Saturday, February 18, 2023

දෙන්න මට නුඹේ සතුට...

මගේ පුතු පිලිසිඳ ගත්ත දවසේ ඉඳන්ම අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දුන්නු දරුවෙක්..මුලින්ම ගර්භනී කාලයේ H1N1 වෛරසයට මාත් එක්ක සති පහේදි සටන් වැදුනු පුතු ඉපදුනාට පස්සේ මුහුණ දුන්නේ පුතුගේ පියාගේ මානසික අසමතුලිතා ගැටලු වලට..තාමත් ඒ ගැටලු වලට පුතු ඉඳහිට මුහුණ දෙනවා පුතුගේ පියා නිසි ප්‍රතිකාර දිගටම නොගන්න නිසා..Postpartum depression හැදෙන්නේ අම්මට විතරක් නෙමේ, තාත්තටත් ඒ තත්වය එන්න පුලුවන් බව ලංකාවේ උගත් අය පවා නොදන්න දෙයක් කියා මට හිතෙනවා මගේ අත්දැකීම් දිහා බලද්දී..


ඉන් පස්සේ පුතුගේම ඇතුලාන්තයේ ගැටලු වලට...ඊටත් පස්සේ දික්කසාදය නිසා නිවාස දෙකක වෙන් වෙන්ව දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිදු වීම.


මේ එකක්වත් ලේසි තැන් නෙමේ. නමුත් මේ හැම තැනකදීම හැඟීම් වලට වහල් නොවී බුද්ධිය මෙහයවා මම තනියම කල දේවල් එක්ක පුතුව internal & external නිරෝගි සමබර දරුවෙක් කර ගන්න හැකී වීම ගැන මට තියෙන්නේ වචනයෙන් කිව නොහැකි සහනයක්..සැනසීමක්..මා තුල ඒ හැකියාව නොතිබුනා නම් පුතුගේ ජීවිතය හරිම කණගාටුදායක ඉරණමකින් අවසන් වෙන්න තිබ්බ ඉඩ හරිම වැඩියි..

තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන අපහසුතා නිසා බාහිර අයට කරදර නොකරන තමන්ටත් එය හිරිහැරයක් කර නොගන්න හරි ආදරණීය සාමකාමි කියන දේ අහන ජීවිතය විඳින දරුවක් අද පුතා...පුතාගේ resilience හැකියාව ඉතාම ඉහළයි..පුතුට මේ බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න හේතු උනු තමන්ගේ තාත්තා දෙසත් උපේක්ශාවෙන් කරුණාවෙන් බලන මනසක් පුතුට හිමියි මගේ මඟ පෙන්වීමෙන්..

(මම හැම විටම පුතුට මතක් කරනවා ලංකාව කියන්නේ දියුණු නැති දැනුමෙන් බොහොම පිටුපසින් ඉන්න ආර්ථික සහ ආකල්ප අතිනුත් දුප්පත් රටක්, තාත්තගේ ගැටලු වලට ලැබෙන්න ඕන නිසි ප්‍රතිකාර පුංචි කාලේ ඉඳලම ලංකාවෙන් නොලැබීම තාත්තගේ වරදක් නොවන බවත්, කිසිසේත්ම එය පුතුගේ වරදක් නොවන බවත්, එවැනි ගැටලු තියන කෙනෙක් එක්ක healthy distance එකක් තියා ගැනීමත් වරදක් නොවන බවත්...)

මේ හැමදේම මට කරන්න පුලුවන් උනේ ඇත්ත කතා කරන නිසා..ඇත්තට මුහුණ දෙන ශක්තිමත් මනසක් මට හිමි නිසා හැංගෙන්නේ නැතුව..පුතුටත් කිසිම බොරුවක් රැවටීමක් සැඟවීමක් මම කරලා නැහැ ජීවිතයේ කිසිම තැනක..කරන්න කිසිම බලාපොරොත්තුවකුත් නැහැ..පුතුගේ වයසට ගැලපෙන්න ඒ ඒ තැනදි ඇත්ත මම පුතු එක්ක කතා කරනවා එවැනි තැන් දෙමාපියන් හැසිරවිය යුතු නිවැරදි ක්‍රම කියා දෙන වැඩමුළු වලට සහ උපදේශන වලට සහභාගි වී ලබා ගන්න දැනුමෙන්..

පුතුගේ පියාගේ සංකීර්ණ මානසික ගැටලු වල සම්පූර්ණ ඇත්ත සවිස්තරාත්මකව කියන්න තවම පුතු පුංචි වැඩියි..වයස 16දි ඒ සියල්ල කියන්න මම පුතුට පොරොන්දුවක් දීලයි තියෙන්නේ.. එතෙක් මේ කිසිම ගැටලුවකට පුතු වගකිව යුතු නැති බව අම්මගෙත් තාත්තගෙත් දෙන්නගෙම ආදරය පුතුට හිමි බව ඕනම දේකදි ඕනම තැනකදි කොන්දේසි විරහිතව මම පුතු එක්ක ඉන්න බව හැමදාම පුතුට කියන්න මම අමතක කරන්නේ නැහැ..තවත් දෙයක්, මගේ මේ කැපවීම් වලට පුතු මට ආපස්සට දෙන්න ඕන පුතුගේ ජීවිතයේ සතුට පමණක් බවත් කියන්න අමතක කරන්නේ නැහැ.පුතු කිසිම විදිහකින් මට ණය නැහැ..



ප.ලි.: දරුවෙක් දස මසක් කුස දරා ගෙන බිහි කරලා හදනවා කියන්නේ සාමාන්‍යෙනුත් ලේසි දෙයක් නෙමෙයි..මේ වගේ තැන් කියන්නේ කෙනෙකුට හිතා ගන්න නොහැකි තරම් අපහසු තැන්..පවුලක පිරිමියා හෝ ගැහැනිය මානසිකව වැටීම කියන්නේ මුහුණ දෙන්න කොහෙත්ම ලේසි දෙයක් නෙමෙයි...

1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.