Tuesday, March 31, 2020

අවසන් විනාඩි 45

පුතුගේ පාසලේ අවසන් විනාඩි 45 ගත වෙන්නේ හරිම සැහැල්ලුවෙන්, එක්කො මුලු පන්තියම සින්දුවක් දාගෙන ඕන තරම් හයියෙන් කෑ ගහලා පිස්සු  නටන, එහෙම නැත්නම් මුලු පන්තියම එළියට ගිහින් ගුරුවරයත් එකතු වෙලා සෙල්ලම් කරන, එහෙම නැත්නම් සරල විනෝදාත්මක විද්‍යාත්මක පරික්ෂණ අත්හදා බලන්න දෙන, එහෙමත් නැත්නම් තමන් කැමති දෙයක් තෝරගෙන කරන්න කියා හෝ මුකුත්ම කරන්න ඕන නෑ කියා  සම්පුර්ණ නිදහස  දෙන විනාඩි 45ක්..

මුලු දවසෙම වෙහෙස උනු හැමෝටම මේ විනාඩි 45 මනස සැහැල්ලු කර ගන්නයි වෙන් වී තියෙන්නේ..නිවසේ සිට කරන්න  පාසලෙන් එවපු කාල සටහනෙත් අවසන් විනාඩි 45 වෙන් වී තියෙන්නේ මේ වගේ විනෝදෙන් කරන්න පුලුවන් මනස සැහැල්ලු කරන දේවල් වලට නිවස ඇතුලෙම..




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.