ගිය
අවුරුද්දේ මුලින්ම අපේ "දිලෙන හිරු" ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ හැම සතියෙම
සඳුදට හම්බුනා homework පොතක්. එකේ තිබුනේ හරි සරල දේවල් 4 කරන්න..
සිකුරාදට ආපහු පොත දෙන්න ඕන. මුලදි HOMEWORK කරන්න කිව්වට කිසිම
කැමැත්තක් තිබ්බෙ නැහැ..ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්න වැලක්.. ඒ ප්‍රශ්න වැලට
උත්තර දුන්නට පස්සේත් "I don't want to do homework" කියන උත්තරේ තමයි
ලැබෙන්නේ පුතාගෙන්...

ඇත්තටම ඉපදුනු දවසේ ඉඳලා අවුරුදු 4ක් 5ක් නිදහසේ තමන්ට කැමති දෙයක් කරලා
අකමැති දේවල් වලින් අපෙත් උදව් ඇතුව පුලුවන් තරම් මඟ ඇරලා හිටිය මේ පොඩි
දරුවෝ එක පාරට ඉස්කෝලෙ ගිය ගමන් කොහොමද වෙනස් වෙන්නේ හැමදාම හවසට HOMEWORK කරන්න.. day care/preschool වලදිත් නියමිත වෙලාවක මෙන්න මේ
වැඩේ කරන්නම ඕන කියලා කිසිම බල කිරීමක් කෙරෙන්නේ නැති නිසා මේ වෙනසට හුරු
වෙන්න හැම දරුවෙකුටම ටික කාලයක් ඕන මම දකින විදිහට.
ඒ නිසා බැහැ
කියන එක හරිම සාධාරණයි මම හිතන්නේ.. මම කලේ බැහැ කියන වෙලාවට HOMEWORK කරන එක පැත්තකින් තියල ඉස්කෝලේ ඇරිලා ආවම එයා කැමතිම දෙයක් කාලා ඇවිදින්න
යන එක..මේ ඇවිදින ගමනෙදි අර HOMEWORK ගැන අහන දාහක් ප්‍රශ්න අහන්න ඉඩක් මම
හිමින් හදලා දුන්න පුතාට..(පුංචි හිත් වල අපි හිතනවට වඩා ප්‍රශ්න තියනවා
හිර වෙලා..) අපේ ගේ ලඟම තියන park එකට තමයි අපි මේ ගමන් ගියේ..
එහෙම ගිහින් එතන හිටපු ඉස්කොලේ යාලුවෝ එක්ක සෙල්ලම් කරලා ඉර බැහලා යන එකත්
බලලා තමයි ගෙදර ආවේ.
සතියකට දවස් 2ක් විතර මේ විදිහට කරන ගමන්
හිමින් අර මුලින් බැ කිව්ව HOMEWORK වලින් 1ක් 2ක් කරන්න මම උත්සහ
කලා විනාඩි 5ක් වගේ එක දවසකට වෙන් කරන්ගෙන. ඒ වෙනකොට HOMEWORK කරන්නේ
ඇයි කියන ප්‍රශ්නෙට එක එක විදිහේ උත්තර අපි අතර හුවමාරු වෙලා තිබුන නිසා
ප්‍රශ්න අහන එක අඩු උනත් ඒ මුලු කාලයම මමත් එයත් එක්කම ඉදගෙන හිටියේ
නැත්නම් මොකක් හරි කියලා නැගිටලා යන්න තමයි බැලුවේ.. බැරි වෙලාවත් එහෙම
දෙයක් උනොත් මම ආපහු බල කලේ නැහැ කරන්න කියලා. ඔය විදිහට බල කරන්නෙ
නැතුව මුලින් මුලින් කඳුලු එක්කත් ඉඳහිට ගනුදෙනු කරපු HOMEWORK කිරිල්ල 1
වසරෙදි වෙනස්ම මුහුණුවරකින් තමයි ඉස්කෝලෙන් එවලා තිබුබේ..
මුල ඉඳලම මගෙ ක්‍රමය තමයි පුතා සතුටින් නෙමේ නම් දෙයක් කරන්නෙ බල කරන්නෙ
නැහැ කරන්න. මොකද්ද එයාගෙ අසතුටට හේතුව, ඒ හේතුව කොහොමද අහේතුවක් කරන්නෙ
කියන එක තමයි මම හොයන්නේ...කිසිම දවසක ගහන්න බනින්න එපා දරුවෙකුට.. ඒ වගේම
අනිත් දරුවෝ එක්ක සන්සංන්දනය කරලා කිසිම දෙයක් කියන්නත් එපා දරුවෙක්
ඉදිරිපිට..

මේ
බාලගිරි දෝසේ පටන් ගනිද්දිම හදා ගන්න ඕනෙ සීමාව. කොතනින්ද නවතින්නේ කියන
එක.. අන්න එතනදි තමයි මම පුතාව overtake කරලා සුක්කානම මගෙ අතට ගත්තේ ..
සීමාවන් හැදුවට පස්සේ මඩේ හිටවපු ඉන්නක් වගේ වැනෙන්න බැහැ.. එහෙම උනොත්
දරුවත් හරි ඉක්මනින් පුරුදු වෙනවා වැඩක් රබර් කරන විදිහ.. ඒ නිසා
නීතියක් (සීමාවක්) හදන්න ඕන තමන් නොසැලෙන තැනකදි..මේ දේ එක් එක් කෙනාට
වෙනස්.. ඒ නොසැලෙන තැන් තීරණය කරන්න පුලුවන් තමන්ටමයි.. මොකද තමන්වත්
දරුවවත් හොඳටම දන්නෙ තමන් විතරක් නිසා..
මට පුතාට වඩා වසර 30ක ජීවිත අත්දැකීම් තියන බව මේ වගේ පස්සෙන් යද්දි මම අමතක නොකරන දෙයක්.. හැම පියවරකදිම උත්සහ
කලේ ඒ වැඩ කරන විනාඩි ගාන පුතාට එපා නොවෙන්න වගේම මගෙන් එයාට ලැබෙන
උදව් ප්‍රමාණය අඩු කරන්න.. (මගෙන් උදව් අඩු වෙනකොට දවසක් google
ගෙන් උදව් ඉල්ලනවා මට ඇහුනා..) මේ විදිහට හිමින් හිමින් හරියටම කිව්වොත් ඉබි ගමනින් කරගෙන ආපු HOMEWORK නිසා මගේ නම් වැඩි උනේ ඉවසීම.පුතාගේ වැඩි උනේ හිනාව..

මම හිතන්නේ දරුවෙක්
ඉගෙන ගන්න ඕන ආසාවෙන් කැමැත්තෙන්. සතුටක් නැති ඉගෙනීමේ හරයක් මම දකින්නේ
නැහැ.. ඒ නිසා මගේ අතින් කිසිම දවසක පුතා බැහැ කියන දෙයක් බලෙන් කරවන තැනකට
එන්නේ නැහැ වගේම බැහැ කියන්න අවශ්‍ය නොවන තැනකට එයා අවට පරිසරය හිමින් හදන
එකත් අනිවාර්යයෙන්ම මගේ අතින් ඉබේම වෙනවා. මොකද අපේ පුතාගේ දෙයකට
අකමැතියි කියන ප්‍රධානම විදිහ තමයි මුකුත්ම නොකියා ඇස් වල කඳුලු පුරෝ ගන්න
එක..එහෙම කඳුලු පුරෝගෙන උනත් මම කියන දේ පුතා කරනවා කියලා මම දන්නවා උනත්
කෙනෙක්ගේ කඳුලු දකිද්දි මගේ හිත ඉස්සරහට යන්නේ නැහැ..ආපහු හිනාවක් දැක්කොත්
විතරයි මම ඉස්සහරට යන්න හිතන්නේ..

දරුවෝ මේ යන්නේ පොඩි පොඩි
පඩි වලින් හැදුනු පඩිපෙළක කියන එක අපි මතක තියා ගන්නම ඕන.. එක පාරට
පඩිපෙළෙක පඩි පැනලා යන්න කිව්වොත් කවුරු හරි ඔබට පුලුවන් ද එහෙම කරන්න..
අන්න ඒ දේ වටහාගන්න ඕන අපි මුලින්ම.. මේ පඩි නඟිද්දි එක එක විදිහේ වැරදිම්
වෙන එකත් අපිට ඉවසන්න පුලුවන් වෙන්න ඕන.. මොකද වැරදෙන්නේ නැතුව ඉගෙන ගන්න
බැරි නිසා..
No comments:
Post a Comment