Saturday, May 19, 2018

උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...

කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..

එහෙම ඇතුලතින් තමන් ගැන සතුටු වෙමින් පිටතින් අනුකම්පා කරමින් සමාජයක ඉන්න ඕනම කෙනෙකුට උදව් කලා කියලා සමාජයක් ඉදිරියට යන්නේ නැහැ.. වෙන්න ඕන අඩු පාඩු වෙනස්කම් පසෙකින් තියලා, හැම කෙනෙක්ම එක වගේ කියලා දකින්න පුලුවන් ඇස් දෙකක් හදා ගන්න එක තමන්ගේ මනස දියුණු කරගෙන..

උදව් ඕන තැනට උදව් කරන්න ඕන වෙන්නේ, ඒ උදව්ව කරන්න හිතෙන හිතක් විතරයි, වෙන කිසිම බාහිර බලපෑමක් ඕන වෙන්නේ නැහැ.. එහෙම හිතන්න පුලුවන් උනොත් මනසට ඉඩක් වෙලාවක් ලැබෙනවා, උදව් ඕන කෙනාගේ ආත්ම ගෞරවය ගැන හිතන්න වෙන් කරන්න...
තවත් දෙයක්, ඔබට මුණ හැගිලා තියනවද යම්කිසි අදහසකට එකඟ නොවෙද්දි, එහෙම නැත්නම් පවතිනවට වඩා වෙනස් අදහසක් කියද්දි,  එක එක ක්‍රම වලින් "බය" කරන්න හදන අයව.. මොකද්ද දන්නවද ඒ අයට දෙන්න පුලුවන් හොඳම උත්තරය.. 

 "නිහඬව" ඉන්න එක.. මුහුණට මුහුණ හමු වෙනවා නම් මඳ හිනාවක් එක්ක නිහඬව ඉන්න එක..

මේ වගේ "බය" කරන්න පෙළබෙන අය ආත්ම විස්වාසය අතින් ඉතාම අඩු අය.. හැමවෙලේම ඉන්නේ බයෙන්.. මේ වගේ අය ජීවිතේ තමන් කැමති කිසිම දෙයක් තමන්ට ඕන විදිහට කරගන්න බැරි උනු,  (කලත් ඒ උපරිම කට්ට කාලා) හිත යටින් ඒ ගැන ගොඩක් දුක් වෙන අය..

ඒ නිසා ඒ ආත්ම විස්වාසය අඩු කමින් ඇති වෙලා තියන අනියත "බය" අනිත් අයට කාන්දු නොවෙන්න නම් අපිට කරන්න තියෙන්නේ නිහඬව අපේ පාඩුවේ ඉන්න එක විතරමයි.

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.