ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label හැසිරීම්. Show all posts
Showing posts with label හැසිරීම්. Show all posts
Sunday, August 9, 2020
Monday, July 27, 2020
මේ ගෙවී යන්නේ ඒ කාලයයි..
මගේ විවාහය මගේ අම්මා මොන තරම් සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම මා ඇගේ ඇස් දෙක මෙන් විටෙක සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ හැසිරීම ආදරය යැයි සිතා සිටියෙමි..
Saturday, July 11, 2020
ඉගෙන ගත් අසරණභාවය..
ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින් මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..
Tuesday, June 2, 2020
සුදානම..
අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...
Saturday, August 18, 2018
හැඟිම් වලින් ගැටලු විසඳන්න පුලුවන්ද....
ලිංගිකත්වය
මුල් කරගෙන නොයෙකුත් විදිහේ අපහසුතා වලට මිනිස් සත්තු විදිහට අපි හැමෝම
ජීවිතයේ එක් එක කාල වලදි මුහුණ දීම අද හෙට නවතින දෙයක් නෙමේ..ඒ
වගේම ඒ අපහසුතා ගැහැනු පිරිමි බේදයක් නොමැතිව කතා බහ කිරීම තුලින් අවම කර
ගැනීමට මාවත් සෙවීමත් හරිම අඩුයි බොහෝ මිනිස් සමාජ වල.. ඒ නම් ලිංගිකත්වය
යනු එළිපිට කතා නොකල යුතු දෙයක් විදිහට සලකන නිසා වෙන්න ඕන (සමහර) මිනිස්
සමාජ වල..
Sunday, July 29, 2018
ඔබ නවතින්නේ කොහෙද කොහොමද...
මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක පාරටම කෙනෙක් කියන/හැසිරෙන දිහා බලලා ඇයි නිගමන වලට එන්නේ..මේ බොහෝ අය පාසැල් කාලේ (ඊට පස්සෙත්) නිරීක්ෂණ විශ්ලේෂණය කර නිගමන වලට
පැමිණ විභාග වලට සාර්ථකව පිළිතුරු ලිව්ව අය.. (එහෙම නැති අයත් අනිත් අයගේ
ඕප දූප ඉතා හොඳින් ගැඹුරින් විමසලා හොයන අය..)
Sunday, July 22, 2018
පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද...
පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව
සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ
හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...
Tuesday, July 10, 2018
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 1....
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර
දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති
න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ
හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න
ඕන..
Friday, June 29, 2018
දෙවියනේ හොඳ වෙලාවට මට ඒ දවස් වල කෙලින් ඉන්න බැරි තරම් වැඩ තිබුනේ..
මිනිස්සු මුලින්ම කෙනෙක්ව ඈත ඉඳන් ඒ කෙනා කරන කියන දේවල් බලාගෙන නිහඬව සිටී.. ඉන් පසුව පොඩ්ඩක් ලඟට ඇවිත් මොනවද කරන්නේ කොහොමද කතා කරන්නේ කියා හිතමින් බලාගෙන සිටී.. මේ හිතන වෙලාවේ ඉබේම තමන්ගේ මොන අවශ්‍යතාවයද මේ කෙනාගෙන් කර ගන්න පුලුවන් කියා ද දහ අතේ සිතයි.. (නොසිතන අයත් ඇත හොඳේ..)
Friday, June 15, 2018
ඉපදෙනකොටම දරුවන් කතා කරන දවසක් ඒවිද...
පුංචි
දරුවන් කියන්නේ ලෝකය අනාවරණය කර ගැනීම එකම අරමුණ කර ගනිමින් නොනවත්වා "වීර
චාරිකාවේ" යෙදෙන "දේශ ගවේෂකයෙක්" ලෙස හැඳින්විය හැක.. ඒ නිසා තමයි දරුවන්
හදා වඩා ගැනීම බොහෝ වෙහෙසකර වෙන්නෙත්.. එසේ නොකරන දරුවෙකුගේ වැඩීමේ (
ශාරිරික සහ මානසික ) නොයෙකුත් ගැටලු අනිවාර්යයෙන්ම දකින්න පුලුවන්.. එය
කිසිසෙත්ම මේ "වීර චාරිකාවේ" යෙදෙන්න ගැටලුවක් කර නොගන්න ක්‍රම සහ විදි
වැඩිහිටි ඔබට සොයා දෙන්න හැකියි ඔබ ඒ දරුවාගේ ගැටලු හඳුනා ගන්න සුදානම් නම්
විවෘතව..
Saturday, May 19, 2018
උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...
කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ
තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම
ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..
Thursday, May 3, 2018
නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...
අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන
පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම
කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්..
(අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම
මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)
Thursday, March 15, 2018
ගිරව් කතා කරන්නේ කොහොමද...
අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු
පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත්
නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...
Sunday, March 11, 2018
ඔබ සැමදා පියවරක් පිටුපසින් මා ලඟ සිටිමින් ඇරුණු දොරටු පෙන්වයි...
මගේ පුංචි කාලය සහ නව යොවුන්විය ගැන ආපස්සට හැරිලා බලද්දි මටම පෙනෙන
එකිනෙකට පරස්පර හැසිරීම් පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි කිව්වොත් එය
නිවැරදියි මම හිතන්නේ... පුංචි කාලේ මම එක තැනක ඉන්න බැරි තරම් දඟකාර උනත්
ටික ටික ලොකු වෙද්දි දෙමාපියන් ඇසුරෙන් ලැබුනු අවවාද ඒ දෙදෙනාගේ
ක්‍රියාකලාපයන් දිහා නිහඬව බලන් ඉන්න මගේ මොළය ටිකෙන් ටික ඒ දඟකාරකමට සමු
දීලා මාව නිහඬ කලේ හිත ඇතුලේ නොනවතින සිතුවිලි ගඟක් එක්ක..
Friday, March 9, 2018
ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි...
අතීතයේ සිට ලෝකයේ විවිධ සථාන වල ජීවත් වන මිනිසුන් තම අදහස් එකිනෙකා සමඟ
හුවමාරු කර ගැනීමට භාෂාව නමින් ක්රමෝපායක් බිහි කරගන්නා ලදී..මේ භාෂාව
බිහි වන්නේ ඒ ඒ මිනිසා ජීවත් වන පරිසරය මත බව හොඳින් දන්නා ඔබ ලොකයේ විවිධ
ස්ථාන ඇසුරු කරගෙන විවිධ කාල වල විවිධ භාෂාවන් බිහි වීම ගැන පුදුම විය යුතු නැත.. කලබල
විය යුතුත් නැත.
Sunday, March 4, 2018
මිනිස්සු ඉගෙන ගන්නේ ඇයි...
මගේ පුතා එක එක කාලේට එක එක විදිහේ ප්‍රශ්න අහන ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට තාර්කික ප්‍රශ්න හරි උත්තර හරි දීල අපිව හිතන්න පොළබවන්න හරි දක්ෂයෙක්.. දවසක් අහනවා ඇයි අපි ඉස්කෝල යන්නේ කියලා.. ඉගෙන ගන්න කිව්වම අහනවා ඇයි ඉගෙන ගන්නේ කියලා..
Friday, March 2, 2018
බහුතර මතය ගැලපෙන්නේ මොන වගේ මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයකට ද..
යල් පැනපු මති මතාන්තර වලින් ඔලුව පුරවගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න,
අනිත් කෙනාට මොනව උනත් කමක් නැ "මම" ගොඩ ගියොත් කියලා හිතන බහුතරයක් ඉන්න, (මේ මම ඇතුලේ ඉන්නවා නම් පරම්පරා දහයක් විතර)
නීතියටත් උඩින් ජාතිය,ආගම්,සිරිත් විරිත් ඔලුව උඩ තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න,
Monday, February 26, 2018
කුඩා පැළ නැවත සිටුවීම...
පොළවට හොඳින් මුල් අල්ලා තිබෙන තවමත් වැඩෙන කුඩා පැළයක් වෙනත් පරිසරයකට ගෙන ගොස් පැළ කිරීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ගැන සිතන විට මුලින්ම සිහියට නැඟෙන්නේ, දැනට මුල් අල්ලා තිබෙන පොළවේ පසෙන් බොහොම පරිස්සමින් මුල් නොකැඩෙන පරිදි සෙමින් ගලවා නැවත ගැලපෙන පරිසරයක සිටු වන තෙක් ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමත්, නැවත සිට වු පසු කාලයක් යනතුරු නව පරිසරයේ උවදුරු වලින් ගලවා ගැනීමට උපක්‍රම යෙදීමත්.. නැත්නම් නැවත සිටු වන පරිසරය මොන තරම් සරුසාර උනත් පැළයේ වැඩීම නම් සැක සහිතයි කියා අමුතුවෙන් කියන්න ඕන නෑනේ...
Wednesday, January 31, 2018
හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..

Saturday, January 27, 2018
දෙබිඩි වැඩිහිටියන්ගේ (දෙබිඩි) දරුවන්......
බොහෝ වැඩිහිටියන් කෙනෙක් වෙනුවෙන් ඇති වන "ආදරයක්" දරුවන්ගෙන් සඟවා ගනී...
ඒ වැඩිහිටි අයම කෙනෙක් වෙනුවෙන් ඇති වන "වෛරය" (තරහ) කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දරුවන් ඉදිරිපිට පිට කරයි...
ඉතින් තමන්ට එළිපිට පෙනෙන දෙයට ප්‍රතිචාර දක්වා වැඩෙන "මිනිස්" මොළයක් හිමි දරුවෝ තම වැඩිහිටියන්ගේ අඩි පාරේ ගමන් කරයි.
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.