පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර
දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති
න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ
හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න
ඕන..
මේ උගන්වන න්‍යායන් එකිනෙකින් ස්වායත්ත උනාට එකට එක් උනාම
දරුවෙක්ගේ ශාරිරීක සහ මානසික වැඩීම ගැන ගොඩක් හොඳ අවබෝධයක් ලබා ගන්න
පුලුවන් වයසට අනූව.. ඒ අවබෝධය හරිම වැදගත් එදිනෙදා මේ දරුවන් එක්ක කරන්න
ක්‍රියාකාරකම් හදද්දි..නැත්නම් වෙන්නේ ඔලුවේ කැක්කුමක් හදාගෙන හවසට ගෙදර
යන්න..

මේ පුද්ගලයා විස්වාස කරනවා මිනිස්සු පියවර (Stages)
8කින් තමයි තමන් කවුද මොන වගේ කෙනෙක් ද කියන එක ගොඩ නඟා ගන්නේ කියා..ඔහු
කියනවා මේ හැම පියවරකදීම කෙනෙක් තමන් මුහුණදෙන එක් ප්‍රධාන ගැටලුවකට
විසඳුම් හොයමින් ජීවිත ගමන ගෙනියන බව, තමන් ගැන තමන්ටම වඩා හොඳ පැහැදිලි
අවබෝධයක් ලබා ගන්න..
කිසිම කෙනෙක් හදවතින්ම කැමැති නැහැ තමන් නරක,
කිසිම වැඩකට නැති, අඩු පාඩු වලින් පිරුණු, අන් අයගේ ආකර්ෂණය නැති කෙනෙක්
විදිහට දකින්න..දිගින් දිගට කෙනෙක්ට එහෙම හිතෙද්දි සියදිවි හානි කරගන්න පවා
කෙනෙක් පෙළබෙන්න හැකි නිසා මේ පියවර 8 හරහා අනුන් තමන්ව කෙසේ දැක්කත්
තමන්ට තමන් හොඳ කෙනෙක් කර ගන්න මේ ලොකේ හැම කෙනෙක්ම හැම මොහොතකට වෙහෙසෙන බව
ඔහු පැහැදිලි කරනවා..
මේ පියවර ආරම්භ වෙන්නේ කුඩා කල සිටම නිසා
දරුවන් සමඟ කාලය ගත කරන ඕනම කෙනෙක් මේ ගැන පොඩි හරි අවබෝධයකින් සිටීම
අනාගතයේ නිරෝගි මනසක් තියන ජීවිතයේ එන හදිසි අභියෝග වලදි හැංගෙන්නේ නැතුව
මුහුණ දිය හැකි, බය නැතුව විසඳුම් සොයා යා හැකි වැඩිහිටියෙක් බිහි කරන්න
යන මාවතට ගෙන්නේ ලොකු ආලෝකයක් නිසයි මේ න්‍යාය උගවන්නේ.. එයට
ප්‍රධානම හේතුව තමයි දරුවන් සමඟ එදිනෙදා වැඩ කරද්දි ඒ දරුවන් අපිත් එක්ක
ගොඩක් ලඟ සම්බන්ධයක් හැදෙන නිසා අපි වැඩ කරන විදිහ ඒ දරුවන්ට ගොඩක් ලොකු
බලපෑමක් කරන එක..
හැමවිටම අපි දරුවෙකුගේ අවශ්‍යතාවයකදි හැසිරෙන්න ඕන
හරිම උණුසුම් ආදරණීය විදිහට..එහෙම නැතුව කරදරයකින් බේරෙන්න වගේ එයාගේ
අවශ්‍යතා කලබලෙන් ඕනවට එපාවට කරන එක නෙමේ වෙන්න ඕන.. එහෙම කලොත් දරුවට
හිතෙන්නේ මම ඒ තරම් වටින කෙනෙක් නෙමේ කියන එක.. එතනින් එහාට මම පැහැදිලි
කරන්න ඕන නැහැනේ වෙන්නේ මොකද්ද කියන එක..
අපිට දරුවෙකුගේ
අවශ්‍යතාවයක් ඒ වෙලාවෙම කරලා දෙන්න බැරි වෙලාවට අපි ඒක කියන්න ඕන හරිම
සෞමය විදිහට සරලව හිමින් කලබල නැතුව තරහ නොගෙන..දරුවෙක්ට දෙයක්
දෙන්න ඕන එයාගේ ආසාවන් හඳුනගෙන සහ එයාගේ වයසට ගැලපෙන විදිහට..මෙහිදි විවිධ
ක්‍රියාකාරකම් වලට දරුවෙක් නිරාවරණය කිරීම හරිම වැදගත් කොටු කරන්නේ
නැතුව.. හැබැයි තෝරා ගන්න ඉඩ දෙන්න ඕන දරුවට.. ඔබ නෙමේ තෝරන්නේ මොකද්ද
දරුවා කරන්නේ කියන එක.... එහෙම කලොත් ඔබට සිදු වේවි අවුරුදු 18දිත් තෝරා
දෙන්න.. මොකද මොළය පුරුදු වෙලා නැහැනේ තමන්ට ගැලපෙන ආරක්ෂාකාරි දේවල් අවට
පරිසරයේ ඇති දේවල් වලින් තෝර ගන්න.
පේනවා නේද දරුවන් හදද්දි ඔබෙන්
වෙන්න පුලුවන් නොහිතන අත්වැරදි මේවා..හැබැයි ආයේ කවදාවත් මේවා හදන්න බැහැ
වැඩිහිටි මොළයක....ඒ වගේම දරුවෙකුට තමන් කැමැති විදිහට සෙල්ලම් බඩු තියා
ගන්න ඉඩක් වෙන් කර දීම සහ වැඩිහිටි ඔබ එයට නිතර ඇඟිලි නොගැසීමත් හරි
වැදගත්..දරුවෙක් දෙයක් කරද්දි අපි දෙන්න ඕන ඒ දරුවට අවශ්‍ය කරන
තරමේ උදව්වක් විතරයි.. එහෙම නැතුව ඒ දරුවට තනියම කර ගන්න පුලුවන් දේත් අපි
හැමවෙලේම පස්සෙන් ඉඳලා කරලා දුන්නොත් හරි ඉක්මනින් needy දරුවෙක් බිහි
වෙනවා.. ඉන් පස්සේ ගොඩක් අය බනින්නේ නම් දරුවට.. එයාලා දකින්නේ නැහැ (නෙමේ
ඕන කමක් නැහැ) ඒ තැනට දරුවව ගෙනාවේ තමන්මයි කියන එක..

No comments:
Post a Comment