Saturday, January 27, 2018

දෙබිඩි වැඩිහිටියන්ගේ (දෙබිඩි) දරුවන්......

බොහෝ වැඩිහිටියන් කෙනෙක් වෙනුවෙන් ඇති වන "ආදරයක්" දරුවන්ගෙන් සඟවා ගනී... 

ඒ වැඩිහිටි අයම කෙනෙක් වෙනුවෙන් ඇති වන "වෛරය" (තරහ) කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දරුවන් ඉදිරිපිට පිට කරයි... 

ඉතින් තමන්ට එළිපිට පෙනෙන දෙයට ප්‍රතිචාර දක්වා වැඩෙන "මිනිස්" මොළයක් හිමි දරුවෝ තම වැඩිහිටියන්ගේ  අඩි පාරේ ගමන් කරයි.



කකුළුවෝ ඇදේට යන ගමන් පැටවුන්ට කියනවා කෙලින් යන්න කියලා
මේ ක්‍රියාවලිය මාරු වී සිදු උනා නම්..
ඒ කිව්වේ කකුළුෝ කෙලින් ගියා නම්...

කකුළුවා නටන්නේ වතුර නටනකම් විතරයි කියලත් කියනවනේ..
ඉතින් පැටව් ටික කෙලින් යන්න ගත්තු දාට
 කකුළුවන්ට අකමැත්තෙන් හරි කෙලින් යන්න වෙයි ද...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.