අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...

පොත් විතරක් නෙමේ ලඟදි දවසක NBN upgrade කල නිසා ලැබුන අලුත් Router එක නිසා අරන් තිබ්බ පරන Router එකත් තිබ්බේ කොහෙද කියා මගෙන් ඇහුව පුතු කිව්වේ, "අපි ඒක Internet නැති කෙනෙකුට දෙමු, එතකොට එයාලට Internet යන්න පුලුවන්නේ" කියා… හැබැයි පුතුව රවට්ටලා නම් කිසිම දෙයක් ගන්න බැහැ..දෙන බව දැනෙන විට රවට්ටන මිනිස්සු ඉන්න මේ ලෝකේ පුතුගේ ඒ ගතිගුණයට මම හරිම කැමැතියි...

මේ Challenge එකට අඳාල පොත් පාසල් පුස්තකාලයෙන් තමයි දරුවන් සාමාන්‍යයෙන් ගෙනත් කියවන්නේ..ඒ ඒ වයස් කාණ්ඩ වලට වෙන් කර වෙනම විශේෂ තැනක තමයි පුස්තකාලයේ මේ පොත් තියෙන්නේ.. සාමාන්‍යයෙන් සතියකට ගන්න පොත් දෙක ඇරෙන්න තමයි මේ පොත් දරුවන් අරන් කියවන්නේ Challenge එක දිනන්න..කියවන පොත් web site එකේ record කරන්නත් ඕන..
1,2 වසර වලදි මම පුතාගෙන් ඇහුවම ඔයා කැමැති ද මේ Challenge එක පටන් ගන්න කියා පුතුගෙ උත්තරේ උනේ "නැහැ"..ඉතින් මම ඇහුවා "ඔයා කැමති නැද්ද ඔයාගේ පින්තූරයත් පුස්තකාලයේ බිත්තියේ දකින්න" කියා.. (Challenge එක අදාල කාලය තුල සම්පූර්ණ කරන දරුවන්ගේ ඡායාරුප වලට වෙන් උනු බිත්තියක් පුස්තකාලය සතුයි) ඒකට පුතුගේ උත්තරේ උනෙත් "නැහැ"..වයස අවුරුදු 4 පටන්ම ඉතා පැහැදිලිව ආසාවෙන් පොත් කියවන පුතු ඇයි අකමැතියි කියන්නේ කියන එක මට රහසක් නෙමේ..ඒ මේ අධ්‍යාපන ක්‍රමය ගැන වගේම පාසැල ගැනත් මට තිබුන අවබෝධය නිසා..
පුස්තකාලය බාරව සිටින ගුරුවරියගේ හැසිරීම කැත්තට පොල්ල වගේ බව මම දැක්කේ වරක් දෙවරක් නෙමේ..පුංචි දේකටදි උනත් ඇගේ කටින් පිට වෙන්නේ හරිම උද්වේගකර ස්වරයකින් වචන..ඒ තමයි ඇගේ ක්‍රමය දරුවන් හික්මවන..පාසලේ මම වැඩ කල කාලය ඇතුලෙත් මුල් මාස කිහිපයේ ඇය හිටියේ මාව නොදැක්කා වගේ පුස්තකාලය තුලදි..මුහුනට මුහුණ හමු උනත් Good Morning කියා වත් ඇය කිව්වේ නැහැ..ඇය පමණයි හැමදේම දන්නේ අනිත් අය කිසිම දෙයක් "තමන්ගේ පුස්තකාලය" ගැන නොදන්න බව පෙන්වන්න ඇය ගන්නේ ලොකු වෑයමක්..
(ඇයගේ ඒ ක්‍රමයෙන් ඇය හෙම්බත් වෙන හැටිත් අධිකව වෙහෙසට පත් වෙන හැටිත් බලාගෙන මගේ පාඩුවේ හිටියේ අනුන්ගේ හැසිරිම් වෙනස් කරන්න මට බැරි නිසයි..ඇයමයි වටහ ගන්න ඕන..)
ඉතින් එවැනි පරිසරයකට සතියකට එක් වරක් පමණක්, මේ වෙහෙසකර අධ්‍යාපන ක්‍රමයේ ගිහාම ඇති කියා පුතු එදා ගත්ත තීරණය මම වෙනස් කලේ නැහැ ..නමුත් වසර 3කට පසු පාසල් හොඳින් හුරු පුරුදු වූ පසු, එක් එක් ගුරුවරයාගේ හැසිරීම තරමක් දුරට අවබෝධ කරගත් පසු, මේ වසරේ පුතු අපහසුවකින් තොරව විස්වාසයෙන් කැමත්තෙන් මේ Challenge එක බාර ගන්න සුදානම්..
ප.ලි.: මොන Challenge එකටත් වඩා මට වටින්නේ මගේ පුතුගේ හිනාව..ඒ හිනාව පරිස්සම් කර ගන්න අත් හරින්න නොහැකි දෙයක් තවම මට හමු වී නැහැ..
No comments:
Post a Comment