Saturday, July 11, 2020

ඉගෙන ගත් අසරණභාවය..

ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන  තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින්  මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman  කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා  කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා  විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..

මෙහිදි එම පුද්ගලයා බල්ලෙක් නිදහස් පැන යා හැකි පරිසරයක තබා ඒ සතාට දී තිබෙනවා කුඩා විදුලි සැරක් නොහිතන මොහොතක.. එහිදි ඔහු නිරීක්ෂණය කර තිබෙන්නේ අපහසුතාවය දැනුනු සැණින් එතනින් ඉවත් වන සතා..එහිදි බල්ලාට ලොකු පීඩනයක් දැනුනු බවක් හැසිරිමේ වෙනසක් උනු බවක් ඔහු නිරික්ෂණය කර නැහැ..එහිදි ඔහු කියනවා තමන්ට  දැනෙන  යම් අපහසුතාවයක් පාලනය කිරීමේ හැකියාව තමයි ඊට හේතුව කියා..මොකද බල්ලට නිදහසක් තිබුන විදුලි සැර නිසා දැනෙන අපහසුවෙන් මිදෙන්න..පළා යන්න..

ඊලඟට ඔහු කර තිබෙන්නේ පැන යන්න නොහැකි පරිසරයක බල්ලා තබා නැවත විදුලි සැර සතාට වැදෙන්න සැලැස්විම..මොකද්ද ඔබ හිතන්නේ ප්‍රතිඵලය වෙන්න ඇත්තේ මෙවර..ඔබ හිතනව ද සතා දිගටම පැන යන්න, දැනෙන අපහසුතාවයෙන් මිදෙන්න උත්සහ කරයි කියා එහෙම නැත්නම් උත්සහය අත හැර දමාවි කියා..(මට මෙතනදි බොහෝ මිනිසුන්ගේ විවාහ ජීවිතත් සිහි වෙනවා ඉබේම) 

වෙලා තියෙන්නේ දෙවෙනි අවස්ථාව..ටික දවසක් පැන යන්න, ගැලවෙන්න විවිධ ක්‍රම  වලට උත්සහ දැරු සතා ඊට අවස්ථාවක් නොලැබෙන විට, තමන්ට තම අපහසුතාවය ගැන පාලනයක් නොමැති බව තේරෙන විට,   තම නිදහස අත් හැර  දමා  අපහසුතාවය දරාගෙන ඔහේ පසෙකට වී ඉන්නා සැටි වගෙම සමහර සතුන්ගෙන් ශාරිරිකවත් ඒ විඳින පීඩනය පෙනෙන්න  වූ බවයි ඔහු පවසන්නේ..ඉන් පසු ඔහු නැවත ඒ සතුන්ම නිදහස් පරිසරයක තබා විදුලි සැරට නිරාවණය කර ඇත්තේ ඊලඟට මේ සතුන් කුමක් කරාවි ද බලන්න..

මොකද ඔබ හිතන්නේ දැන් මේ සතුන් තමන්ට දැනෙන අපහසුතාවයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබි තියෙද්දි, අපහසුතාවය දරාගෙනම ඉදිවි ද, ලද අවස්ථාවෙන් අපහසුතාවයෙන් මිදෙන්න උත්සහ කරාවි ද..ඔහු නිරීක්ෂනය කල දේ තමයි පසුව ඔහු හඳුන්වා තියෙන්නේ Learned helplessness  ලෙස.. ඒ කියන්නේ බල්ලන් නිදහස් පරිසරයක හිටියත්   තමන්ට තමන් ගැන  පාලනයක් තිබුනත්  විදුලි සැරෙන් දැනෙන වේදනාවෙන්, අපහසුතාවයෙන් මිදෙන්න කිසිම උත්සහයක් දරා නැහැ...බැරිකම නෙමේ, මතකනේ පළමු වතාවේ බල්ලා ඉවත් උනා..මම මොනවා කලත් ගැලවීමක් නෑ කියන තැනට සතාගේ මොළය ඇවිත්..

දැන් බල්ලගෙන් මිදිලා ඔබත් ඇතුලු ඔබ අවට  මිනිස් හැසිරීම් දිහා බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ..තමන් විඳින අපහසුතා වලින් මිදෙන්න හැකියාව තියාගෙනත්, අවස්ථා අතටම ලැබිලත්  මේ තත්වයේ සිර වී තිබෙන මිනිස් මනසවල් හඳුනා ගන්න ඔබට හැකි ද..

//Learned helplessness is a state that occurs after a person has experienced a stressful situation repeatedly. They come to believe that they are unable to control or change the situation, so they do not try — even when opportunities for change become available.///

ප.ලි. මේ පර්යේෂනය කල පුද්ගලයා පසුව හොයා ගන්නවා නැවතත් මේ බල්ලන් තමන් වෙනුවෙන් තමන් යහපත නිදහස වෙනුවෙන් නැඟි සිටින්න  (Assertive skills)  පුරුදු කල හැකි බව, නමුත් සෑහෙන්න වෙහෙස වෙන්න වෙන බව...සතුන් හිලෑ කරනවා කියා බොහෝ විට මිනිස් සතුන් කරන්නෙත් මෙහෙම දෙයක් තමා..

ඉතින් කාට හෝ දිගින් දිගටම සෘණාත්මක දේවල වලට නිරාවරණය වෙන්න සිදූ වී ඇත්නම් වහාම ඒ කෙනාව එතනින් මුදවා ගන්න, ඉවසීම කියන්නේ විසඳුමක් නෙමේ..වගේම කටු කෑම කියන්නේ ධනාත්මක ප්‍රතිඵල ගේන  සූර වීර  ක්‍රමයක් නෙමේ..

2 comments:

  1. ඔබගේ වෙබ් අඩවිය අපගේ සින්ඩියෙහි පල කර ගැනීමට මේ ලින්ක් එකෙන් එන්න. https://techwishwayasyndi.blogspot.com/

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.