Tuesday, August 1, 2017

බලන්න ඔබේ නොපෙනෙන අරුම පුදුම "බඳුන" පිරිල ද හිස් ද ?

අද මම කියන්න යන්නේ  ඔබත් සමඟ ඉපදුනු දා සිට ගමන් කරන අරුම පුදුම  බඳුනක් ගැන. මේ බඳුන ඔබට වගේම ඔබ අවට ඉන්න හැමෝටමත් හරිම වැදගත්.. මොනවද දන්නවද මේ බඳුනේ තියෙන්නේ..හිතන්න බලන්න. නිතරම ඔබ ලඟම තියන මේ බඳුනේ තියෙන්න පුලුවන් මොනවද ?

මේ බඳුනේ තියෙන්නේ යාලුවනේ, ඉපදුනු දා ඉඳලා ඔබට හැමෝගෙන්ම ලැබුනු ආදරයයි ඒ ආදරය හරහා ඔබේ ජීවිතයට එකතු උනු සතුටයි.. ඉතින් මේ ආදරයයි සතුටයි එකතු වෙන නොපෙනෙන බඳුන හැමවෙලේම පිරිලා තියනවා නම් ඔබ ලඟ සැහැල්ලුව සතුට නොඅඩුව රැඳේවි හැමදාම.. ඒ වගේම තමයි මේ බඳුන හිස් නම් ඔබ ලඟ රැඳෙන්නේ ඔබට දැනෙන්නේ දුකක්. ඉතින් ඔබ කැමති මේ බඳුන පිරිලා තියනවට ද හිස් වෙනවට ද ? 

ඔබ ඉපදුනු දවසේ ඉඳලා ඔබේ දෙමාපියන් ඔබ ලඟින් ඉන්නා විටදි ඔවුන්ගේ සතුටු සිනා වලින් ඔබේ මේ නොපෙනෙන අරුම පුදුම බඳුන පිරෙන අතරේ ඔබේ හුරතල් කිරි සිනා වලින් ඔවුන්ගේ නොපෙනෙන බඳුන් ද පිරෙනවා නොදැනීම ඔබේ අතින්... ඒ වගේම මෙතෙක් ඔබේ මේ නොපෙනෙන අරුම පුදුම බඳුන සතුට පිරිනු සිතුවිලි වලින් පුරවන්න දායක උනු අය කොතෙක් ද ... සිතා බලන්න.

ඉතින් මට නම් හිතෙන්නේ මේ නොපෙනෙන අරුම පුදුම බඳුන් පිරවීම මැජික් එකක්.. එහෙම කිව්වේ ඔබේ කාරුණික ආදරණීය වදන් වලින්, හැසිරීම් වලින්  ඔබ කෙනෙකුගේ මේ බඳුන පිරෙව්වොත් ඔබේ බඳුනත් ඉබේම පිරවෙන නිසයි..  ඉතින් මොනවද අපිට කරන්න පුලුවන් මේ බඳුන් පුරවන්න.. අපේ වගේම අපි අවට ඉන්න අයගෙත්.. 

මම කියන්නම් විදි කීපයක්, ඔබත් හිතලා බලන්න.. කෙනෙකුට ඇහුම්කන් දීමෙන්, අවශ්‍ය විටක උදව් කිරීමෙන්, තව තියනවා අරුම පුදුම වචන දෙකක් අපිට හරිම ලේසියෙන් භාවිතා කරන්න පුලුවන්.. ඒ තමයි "කරුණාකර" සහ "ස්තුතියි" කියන වචන දෙක ඔබ කෙනෙකුගෙන් යමක් ඉල්ලන විට සහ ලබා ගත් විට කියන්න පුලුවන්,  ඒ වගේම ඔබට පුලුවන් විදිහට ඔබ අවට ඉන්න අය එක්ක බෙදා හදා ගනිමින් ජීවත් වීමට උත්සහ කිරීමෙනුත් මේ නොපෙනෙන අරුම පුදුම බඳුන් පුරවන්න පුලුවන් සීමාවක් නැතුව.. ඒ එක්කම ඔබ අවට සිටින සාතා සිව්පාවා ගහ කොල රැකබලා ගැනීම කියන්නේ තවත් එක් විදිහක්.. 

නොමිලෙම ඔබට ලැබිලා තියන හිනාව කියන්නෙත් මේ අරුම පුදුම බඳුන් පිරිලා ඉතිරිලා යන්න පුරවන්න පුලුවන් ඔබේ ලඟම තියන වටිනා සම්පතක්.. හරි තැනට භාවිතා කලොත්..  

එහෙනම්  මම අදට ගිහින් එන්නම්, එනවද ඔබත් මේ නොපෙනෙන අරුම පුදුම බඳුන් පුරවන්න විදි හොයන්න යන්න මාත් එක්ක... 



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.