Sunday, July 22, 2018

පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද...

පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...

එතකොට පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද.. දැනෙන හැඟිම් කතා කරන්න තහනම් කරලා තියෙන්නේ කවුද.. හැඟිම් යටපත් කරගෙන පීඩනයට පත් වී ඒ පීඩනය අහල පහල ඉන්න අයගෙන් පිට කරන්න හුරු කරලා තියෙන්නේ කවුද...

මිනිස්සු කියලා කියන්නේ ගැහැනු පිරිමි හරි මොන විදිහට හරි හැඟිම් දැනීම් දැනෙන පණ තියන සත්ව කොටසක් මිසක් ගස් ගල් නෙමේ කියන එක කොහොම ද මිනිස් හිත් වලට ඇතුල් කරන්නේ..

දැනෙන හැඟිම් හන්ගලා කොහොමද මිනිස්සු මිනිස්සු වෙනුවෙන් ලෝකයක් හදන්නේ.. එහෙම හදන්න පුලුවන්.. රොබොවරුන්ට ඉන්න ලෝකයක්. එහෙම ලෝකයක් නේද දැන් දැදිලා තියෙන්නෙත්... ඉතින් ඇයි තවම පිරිමිකම (මිනිස්කම) ගස් ගල් වලින් මනින්නේ ?


පලි.: පුදුමේ කියන්නේ මේ අනුන්ගෙන් නිකරුනේ පීඩනයට පත් වන අයම එය සාධාරණීයකරණය කිරීමනේ...ඒකට කියන්නේ උත්තරීතර ආදරයලු.. 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.