Wednesday, April 11, 2018
කූඹියෝ කන සහෝදරයාට ලියමි..
රැවටිලිකාර කුරිරු අතීතයක
සැඟවී ගිය මිනිසුන්ගේ මිනිස්කම
සොයන්න හැකි නම් ඒ
මිනිසුන්ටම පමණි...
හැබැයි තරඟයෙන් මිදුනු
මිනිසුන්ට පමණි...
Monday, April 9, 2018
අළු යට සැඟවූ යොවුන්වියේ හැඟිම් නම් ගිනි කඳු තව දුරටත් සඟවමු ද.. නැතිනම් නිවා සිසිල් කරමුද..
යොවුන්වියේ හැඟිම් ගැන (පමණක් නොව පොදුවෙ හැඟිම් ගැන) සමාජයක් තුල
බොහෝ විට කතා කෙරෙන්නේ කිසියම් වරදකාරි බවක් බලෙන් ඔබ්බවා මිස ඇත්ත ඇති
සැටියෙන් දකිමින් නොවේ කියා මට බොහෝවිට සිතේ..
Monday, March 19, 2018
මිනිස්සුන්ට අත් දෙකක් තියෙන්නේ ඇයි....
එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තර්ජනයක් නොවන තැනකට මිනිස් මනසේ මිනිසා ගැන අවබෝධයක් ඇති කරන්නේ කෙසේ ද...
Saturday, March 17, 2018
ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද....
යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම්
නොයන් පුත ඒ මල් කඩා විසිරුවා
පයට පෑගෙන මල් පෙත්තක වුව
සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමි
එමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...
Saturday, February 24, 2018
ගැටලු විසඳන්න ඕනේම නම්...
ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙමත් නැත්නම් කාලය සෑම ගැටලුවකටම හොඳම පිළිතුරයි
කියලා කිව්වට ඉවසීමෙන් කාලයට ඉඩ දිලා බලන් හිටියටම ගැටලුවකට නිවැරදි
පිළියම් ලැබිල විසඳෙනවද.. මට නම් හිතෙන්න ඉවසීම සහ කාලය අතරට තව
දේවල් එකතු වෙන්න ඕන කියලයි...
Wednesday, January 31, 2018
හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..

Monday, October 2, 2017
හදිසි අනතුරක්...පාඩම් ගොඩක්...
මම ජීවත් වන නගරයේ අවුරුදු කීපයකට කලින් පාසැල් ගේට්ටුවක් ලඟ සිදුවුනා හදිසි අනතුරක්... අපේ ගේ තිබුනේ පාසැලින් එහා පාරේ, පෙනෙන දුර... නමුත් මේ අනතුර වෙලාවේ මිනිසුන් එතන රැස් වුනේ නැහැ.. පුලුවන් තරම් ඉක්මනින් කුඩා දරුවන් ඇතුලු සියලුම දෙනා ඒ සිදුවුන ස්ථානයෙන් ඉවත් කෙරුනා.. කිසිම කෙනෙක් ඒ උපදෙස් වලට පිටින් ගියේ නැහැ.. පාරේ අනිත් පැත්තේ හිටි අපි කිසියම් බරපතල දෙයක් සිදුවී ඇති බව දැන ගත්තේ පොලිස් සයිරන් නලා හඬින් සහ හෙලිකොප්ටර් යානක් එක තැන වටේට යන සද්දය නිසා.. කෙසේ නමුත් සිදු වෙලා තිබුනු අනතුර සිදුවූ කිසිම කෙනෙකුගේ ඡායාරුපයක් හෝ අනතුරේ ඡායාරුපයක් හෝ අපි දුටුවේ නැහැ ඒ තරන් ලඟ ඉඳලත්, කිසිම මාධ්‍යයකින් එහෙම ඡායාරූප පෙන්නුවෙත් නැහැ දන්න තරමින්..
Sunday, October 1, 2017
උපතත් විපතත් අතර .....

සමාජයක
ජීවත් වෙද්දි සිදුවන සිදුවීම වලදි සමාජයකට මුහුණ දෙන්න තමන්ගේ හිතේ ඇති වන
අනියත බයවල් වලට පිළිතුරු හොයන්න විතරද ආගම් සිරිත් විරිත් සංස්කෘතිය
තියෙන්නෙ.. මෙවැනි දේවල් වලට මුවා වි තවත් කෙනෙක්ගේ ජිවිතකයට බලපැම්
කිරීමට කොහෙන්ද අයිතියක් කාට උනත්... මේ හැමදෙයකටම වඩා ජීවිතයක් වටින බවත්
සැහැල්ලු පීඩනයක් නැති මනසක් වටින බවත් ඒ අනූව රටේ නිතී පද්ධතියත්
මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතු බවත් කවදා මිනිසුන් වටහා ගනි ද
මන්දා..
Saturday, September 30, 2017
කාටවත් දොස් කියල තේරුමක් තියනවද ....
කෙනෙක් ජිවිතය නැති කර ගන්න තරම් මානසිකව වැටෙන්නේ, මොන තරම් දේවල් ලඟ තිබුනත් ජීවිතය කලුම කලු පාට වෙලා පේන්නේ කාගෙවත් වරදින් නෙමේ...
සමාජයක ජීවත් වෙද්දි ඒ ඒ පුද්ගලයට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් වලට එක
එක පුද්ගලයාගේ දරා ගැනිමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ වගේම එකම සිදුවීම
උනත් දෙදෙනෙක් අර්ථකතනය කරගන්න විදිහ දෙවිදිහක්.. ඒ සඳහා බලපානවා ප්‍රධාන
වශයෙන්ම කෙනෙක් කුඩා කල හැදුනු වැඩුනු පරිසරය, දෙමාපිය සම්බන්ධතා, ඇසුරු
කරන පිරිස, ඒ පුද්ගලයාගේ ජීවන පුරුදු වගේ සාධක..එකම පවුලේ දෙදෙනෙකු වුනත් හරිම වෙනස් එකම සිදුවීමට
මුහුණ දෙන විදිහ.. ඒ තමයි මිනිස් ස්වාභාවය..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.