Showing posts with label මතක සටහන්. Show all posts
Showing posts with label මතක සටහන්. Show all posts

Tuesday, December 11, 2018

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ...

ඉපදී පළමු සති දෙකින් පසු පිළිවෙලකට ටිකෙන් ටික කෑම බීම පහසුවෙන් කවන්න පුලුවන් උනු එහෙත් මාස 8 දී සංක්‍රමණයෙන් පසු එක් වරම කෑම අරහන් වුනු  අවුරුදු 2කෙදි පමණ කෑම කැවීම ඉතා අපහසු වූ පුංචි පුතෙක්  තමයි මට හිටියේ.. පුතා කාලයක දි පුරුදු වෙලා හිටියා මම දෙන දෙන දේ විසි කරන්න..කවන කවන දේ එළියට දාන්න..

Friday, May 11, 2018

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..

Thursday, March 15, 2018

ගිරව් කතා කරන්නේ කොහොමද...

අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත් නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...

Sunday, March 11, 2018

ඔබ සැමදා පියවරක් පිටුපසින් මා ලඟ සිටිමින් ඇරුණු දොරටු පෙන්වයි...

මගේ පුංචි කාලය සහ නව යොවුන්විය ගැන ආපස්සට හැරිලා බලද්දි මටම පෙනෙන එකිනෙකට පරස්පර හැසිරීම් පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි කිව්වොත් එය නිවැරදියි මම හිතන්නේ... පුංචි කාලේ මම එක තැනක ඉන්න බැරි තරම් දඟකාර උනත් ටික ටික ලොකු වෙද්දි දෙමාපියන් ඇසුරෙන් ලැබුනු අවවාද ඒ දෙදෙනාගේ ක්‍රියාකලාපයන් දිහා නිහඬව බලන් ඉන්න මගේ මොළය ටිකෙන් ටික ඒ දඟකාරකමට සමු දීලා මාව නිහඬ කලේ හිත ඇතුලේ නොනවතින සිතුවිලි ගඟක් එක්ක..

Tuesday, March 6, 2018

නුවරට පිපිනු මලක්...

නුවර, එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ මම ආසම කරන නගරයක්.. නුවරට පිපිනු මලක් (ඒ කාලේ කියෙව්ව පොතක නමක්) වගේ මම උදේ හවස නුවර ආවේ ගියේ 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් කෝච්චියේ ඉතාම සුන්දර මතකයන් ගොඩක් එක්ක.. අපිට තිබුනා පුංචි කල්ලියක්, ලොකු පොඩි වගේම එකම වයසේ විවිධ පාසැල් වලට ගිය අපි අතරේ හිනාව, කඳුල වගේම රණ්ඩු සරුවල් එක්ක බැඳුනු එකමුතුකමකුත් තිබුනා..

Monday, February 5, 2018

අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳ වී නෑ සිතුවම්.......

පුංචි කාලේ හරිම සුන්දර මතකයන් අවදි කරවන මේ ජාතික  රූපවාහිනි තේමා ගීයත්, ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතයත්, මේ රට මගේ රට ගීතයත් මමයි මල්ලියි ඇහුවේ එකම පුටුවක ඉඳගෙන... ටික ටික ලොකු වෙන කොට පුටුවේ ඉඩ මදි උනාට එක් කෙනෙක්වත් පුටුව අත හරින්න ලෑස්ති නැහැ.. මතක විදිහට පුටුවේ දකුණු පැත්ත මල්ලිගේ,  වම් පැත්ත මගේ.. මම හැමදාම බැනුම් ඇහුවෙත් මගේ අත් අකුරු වමට බරයි කියලා....

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.