Wednesday, September 27, 2017

ඉවසීමෙන් සැනසීම ලැබේ (ද ) ...............

සංස්කෘතිය සදාචාරය ආදරය වැනි වදන් වලට මුවා වී ගැහැනු දරුවන් දරා ගැනිමට නොහැකි තරම් "තමන්ව යටපත්" කර ගනිමින් අනෙකුත් අය වෙනුවෙන් දහසකුත් කැප කිරිම් කරමින් ද පිරිමි දරුවෙකු තනිව ගැටලුවකට කෙලින් මුහුණ දීමට නොහැකි බොළද ළදරුවන් ලෙසින් හැමදෙයම අතට පයට කර දී "තමන්ව යටපත්" කරමින් තමුන් ලඟ නොමැති පෞර්ශයක් මවා පාමින් ද දෙමාපිය වැඩිහිටියන් විසින් හදා වඩා අවසානයේ ඔවුන් තනිව වැඩිහිටියන් ලෙස සමාජයට මුදා හැරීමේදි ඇති වන ඛේදවාචක වලට දරුවන්ට ඇඟිලි දික් කරද්දි තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දික්ව ඇති බව අමතක වී යන්නේ.. කාගේ අවාසනාවටද මන්දා...

************************************************************************

තමන් අවට ඉන්න අය වෙනස් උනා කියන "මායාව" අපිට දැනෙන්නේ අවට ඉන්න අය වෙනස් වෙලා නෙමේ.. මොකො කවුරුවත් මැරිලා ඉපදෙන්නේ නැහැනෙ.. වෙන්නේ අපි අපිවත් අවට ඉන්න අයවත් තේරුම් ගැනීමට අපේ "කාලය" වෙන් නොකිරිමයි.. තමන්ව ඉහළ තලයකට ගෙන යාමට "තනි තනිව" හැල්මේ දිවීමයි.. පුද්ගලයෙක් "තේරුම් ගැනීම" යනු කාලයක් තිස්සේ හිමින් හිමින් ගොඩනැඟෙන සංසිද්ධියක් මිස එසැණින් සිදුවන ප්‍රාතිහාරයක් නොවේ.. ඒ තේරුම් ගැනීම ඇති කරගැනිමට තමන්ගේ කාලය වෙන් කරන අය දැනුවත් වන අය නම් ඉතාම අඩුයි නමුත් වෙනස් උනා කියමින් අඬා වැලපෙන අය නම් ඕන තරම්...


***************************************************************************

තමන්ගේ හිතට දැනෙන අවංක අදහස් තමන්ගේ ගැටලු කියන්න විස්වාස ඇහුන්කම් දෙන හිත හදන කෙනෙක් ඉන්න එකයි "යාලුවෙක් යෙහෙලියෙක්" ඉන්නවා කියන්නේ... එහෙම නැතුව fb friend ලිස්ට් එක දවසෙන් දවස වැඩි කර ගන්න එක නම් නෙමේ....

*****************************************************************





ඉවසීමෙන් සැනසීම ලැබීමට කලින් පවතින ක්‍රමයේ බොහෝ  වෙනස් වීම් විය යුතු බවයි මගේ හැඟිම.. ඔබේ ??










No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.