Monday, August 28, 2017

ඔබේ හැඟිම් වලට වහල් වීමට තප්පරයකට පෙර.....


අප ජීවත් වන  සමාජය හරිම පුදුම සහගතය.. පන්සල් හා බැඳි නොයෙකුත් දාන මාන  ධර්ම දේශනා පින් කම් නිමක් නැතිව කරනා මේ සමාජය ජීවිතය දුකක් බව ඒ දුකින් මිදීමට පින් රැස් කල යුතු බවත් පවින් මිදිය යුතු බවත් නිතර දෙවේලේ පවසයි... ඒ පවසන සමාජයේම ජීවත් වන වැඩිහිටියන් තමන්ගේ හැඟිම් වලට වහල් වී කසාඳ බැඳ නව ජීවයන්  බිහි කරයි. ඉන් පසු ඒ නව ජීවිත ද ඒ මාර්ගයේම දක්කා ගෙන යාමට දිවි පරදුවට තබා වෙහෙසේ....

එනම් තම දරුවන් ද කසාඳ බැඳ  මේ ඔවුන් නිතර කියනා දුක් සහිත ජිවිතයට නව ජිවීයෙක් බිහි කරනා තුරු නොනවතින ඒ දැක්කිල්ල ඉන් පසු ද නතර නොවේ...  අඩු පාඩු ඇති දරුවෙක් බිහි උනොත් මේ සමාජය ඒ බිහි වීම කරුමයට දෛවයට  බාර දීමට උපන් හපනුන් ය.. නැති නම් ඒ නව ජිවියාවද මේ තමන් පුන පුනා කියනා දුක් සහිත ලෝකයේ දුක වගා කරමින් නව ජීවයන් බිහි කරමින්  ඉදිරියට යැවීමට  මැරෙන තුරා වෙහෙසේ. නමුත් අරුම පුදුම දෙය නම් ජීවිතය දුකක් බව ඉපදුනු දා පටන් ඉගැන්වීමයි... පන්සල් ගියාට දාන මාන කලාට නිරතුරු ධර්ම දේශනා කලාට ඒ දුක නවතී ද මෙහෙව් සමාජයක... 

මට සිතෙන්නේ මේ ජිවිතය නම් දුක විකිණිම ඉතා  හොඳ මානසික ප්‍රතිකර්මයක් වී ඇති බව මේ සමාජයට... ඒ වටා බොහෝ ව්‍යාපාර  ද (පන්සල් ද ඇතුලු ව )  බිහි වී ඇති අතර "ආදරය" යන වචනය එහි විශාල කාර්යභාර්යක් ඉටු කරමින් මේ සමාජය ගෙන යන මුලාවට ඉමහත් රුකුලක් වී පණ අදිමින් මියෙන්නට  බලා සිටි ජීවිතයේ දුක් නිවෙන මඟක් එන තුරා...

හිතවත/හිතවතිය ඔබ දකිනවා නම් මේ ජිවිතය දුකින් පිරි පවින් මිදී පින් රැස් කල යුතු තැනක් ලෙස ඔබේ හැඟිම් වලට වහල් වීමට තප්පරයකට පෙර සිතන්න තවත් අහිංසක ජිවීයෙකුව මේ දුක් ලොකේට ගේනවද ඔබේ සතුට උදෙසා... .ඔබේ පැවැත්ම උදෙසා.. 




  
ප. ලි. : කුමන හෝ හේතුවක් මත ඔබ මේ වන විටත් දරුවන් බිහි කිරීමට කුමන හෝ අයුරකින් දායක වී ඇති නම්, ඔබේ ජීවිතයේ සතුට, සැහැල්ලුව  විඳිම මඳක් පසෙකින් තබා ඒ දරුවන්ට අවශ්‍ය (ඔබට නොව) මානසික සහ ශාරිරීක සතුට සහ සැහැල්ලුව (අනාගතයේ නොව වර්ථමානයේ)  ලබා දීමට  ඔබේ කාලය වැඩියෙන් යොදවන්න සිතට ගන්න.

2 comments:

  1. දරුවකු බිහි කිරීමෙන්, (විශේෂයෙන් බෞද්ධ ), යමෙක්ට මනුෂ්‍ය ආත්මයක් ලබා දීමට ඔබ උදව් වෙනවා. සසර ගමන කෙටි කිරීමට කුසල් රැස් කරගන්න මනුෂ්‍ය ආත්මයක් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. නව ජීවියෙක් බිහි කිරීමේ අරමුණ සසර ගමන කෙටි කිරීම නම් ඉපදුනු පසු සසුන් ගත කිරීම හෝ සසර කෙටි කර ගැනීමේ මාර්ග සොයා යාමට මං පෙත් සොයා දීමක් හෝ විය යුතුයි.. එසේ වෙනවා ද...

      අනිත් කරුණ මෙසේ මිනිස් ආත්ම ලබා දිමේ අරමුණ සසර කෙටි කිරීම නම් දිගින් දිගට මේ චක්‍රය ගෙන යාමේ අරමුණ කුමක් ද අතුරු ප්‍රශ්නයක් නැගේ..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.