Showing posts with label නිදහස. Show all posts
Showing posts with label නිදහස. Show all posts

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...

Sunday, August 9, 2020

තනිකරම මගේ තීරණයක්...

ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..

Monday, July 27, 2020

මේ ගෙවී යන්නේ ඒ කාලයයි..

මගේ විවාහය මගේ අම්මා මොන තරම්  සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි  කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම   මා ඇගේ ඇස් දෙක මෙන්  විටෙක  සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ  හැසිරීම ආදරය යැයි  සිතා සිටියෙමි..

Sunday, July 26, 2020

එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..

මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..

Thursday, June 11, 2020

අන්න ඒ වගේ දවසක් තමයි අද..

පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..

Saturday, May 30, 2020

හදන එක වගේම (අත පුච්ච ගන්නේ නැතුව) ගලවන එකත් කලාවක්..

මේ සඳුදා පුරුදු විදිහට සතියේ දින පහම දරුවන් පාසල් යන්න පටන් ගත්තට වෙනදා වගේ දෙමාපියන්ට අවසරයක් නෑ පාසල පුරා ඇවිදින්න තියා ඇතුලටවත් යන්න..හැබැයි ඒ උදේට විතරයි..

හවසට වෙනදට පාසල අරින්න විනාඩි 45කට පෙර ඇරෙන ගේට්ටු දෙමාපියන්ට ඇරුනේ විනාඩි 15කට කලින්..ඊට කලින් එන්න එපා කිව්ව දේ නම් හැම දෙමාපියෙක්ම අකුරටම පිළිපඳින්න ඇති..ඒ වගේම නිසි පරතරය තියා ගන්නත් අමතක කලේ නැහැ කිසි කෙනෙක්.. හැබැයි ඒ පරතරය පවත්වා ගැනීම  එතරම් සාර්ථක නැහැ පාසල ඇරුනු පසු..

Thursday, May 28, 2020

මම ඉන්නේ උදව් කරන්න...

මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා  thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්,  එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත්  තමයි හේතුව..

Sunday, May 24, 2020

ඔබ මොනවද දන්නේ....

  • ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..

  • සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..

Tuesday, May 19, 2020

ගලන ගඟකි ජීවිතේ..

අපේ ගෙදර හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කලමණාකරනය කරන්නේ මම දැන් වසර 5ක ඉඳන්..පාලනය නෙමේ,ගෙදරක් එහෙම නැත්නම් පවුලක් කියන්නේ පාලකයෝ ඉන්න තැනක් විදිහට නෙමේ මම මගේ දෙමාපියන්ගෙන් දැක්කේ..විශේෂයෙන් මගේ තාත්තගෙන්..

Saturday, April 11, 2020

තනිකම..

ඊයේ හරිම නිහඬ දවසක්..ඒ වගේම වැහිබර දවසක්..වෙනදට වැල නොකැඩී ඇදෙන වාහන වෙනුවට අද ඇහෙන්නේ පේන්නේ ඉඳහිට යන ට්‍රක් රථ ඇතුලු තවත් වාහන කීපයක් පමණයි..

Wednesday, December 5, 2018

රතු රෝස...

ඕනම මිනිස් සමාජයක කාලයක සිට ගොඩ නැඟිලා තියන සමාජ ආකල්ප, සංකල්ප (ආගම් ද ඇතුලුව) තිබුනේ නැත්නම් මේ වෙනකොට මිනිස් වර්ගයාත් වද වී ගොස් බොහෝ කල් කියා මට සිතේ..(ඒ වගේම මේ කිසිවක් නැතිවද මිනිසාට ගමනක් ඇති බවද මම දකිමි සිහියෙන් යා හැකි නම් ඉදිරිය දකිමින්..)

Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවිය සහ ඇස්..

වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත් එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි සුරංගනාවියගේ කකුල් දෙකම හරියට වැඩ කරන්නේ නහැ..තියන හැම පියවර කීපයකටම සැරයක් ඇය බිම වැටෙනවා, හැබැයි ආපහු නැඟිටින්නේ හරිම ලස්සන හිනාවක් එක්ක. ඒ නිසාමයි මට එයාව හොඳට මතක හිටියේ.. කොහොම උනත් ඇය ලඟට ගිහින් මම කතා කලේ නැහැ,

Sunday, October 7, 2018

අකමැත්තට කැමැත්තෙන් කැමති වීම....

ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි..

Wednesday, September 5, 2018

පාඩුවේ ජීවත් වීමට ඇති එකම මඟ වන ගත වීම ද....

ඔබ ඔබව නොරිදවාගෙන, අන් අයට ඔබව රිදවීමට ඇති අවස්ථා සියල්ල වසා දමමින්, අන් අයට ඔබව පාලනය කිරීමට ඇති අවස්ථා ද වසා දමමින් ඔබේ සීමාවන් ඇතුලේ සංවේදීව සතුටින් සැහැල්ලුවෙන් සාධාරණව ජීවත් වීමට ආරම්භ කරන පළමු දින පටන්ම අවස්ථාවාදි දුර්වල මිනිස්සුන් ඔබට ගැසීමට ගල් එකතු කරනු ඇත.. ගලක් සොයා ගැනීමට නොහැකි නම් පුලුන් කැබැල්ලකින් හෝ දමා ගසනු ඇත ඉන් ඔබට රිදෙතැයි සිතා...මීට අමතරව ඉතාම ලගන්නා සුලු වේශයකින් ද මෙවැනි අය ඔබට ලං වෙන්නට උත්සහ කරනු ඇත ආදරයේ නාමයෙන්..

Monday, August 13, 2018

කට්ට නොකා තියන දෙයක් බෙදා හදාගෙන කමු ද...

කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක බෙදා හදාගෙන තියන දෙයක් කන්න නම් මම කවදත් එක පයින් ලෑස්තියි.. හැබැයි ඉතින් බෙදාගෙන කටු කන්න නම් කට්ටිය හොයා ගන්න හරිම අමාරුයි..

Tuesday, July 24, 2018

ඇත්ත ඇස් දකිනවද ඇත්ත බොරු...

රැකියාවක් කරන තැනක තියන තරඟය සහ එකිනෙකා කපාගෙන යට කරගෙන ඉදිරියට යන්න හැදිලා තියන  පරිසරයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.... ඔබත් ඒ දේ ඉවක් බවක් නැතුව කොපි කරනව ද.. නැත්නම් පාඩු උනත් කමක් නැහැ කියලා ඒ තරඟයෙන් ඉවත් වෙලා ඉන්නවද.. මම මගේ පළමු රැකියාවට යන්න හිතන්නේ වයස 22දි 23දි.. ඒ Software Analyst Programmer කෙනෙක් විදිහට. උපාධිය කරන ගමන්ම අයදුම් කරපු ඒ රැකියාවේ interview දවසේ මට ලැබුනා හරි අපූරු අත්දැකීමක්..

Tuesday, July 3, 2018

නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද..

මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..

Monday, July 2, 2018

කෑම කෑම කෑම කෑම...

ඔබ කවදහරි හිතලා තියනවා ඔබේ දරුවන්ට ඒ අයට පහසුවෙන් ගෙදරම තනිව හදා ගත හැකි සමබර ආහාර වේලකට හුරු කරන්න ටිකෙන් ටික ලොකු වෙද්දි....ඒ කිව්වේ අපිට පුරුදු සංකීර්ණ යැපුම් ආහාර රටාවෙන් මිදී සරල ස්වාධීන සමබර ආහාර රටාවකට හුරු කරන්න..

Monday, June 25, 2018

ජීවත් වෙන්න සටන් කරද්දි හීන දකින්න වෙලාව තියනවද..

කොයි තරම් බැලුවත් Golden Buzzer එන හැම සැරේකම මගේ ඇස් වල කඳුලු පිරෙනවා කියලා මම දන්නේ සමහර වෙලාවට ඒ කඳුලු වල සීතල මට දැනෙන නිසා විතරයි.. මුලදි පේන්න බැරි උනත් මම ආසම කරන විනිශ්‍යකරුවා, Simon Cowell. කවදා කොහොම ඒ කැමැත්ත ඇති උනාද කියලා මටම මතක නැහැ..

Sunday, June 24, 2018

උත්තල කාච සහ ගිනි තැබීම....

මිනිස්සුන් තමන්ගේ නියම සිතුවිලි සඟවා ගන්නේ, නිරාවරණය වු ඒ සිතුවිලි පරාවර්තනය කර තමන් දවා අලු කල හැකි උත්තල කාච මිනිසුන් අතරම ඇති නිසාද..එය එසේ නම් ඒ ඇවිලූ ගිනි දළු නිවා ගන්න සිහිල් දිය දහරක පහස තමන් තුලම ඇති නම් මිනිසුන් තම සිතුවිලි නොසඟවා කියාවිද...
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.