Tuesday, November 28, 2017

ආදරය, වේදනාව සහ ගුරු තරු (ගුරු හොරු නොව) සමඟ නව වසරට පියමනිමින්....

ගුරුවරියකගෙ දරුවෙකුට ඇති ආදරයට, තේරුම් ගැනීමට, ඉගැන්වීමේ හැකියාවට, දරුවන් සමඟ ඔවුන්ගේ ලෝකයට ඇතුල් වන්නට ඇති හැකියාවට, දඬුවම වෙනුවට සියුම් අණ කිරීම් වලට මමද බොහෝ සේ පෙම් බැන්ඳෙමි මගේ පාසැල් කාලය පුරාවටම..

අද මගේ පුතත් ඔහුට මේ අවුරුද්ද පුරාම ඉගැන්වු ගුරුවරියන් අතරින් එක් ගුරුවරියකට මහත් සේ පෙම් කරයි..ඇයගෙන් තොර පාසැලක් ඔහුට නැත..ඇයගෙන් තොර ඉගෙන ගැනීමක් ඔහුට නැත..ඇයගෙන් තොර ආදරයක් පාසැල තුල ඔහුට නැත..ඊලඟ වසරේ පැමිණෙන්නට නියමිත අලුත් ගුරුතුමිය ගැන කිසිම පැහැදීමක් නැත..


මම ද මේ තැනදීම අන්ත අසරණ ලෙස මනසින් කඩා වැටුනෙමි. මා ආදරය කල මට ආදරය කල ගුරුතුමියන්ගෙන් වෙන් වන දින..  මා ආදරය කල ගුරුවරියන්ගෙන් මිස වෙන කෙනෙකුගෙන් ඉගෙන ගැනිමට මම මහත් සේ අකමැති උනු සේම අද මගේ පුතත් ඔහු ආදරය කරන ගුරුතුමිය දමා ඊලඟ වසරේ අලුත් ගුරුතුමිය ලඟට යාමට නොහැකිව ලත වෙයි.. සිහින මවන්නේ ඇයවම දකින්න හැමදාම...

දරුවෙකුට ආදරයක් දැනෙන්න උගන්නන්න පුලුවන් ගුරුවරු ලෝකෙ කොහෙත් ඉන්නේ හරිම සීමිත ප්‍රමාණයයි.. ඒ වාසනාව මට මගේ පාසැල් කාලය තුල ලැබුනා සේම මගේ පූතාටත් ඒ වාසනාවත් සමඟම අතිනත් බැඳගත් ආදරයට සහ වේදනාවට මුහුණ දෙන්න වීම දැකීමම තවමත් ගුරු තරු ( ගුරු හොරු නොව ) ලොව සරණ බව මට පසක් කරවයි...


ප.ලි: ඔබ අනුන්ගේ දරුවන් බලා ගන්න, දෙවියන් ඔබේ දරුවන් බලා ගනිවී... කොහෙදි හරි කියෙව්ව දෙයක්.. 

2 comments:

  1. මේ බැඳීම නේද ඉදිරියට යන්නෙ.ඔබ කියන විදියට දරුවාට ආදරය කරන ගුරුවරයා/වරිය (අම්ම තාත්තත් ගුරු භූමිකාවක් තමයි කරන්නෙ) තම සිසු සිසුවියන් තුලින් මුලු ලෝකයටම ආදරය දෙනව. ඒ පොඩි හදවත් ඒ ආදරය තම දරුවන්ට සහ සෙසු ලෝකයට අනාගතේදි බෙදා හරිනව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ..මේ ගුරුතුමිය ඉන්න පන්තියේ ළමයි කැපී පෙනෙන විදිහට සංවරයි අනිත් පන්ති එක්ක බලද්දි එකම වසරේ.. එකිනෙකා උදව් කරගන්නවා, බලා ගන්නවා, කියන දේ අහනවා,එකමුතුයි, අවුරුද්දේ මුල කියපු පිළිවෙලටම සීනුව ගහනකන් ඉන්නවා පෝළිමට, සීනුව වදිද්දි කොහේ හිටියත් වෙන කෙනෙක් කියන්න කලින් පෝළිමට එකතු වෙලා ඉන්නවා මේ ගුරුතුමිය එනකන් දෑස් දල්වගෙන.. මට හිතුනේ මේ පොඩි හදවත් දැන්මම අවට ඉන්න අයට ඒ ආදරය බෙදා දෙනවා කියලා..

      හැබැයි මේ පන්තියේ තමයි ඉන්නේ දඟම ප්‍රශ්න අහනවා වැඩිම එක එක විදිහේ ගැටලු ගොඩක් තියන ළමයි..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.