ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්‍ය නැති මොහොතක.. ජීවිතය කොහොමත් දෙයක් අපිට ලබා දෙන්නේ අපිට ඕන වෙලාවට නොව ජීවිතයට ඕන වෙලාවට කියන එක කාලය දිහා ආපස්සට හැරි බලන විට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ලිවීම. Show all posts
Showing posts with label ලිවීම. Show all posts
Monday, December 3, 2018
Wednesday, September 26, 2018
සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන..
ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ
පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ
ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන
එක..
Sunday, July 1, 2018
ලිවීම ඔබ මම සහ නෙල්ලි...
ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..
Wednesday, February 28, 2018
පට්ටපල් බොරු (ද )....
ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.