Showing posts with label තෝරා ගැනීම්. Show all posts
Showing posts with label තෝරා ගැනීම්. Show all posts

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

Sunday, August 9, 2020

තනිකරම මගේ තීරණයක්...

ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..

Saturday, July 11, 2020

ඉගෙන ගත් අසරණභාවය..

ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන  තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින්  මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman  කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා  කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා  විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..

Thursday, June 11, 2020

අන්න ඒ වගේ දවසක් තමයි අද..

පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..

Tuesday, June 2, 2020

සුදානම..

අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...

Thursday, May 28, 2020

මොනවද දන්නව ද ඒ සාධක...

මාසයකට පමණ පෙර (හරියටම කිව්වොත් මාසයකුත් දවස් 14ක්  හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ  පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව..

Friday, May 22, 2020

ඒ මට හිතෙන දේ..

මම ගොඩක් පරිස්සම් වෙන තැනක් තමයි මගේ ජීවිතයට මෙතෙක් (සැඟවී වගේම එළිපිටත්)  නරක අත්දැකීම් ලැබූනු (සමීප)  වැඩිහිටි පුද්ගලයින් සමඟ පුතුගේ සබඳතා පවත්වා ගැනීම කියන්නේ..දරුවන්ට දෙමාපියන් නිසා තෝරා ගැනීම් වලට ලක් කල නොහැකි මිනිස් සබඳතා වලට අනිවාර්යයෙන් නිරාවරණය වෙන්න  සිද්ද වෙන බව අපි හැමෝම දන්න දෙයක්..

Sunday, March 29, 2020

අපේ GP

පහුගිය වසර 8තුල මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් උනත් වෙනස් නොවූ දේවල් ද ඇත.ඉන් එකක් තමයි අපේ GP...2012 වසරේ සිට අද වෙන තුරු ඕනම අවශ්‍යතාවයකට අපි යන්නේ, උපදෙස් විමසන්නේ එකම GP කෙනෙක් ලඟට..වසර 8 ක් තිස්සේ හිමින් හිමින්,  ඒ වගේම හරිම විවෘතව මානුශීයව ගොඩ නැඟුනු මේ සම්බන්දය අද වෙද්දි ඉතාම හොඳ ද්විපාර්ශවීය අවබෝධයක් සහිතව ඉදිරියට යන්නක්..

Thursday, July 26, 2018

සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..

සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.