Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Monday, June 1, 2020

කවදාවත් කියන්නේ නැහැ මම ...

අම්මා කෙනෙක් කියන්නේ දරුවන් හැම තප්පරේම මනැසේ (ඒ කියන්නේ දැක්කේ නැති උනත් ලඟ නැති උනත් හිත ඇතුලේ) තියා ගෙන ඉන්න හැකි කෙනෙක්..මේ හැකියාව නිසාම ඇයට ඇය අහිමි වෙන අවස්ථා මමත් මුහුණ දුන්න, මුහුණ දෙන හරි සුලබ දෙයක්..

Thursday, May 28, 2020

මොනවද දන්නව ද ඒ සාධක...

මාසයකට පමණ පෙර (හරියට කිව්වොත් මාසයකුත් දවස් 14ක්  හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ  පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව..

Thursday, May 21, 2020

තව දුරයි...

මගේ අම්මත් එක්ක කතා කරන හැම වෙලාවකම අවසානයේ මට හිතෙන දේ තමයි, ඇයගේ මනස මොන තරම් අත හැරීමට දුරයි ද, යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත එලෙසින්ම සාමකාමීව පිළිගැනීමෙන් මොන තරම් දුරයි ද  කියන කාරණය..අර මැක්කගේ කතාවේ වගේ මොන තරම් කතා කරත් අන්තිමෙ නවතින්නේම එතන නිසා කතා බහ සීමා කරල දැන් වසර 3ක්..

Tuesday, May 19, 2020

ගලන ගඟකි ජීවිතේ..

අපේ ගෙදර හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කලමණාකරනය කරන්නේ මම දැන් වසර 5ක ඉඳන්..පාලනය නෙමේ,ගෙදරක් එහෙම නැත්නම් පවුලක් කියන්නේ පාලකයෝ ඉන්න තැනක් විදිහට නෙමේ මම මගේ දෙමාපියන්ගෙන් දැක්කේ..විශේෂයෙන් මගේ තාත්තගෙන්..

Wednesday, May 6, 2020

කොකිස්

පයින් යන්න එන්න පුලුවන් තරම් ලඟ සිංහල කඩයක් තියනවා කියන්නේ රෑ මැද්දේ  උනත් කොකිස් කන්න  පුලුවන් කියන එක සින්දුවකුත් අහන ගමන්..තව ඕනම නම් කහට අඩු ඉඟුරු දාපු වැඩි සීනි ප්ලෙන් ටී එකක් බොන්නත් පුලුවන්..

Sunday, March 29, 2020

අපේ GP

පහුගිය වසර 8තුල මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් උනත් වෙනස් නොවූ දේවල් ද ඇත.ඉන් එකක් තමයි අපේ GP...2012 වසරේ සිට අද වෙන තුරු ඕනම අවශ්‍යතාවයකට අපි යන්නේ, උපදෙස් විමසන්නේ එකම GP කෙනෙක් ලඟට..වසර 8 ක් තිස්සේ හිමින් හිමින්,  ඒ වගේම හරිම විවෘතව මානුශීයව ගොඩ නැඟුනු මේ සම්බන්දය අද වෙද්දි ඉතාම හොඳ ද්විපාර්ශවීය අවබෝධයක් සහිතව ඉදිරියට යන්නක්..

Saturday, March 28, 2020

වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම්

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන  නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්.. 

Monday, December 3, 2018

මෙසේ විය හැකි බව එසේ ලියා තැබුවෙමි...

ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්ය නැති මොහොතක.. ජීවිතය කොහොමත් දෙයක් අපිට ලබා දෙන්නේ අපිට ඕන වෙලාවට නොව ජීවිතයට ඕන වෙලාවට කියන එක කාලය දිහා ආපස්සට හැරි බලන විට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ..

Tuesday, August 28, 2018

අපි එකම රෑනේ කුරුල්ලෝ...

ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක් නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් එකතු උනු දැනුමත් කලේ ලොකු වැඩ කොටසක්..(මම එක රටාවකට කොටු වී කියවන කෙනෙක් නම් නෙමේ..)

Friday, August 10, 2018

ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර...

දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන් ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ දරුවන් නැගිටුවා කිව්වේ අනේ පුතේ වඳින්න ඕන නැහැ කියා උනත් ඒ මව ගත් කටටම කිව්වේ "එහෙම හරි යන්නේ නැහැ ,මේව සිරිත් අපේ කම.. "

Monday, July 30, 2018

බස ගැන මගේ කෙටි කතාව...

මම ඉපදුනේ කොහෙද හැදුනේ වැඩුනේ කොහෙද, මොන වගේ අය එක්ක ද ජීවත් වුනේ, ඉගෙන ගත්තේ කොහෙද කොහොමද, මොන බාසාවෙන් ද කතා කරන්න පටන් ගත්තේ කියන එක වගේ දේවල් හංගන්න කිසිම දවසක ඕන කමක් මට තිබුනේ නැහැ..

Thursday, July 26, 2018

සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..

සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..

Wednesday, July 25, 2018

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර....

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට )

Saturday, July 21, 2018

ඔබට අවශ්‍ය එකාධිපතියෙක් ද...

මගේ වයස 18 පහුවෙන විටම වාගේ අපේ අම්මට ඕන උනේ පවුලට ගැලපෙන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති උගත් උසස් රැකියාවැති කෙනෙකු සොයා සියලු නැදෑ හිත මිතුරන් ගෙන්වා මාව රූමත් දුටු දුටුවන් වශීකරවන මනාලියක් කර සතුටු කඳුලු හෙළමින් ගෙදරින් පිටත් කර ඇගේ හිතේ ඇති බර නිදහස් කර ගැනීම උනත් තාත්තා පුංචි කාලයේ පටන්ම මගේ කැමැත්තට වැඩි ඉඩක් වෙන කල නිසා එය සිදු උනේ නැහැ..

Wednesday, July 18, 2018

මම කවදවත් ආස සීතලට, ඔබ...

අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත් මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති, විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට දැනෙන්නේ මම ජීවත් වෙන බව..

Saturday, July 7, 2018

මං ආස මං වෙන්න....

අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න.  මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් නොගැලපීම් වලදී මට ඇහුණු වාර ගාණ වැඩියි..

Tuesday, July 3, 2018

නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද..

මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..

Sunday, July 1, 2018

ලිවීම ඔබ මම සහ නෙල්ලි...

ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී  තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..

Saturday, June 9, 2018

දිනෙක හිරු බැස යන වෙලාවක....

 මගේ පුතා කියන්නෙ පුංචි කාලේ ඉඳන් මට ඕන වෙලා තිබුන, ඒත් දවසෙන් දවස හීනයක් උන නිදහස් නිවහල් ස්වාධීන ජිවිතේ ගෙවන්න හරිම අහම්බෙන් ඉඩ ලැබුනු, මගේ ජිවිතය බැඳ තිබු බොහෝ බැමි කඩලා දාපු කිසිම සැඟවීමකින් තොරව මට මං වෙන්න පායපු නොනිමෙන පහනක්..



Saturday, June 2, 2018

සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..

මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.