Wednesday, August 23, 2017

නිමිත්ත : අලුත උපන් දරුවෙකුගේ අම්මා කෙනෙකුගේ සටහනක්.

ළමයෙක් ලැබුනම ළමයට ආදරේ කරන්නේ තමන්ව අම්මෙක් කලාටලු... තමන්ගෙම නවත්තා ගත නොහැකි වූ හැඟිමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන දරුවට ආදරය කරන්න ඕන තමන්ව අම්මෙක් කලාට ද ..... 

එතකොට තමන්ව අම්මෙක් (තාත්තෙක්) නොකරන තමන් අවට ඉන්න අනිත් අයගේ දරුවන් ගැන තමන්ගේ හිතේ තියෙන්නේ (තියෙන්න ඕන)  මොන වගේ හැඟිමක් ද ?

නිගමනය : (සාමාන්‍ය) මිනිස්සු ආදරය කරන්නේ තමන්ට කෙනෙක් හරහා ලැබෙන දේවල් වලට.... නැතුව ඒ කෙනාට නෙමේ (ද)  ? 



2 comments:

  1. ආදරේ කරන්න හදාගන්න හේතුව මොකක් උනත් වැදගත් වෙන්නේ ආදරය කිරීමයි. කෙනෙක් තවත් කෙනෙක්ට ආදරේ වෙන්නේ සමහර වෙලාවට ඒ පුද්ගලයා විසින් තමාව වැඩි පිළිගැනීමේ තත්වයකට දමපු නිසා වෙන්න පුළුවන්. එය ලඝු කොට තකන්න බැහැ.
    වෙනත් දරුවන් කෙරෙහි එම ආදරයේ ඇති අඩුපාඩුකම් එහෙම එක පරාමිතියකට ගන්න බැහැ නේද? මේවා ත්‍රිමාන කාරනා. ද්විමාන අවකාශයේදී ඒවා ඩිෆයින් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. "ආදරය" කරන්න හදා ගන්න හේතුව කුමක් වුනත් වැදගත් වෙන්නේ තමා තමන්ටම "ආදරය" කිරිමයි.. ඒක නම් හරි.. ඒ වගේම යථාර්තයක් ඒක තමයි.. ස්තුතියි ඔබේ අදහසට....

      හැබැයි ඉතින් තවත් කෙනෙකුව මේ ජීවිතය කියන කුණු ගොඩට ඇඳලා දාන්නේ නැතුව ඔය "ආදරය" කරා නම් වඩා හොඳයි.. ඒ වගේම තමන්ගේ හැඟිම් වලට වහල් වෙලා තවත් කෙනෙකුගෙන් තමන් බලාපොරොත්තු වෙන "ආදරය" හොයලා ඒ කෙනාව විඳවිල්ලක් ඇති මේ ලොකේට ගෙන ඒම සහ ඒ පිළිබඳ උදම් ඇනීම හරිම විහිළුවක්...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.