Thursday, May 3, 2018

නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...

අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්.. (අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)

මේ කෙනා පාර පනින්න හදලා තිබුන තැන ඉඳලා ඇත්තටම පාර පනින්න හදලා තිබුන තැනට තිබුනේ මීටර 50කටත් අඩු දුරක් (පුංචි කන්ඳකුත් නඟින්න තියනවා හැබැයි)... මට තේරුම් ගන්න බැහැ ඇයි මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමි වෙන්නේ.. තමන්ගේ ජීවිතය ගැනත් අනිත් අයගේ ජීවිත ගැනත්.. Lane 7ක එක එක විදිහට යන වාහන තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුලුවන් කියලා මේ කෙනා කොහොමද හිතුවේ.. මේ මහළු වයසේ.. බැරි වෙලාවත් කකුල පැටලිලා වැටුනා නම් කී දෙනෙක් නිරපරාදේ කරදරේ වැටෙනවද මේ උදේ කලබලම වෙලාවක..
මට තේරුම් ගන්න පුලුවන් ඇයි ඒ කෙනා එතනින් පාර පනින්න තීරණය කලේ කියලා අවදානම නොතකා, ඇත්තටම පාර පනින්න තිබුන තැන හරිම ලඟ තිබුනත්.. ඒ තමයි ඒ කෙනා පාර පැනපු තැනට හරි කෙලින් පාර එහා පැත්තේ තියන shopping mole එක. ඇත්තටම පාර පනින්න හදලා තිබුන තැනින් පැන්නා නම් මේ කෙනාට තුන් පාරක් බලන් ඉන්න වෙනවා කොළ එළිය වැටෙනකම්.. එතන පාර පනින්න හදලා තියෙන්නේ කොටස් තුනකින් නිසා.. ඒත් පාර පැනලා ඉවර උනු ගමන් මේ Shopping mole එකට entrance එකක් තියනවා..

තමන්ගේ ලේසියට නීතිය නවන මිනිස්සු කොහෙත් ඉන්නවා කියලා හිත හදාගන්නවා මිසක් වෙන මොනවා කරන්න ද කියලා හිතුනට, ඇත්තටම මට හිතුනා පාර මැදට දුවලා ගිහින්,  කොන්ඳත් නමාගෙන පාර දෙපැත්ත බලා බලා ඉන්න ඒ කෙනාගේ අතෙන් අල්ලගෙන පාර හරහා මාරු කරවලා එන්න..

හැබැයි ඒ වෙනුවට මම කලේ ඒ කෙනා පාර පැනලා ඉවර වෙනකම් මගේ ගමන ටිකකට නවත්තපු එකයි, හිතට ආපු ආවේගය වචන වලට හරවලා ලියල නිහඬ වෙන එකයි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.