ජීවිතය දශක වලින් ගණනය කල හොත් පහුගිය දශකය යනු ජීවිතයේ පසු කර පැමිනි අන් සියලු දශක වල නොවිඳි සහ පසු කිරීමට නියමිත (යැයි මා සිතන) දශක වල නොවිඳින අත්දැකිම් විඳි, විටෙක සිනහවත් විටෙක කඳුලත් මුසු වූ දශකයකි..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label සිතක සිතුවිලි. Show all posts
Showing posts with label සිතක සිතුවිලි. Show all posts
Tuesday, January 1, 2019
Friday, October 5, 2018
මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද..
යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා
ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ
නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට
කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි
කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රේහේලිකාවක්..
Thursday, July 5, 2018
මිණි ඟං දෑලේ මිහිරිය සහ තාත්තා....
"මිණි ඟං දෑලේ " මිහිරිය 12 වෙනි විනාඩිය පසු වී හරියටම 31 වෙනි තප්පරයේදි වින්ඳෙමි...
Thursday, June 28, 2018
ඒක තමා පුතේ මේ ලෝකේ හැටි..
සමාජයක ජීවත් වන එක් අයකුගේ ගැටලුවක් සහ ඒ ගැටලුව නිසා ඇති වන ප්‍රතිඵල (ධන හෝ සෘණ) ඒ කෙනාගේ පමණක් ද..
Sunday, June 24, 2018
උත්තල කාච සහ ගිනි තැබීම....
මිනිස්සුන් තමන්ගේ නියම සිතුවිලි සඟවා ගන්නේ, නිරාවරණය වු ඒ සිතුවිලි
පරාවර්තනය කර තමන් දවා අලු කල හැකි උත්තල කාච මිනිසුන් අතරම ඇති
නිසාද..එය එසේ නම් ඒ ඇවිලූ ගිනි දළු නිවා ගන්න සිහිල් දිය දහරක පහස තමන් තුලම ඇති නම් මිනිසුන් තම සිතුවිලි නොසඟවා කියාවිද...
Thursday, May 31, 2018
දිලීප පොඩි පුතු සනීපයට නිදි...
"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම
ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා
ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම
නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි, මගේ ජීවිතේ එක අඩියක්
පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..
Sunday, May 13, 2018
නිදහස...
මම ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදරය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ සියලු හැඟිම් කාලය විසින් නිවා සනහා සඟවා ඇත.
Thursday, May 3, 2018
නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...
අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන
පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම
කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්..
(අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම
මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)
Sunday, April 29, 2018
මං ආ මඟ නවතින්නම්...බිඳුවක් ඈතින් ඉන්නම්.....
ගියවර
නිවාඩුවට කැන්බරා ගිය වෙලාවේ කැලෑබඳ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන
කැන්ගරුවන් රංචුවක් දුටු අපට ඒ කැන්ගරුවන් ලඟට යන්න කලින් ලැබුනු
අවවාදයක් වුනේ, ඒ සතුන්ට හොඳින් පෙනෙන ලෙස හිස පහත් කරමින්, සතුන්ගේ ඇස්
දෙස කෙලින් නොබලා, ඒ සතුන්ගේ හැසිරිම් අනුකරණය කරමින් හිමින් ලං වී කලබල
නොවි නිහඬව ඉන්නා ලෙසයි..
Sunday, April 22, 2018
ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ කිව්වට ගී වැල් ගොතලා බලමුද...
නෙලන්න
බැරි අතු අඟ මල් මොටද පිපෙන්නේ, ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියන පද ටික ලඟදි දවසක ඇහෙද්දි, මලේ මලේ ඔය නා මල නෙලා වරෙන් - අත්ත බිඳෙයි
පය බුරුලෙන් තබා වරෙන් කියන පද මතක් උනත්, ඇදි ඇදි යන්න නදී රිදි තලාවෙ
වගේ කාලය කවුලු දොරින් පැන යන හින්දම, සීතල දිය පිරි සුනිල විලක පිපුනු
සුවඳ මලට දේදුන්නෙන් පියඹා එන, සමනලුන්ගෙන් මම ඇහුවෙ නැ කියන්න කවුද ඔබ
කියා අහන්න උනිමි බල බලා කියා..
Friday, April 20, 2018
එකෝමත් එක දවසක නෙමේ හරියටම අවුරුදු 7කට කලින් ඉපදුනු පුංචි පුතේ...
පුංචි පුතේ, ඊයේ පෙරේදා පහු වුනේ ඔයාගේ හත්වෙනි උපන්දිනය, පුංචියට හිටපු ඔයා දැන් දැන් වඩාගන්නත් බැරි තරම් ලොකුයි..
පුතා
මටත් වඩා උස යන දවසත් වැඩි ඈතක නෙමේ...
Thursday, April 5, 2018
මතක සටහන් අවදි කරවන ගීයක් වැනි සියවන සටහන...
පෙර පාසල් වියේ සිට 5වෙනි වසර දක්වා නර්තනයට වැඩි දස්කමක් සහ ආසාවක්
දැක්වූ මා හට 6 වසරේදි පාසැලට බාර දෙන්න පැමිණි පියා විසින් තෝරා දී
තිබුනේ සංගීතය බැවින් එදා සිට 11 වසර දක්වා පෙරදිග සංගීතය හැදැරුවේ විභාගයට
මුහුණ දිමේ අරමුණින් නම් නෙමේ මම.. කොහොමත් මම දෙයක් (හදවතින්) ඉගෙන
ගන්නවා නම් ඉගෙන ගන්නේ විභාගයකදි දැනුම මැන බැලිමේ අදහසකින් නෙමේ..
හුදෙක් ඒ ඉගෙන ගන්නා දෙය රසවිඳිමේ හෝ එදිනෙදා ජීවිතයේදි භාවිතා කිරීමේ
අරමුණින් පමණයි..
Tuesday, March 20, 2018
මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා....
බොහෝ
දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම්
හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..
Wednesday, March 14, 2018
ලොවම නිදන රාත්‍රියේ.. මා නොනිදන මේ රැයේ....
දරුවෝ ටික ටික ලොකු වෙනකොට හරි කැමතියි අපි එයාල එක්ක කතා කරනවා නම්
වෙනම වෙලාවක් වෙන් කරගෙන.. මගෙයි පුතාගෙයි මේ වෙලාව තමයි නිදා ගන්න වෙලාව,
ගෙදර ඔක්කොම ලයිට් නිවලා සද්ද බද්ද නැති නිහඬම වෙලාව, මේ වෙලාවට සාලෙ
තියන බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්දෙත් ඇහෙනවා..ඒ තරන්ම නිහඬයි...
Monday, March 12, 2018
ඇතුල හිස් ද....
රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..
Thursday, March 8, 2018
රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද....
ඔබේ දියණිය පුතෙක් ලෙසත් ඔබේ පුතා දියණියක් ලෙසත් හැසිරෙන්න හිතුවොත්
එයට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේ ද..ටිකකට නැවතිලා හිතන්න දියණියක් සහ
පුතෙක් මෙන්න මේ වගේ හැසිරෙන්න ඕන කියලා රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද,ඒ
රාමුව හැදුනේ කොහොමද කා අතින් ද..
Tuesday, February 27, 2018
මා මිය ගිය පසු....
මා මිය ගිය පසු නම් සේකරයන් ලිව්වාක් මෙන්
දුක් ගී ලියන්න කියා නම්
කිසිවෙකුට කිසිඳා නොකියමි...
ඒ නන්නාඳුන නුඹේ ගී රාවයන්
රැව් නඟන ඒ හීන් හඬ යාන්තමින් නොව
පැහැදිලිව මට ඇසෙන බැවිනි..
මා දන්නා බැවිනි...
නොසඟවා පෙම් කල බව
නුඹ
ජීවත්වන කෙටි කාලයේ ආදරය දැනෙන්න
ජීවත් විය හැකි නම් අඬ සඳ බැස යන
අඳුරු රැයක කුමටද දුක් ගී...
සේකරයක් ලියු සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කල
අමරදේවයන් ගැයූ
"මා මළ පසු" ගීය ඇසු දිනක ලියූවක්...
දුක් ගී ලියන්න කියා නම්
කිසිවෙකුට කිසිඳා නොකියමි...
ඒ නන්නාඳුන නුඹේ ගී රාවයන්
රැව් නඟන ඒ හීන් හඬ යාන්තමින් නොව
පැහැදිලිව මට ඇසෙන බැවිනි..
මා දන්නා බැවිනි...
නොසඟවා පෙම් කල බව
නුඹ
ජීවත්වන කෙටි කාලයේ ආදරය දැනෙන්න
ජීවත් විය හැකි නම් අඬ සඳ බැස යන
අඳුරු රැයක කුමටද දුක් ගී...
සේකරයක් ලියු සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කල
අමරදේවයන් ගැයූ
"මා මළ පසු" ගීය ඇසු දිනක ලියූවක්...
Monday, February 26, 2018
කුඩා පැළ නැවත සිටුවීම...
පොළවට හොඳින් මුල් අල්ලා තිබෙන තවමත් වැඩෙන කුඩා පැළයක් වෙනත් පරිසරයකට ගෙන ගොස් පැළ කිරීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ගැන සිතන විට මුලින්ම සිහියට නැඟෙන්නේ, දැනට මුල් අල්ලා තිබෙන පොළවේ පසෙන් බොහොම පරිස්සමින් මුල් නොකැඩෙන පරිදි සෙමින් ගලවා නැවත ගැලපෙන පරිසරයක සිටු වන තෙක් ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමත්, නැවත සිට වු පසු කාලයක් යනතුරු නව පරිසරයේ උවදුරු වලින් ගලවා ගැනීමට උපක්‍රම යෙදීමත්.. නැත්නම් නැවත සිටු වන පරිසරය මොන තරම් සරුසාර උනත් පැළයේ වැඩීම නම් සැක සහිතයි කියා අමුතුවෙන් කියන්න ඕන නෑනේ...
Sunday, February 25, 2018
සංකීර්ණ බව තුලින් සරල බව දකින්න නම්.....
පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම්
තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම
කිව්වොත්
ඔබ මා සමඟ එකඟ වෙනවද..
මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත..
(ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන)
ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත
ජීවත් වීමට පටන් ගන්නා බැවිනි..
ජීවත් වීමට පටන් ගන්නා බැවිනි..
ඒ සියලු චරිත අභිභවා "සංකීර්ණ" ඇය තුලින් "සරල" ඇයව
දකින්න හැකි නම්
දකින්න හැකි නම්
ඒ පරිණත පිරිමියෙකුටම පමණි..
Thursday, February 22, 2018
මල් වැනි දරුවන් ඔබේ ද මගේ ද අපේ ද....
පුංචි දරුවන්ව පුලුවන් හැකි වෙලේම අගය කරන්න.. අඩු පාඩු දැක්ක ගමන් ඒවට කෑ ගහන්නේ නැතුව හෙමින් එයාලගේ මනසට එක පාර ලොකු පීඩනයක් නොඑන විදිහට පැහැදිලි කරන්න.. ගහන්නේ බනින්නේ නැතුව හරිම නිර්මාණශීලි විදිහට පුලුවන් දරුවෙක්ගේ මනසට කතා කරන්න යහමඟට ගන්න.. ගහලා බැනලා විතරයි දරුවෝ හදන්න පුලුවන් කියලා හිතන අය මෙතනින් එහාට මේ ලිපිය කියවන්න ඕන නැහැ..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.



