Showing posts with label පාසැල් අධ්‍යාපනය. Show all posts
Showing posts with label පාසැල් අධ්‍යාපනය. Show all posts

Tuesday, February 14, 2023

ඔබ දැක්කද

Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..

මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..

Saturday, July 25, 2020

රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..

පුතු පිළිසිඳ ගත් දා පටන්  අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත්  ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..

Thursday, June 18, 2020

මට හරිම මහන්සියි..

මීට වසර 10කට පමණ පෙර කොළඹින් පිට එක්තරා නැදෑ ගෙදරකදි දුටු දරුවෙකුගේ ඇස් ඉඳහිට මට තවම සිහි වේ..මේ දරුවාගේ මාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්…අපව ඉතා සුහදව සිනා මුසු මුහුණින් පිළිගෙන ගෙතුලට එක්කන් ගිය මේ මාපියන් යුවළගෙන් කෙනෙක් ඇසු විට දරුවා කෝ කියා ලැබුනු උත්තරය "පාඩම් කරනවා"..මේ මා එහි ගිය පළවෙනි වතාව වූ බැවින් දරුවාගේ වයස පිළිබඳ කිසිඳු ඉඟියක් මා දැන සිටියේ නැහැ.. ඉන් පසු ඇසුණූ තොරතුරු වලට අනූව  රෝහලෙත් ඉන් පිටතත් මාපියන් දෙදෙනාම සමාජ සේවා වලට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරන්නන්..

Friday, June 5, 2020

ඇයි මට විතරක් බැරි ?

පුතුගේ පාසලේ ගිය වසරේ මම වැඩ කල කාලය ඇතුලේ හමු වූ  එක්තරා දරුවෙක් ගැන මතකයක් අද ලියන්නේ ඒ සිදුවීම් අකුරු කරන්න තරම් හිත සන්සුන් බව දැනෙන නිසයි..ඒ කාලය තුල හමු වූ හැම දරුවෙක් ගැනම මතකය හරිම සන්වේදියි..සමහර තැන් වලදි හිත නිදහස් කර ගන්න ඕන නිසාම අනිත් පන්තියට මම ගියේ යන්න පුලුවන්  දුරම පාරෙන්..

Thursday, May 28, 2020

මම ඉන්නේ උදව් කරන්න...

මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා  thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්,  එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත්  තමයි හේතුව..

Tuesday, March 31, 2020

අවසන් විනාඩි 45

පුතුගේ පාසලේ අවසන් විනාඩි 45 ගත වෙන්නේ හරිම සැහැල්ලුවෙන්, එක්කො මුලු පන්තියම සින්දුවක් දාගෙන ඕන තරම් හයියෙන් කෑ ගහලා පිස්සු  නටන, එහෙම නැත්නම් මුලු පන්තියම එළියට ගිහින් ගුරුවරයත් එකතු වෙලා සෙල්ලම් කරන, එහෙම නැත්නම් සරල විනෝදාත්මක විද්‍යාත්මක පරික්ෂණ අත්හදා බලන්න දෙන, එහෙමත් නැත්නම් තමන් කැමති දෙයක් තෝරගෙන කරන්න කියා හෝ මුකුත්ම කරන්න ඕන නෑ කියා  සම්පුර්ණ නිදහස  දෙන විනාඩි 45ක්..

Monday, July 23, 2018

දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද...

මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්‍රස්ථා පිරුලක් තමයි  ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.

Friday, July 6, 2018

හදමු ද වෙජිමයිට් සැන්ඩ්විච්...

පහුගිය බදාදා දවසක සුපුරුදු විදිහට 1 වසරේ දරුවන් එක්ක දවස ගත කරද්දි මට ලැබුනා හරි අපූරු අත්දැකිමක්..මගේ පුතා ගෙදරදි කරන සමහර දේවල් වල මුල් අඳුරගන්නත් මට මේ අත්දැකීම් උදව් වෙනවා...එදා දවසේ දවල් කෑමෙන් පස්සේ තිබුනේ 1 වසරේ පන්ති දෙකක් එකට එකතු වෙලා වෙජිමයිට් සැන්ඩ්විච් එකක් හදන හැටි ප්‍රායෝගිකවම කරලා බලලා ලියන්න...

Sunday, March 25, 2018

මා වැනි බිළින්ඳා...වර වර ලඟට කැන්ඳා...

කිසියම් රටක ප්‍රාථමික අධ්‍යාපනය කටපාඩම් කිරීමකින් තොරව ගුරුවරයා සහ දරුවා අතර විවෘත ප්‍රශ්න ඇසිමේ සහ පිළිතුරු දිමේ ක්‍රමවේදයකින් දැනට සොයාගෙන තිබෙන දැනුම තුලින් කල හැකි අලුත් ධනාත්මක දේ ගැන සාකච්ඡා කෙරෙන ක්‍රමයක් සැකසුනා නම් ..(විභාග වලින් දැනුම මැනීම නතර කර )

Friday, February 16, 2018

ගුරුවරයා, දරුවා සහ ඉගෙනීම....

මම මගේ පාසැල් කාලයේ දැක්ක මගේ හිත සසල කරපු සිදුවීම් අතරින් ඉහළින්ම තියෙන්නේ ඉගෙන ගන්න දුර්වල ළමයි කාලෙත් එක්ක තව තවත් දුර්වල වීම බොහෝ විට නොදැක්කා වගේ ඉන්න ගුරුවර/ගුරුවරියන්ගේ හැසිරීම්...

ගුරුවරයෙකුගේ වගකීම ඉගෙන ගන්න පුලුවන් දරුවන් විතරක් ඉදිරියට අරන් යන එක ද... එහෙමත් නැත්නම් 1 වසරේ ඉඳල ඉගෙන ගන්න දුර්වල දරුවන්ගේ දුර්වලකම් වලට පිළියම් හොයමින් ඒ දරුවනුත් කාලෙත් එක්ක ඉදිරියට අරන් යන එක ද..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.