Showing posts with label සිහිය. Show all posts
Showing posts with label සිහිය. Show all posts

Saturday, July 25, 2020

රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..

පුතු පිළිසිඳ ගත් දා පටන්  අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත්  ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..

Thursday, May 7, 2020

අඹ රුක් සෙවණැල්ලේ..

මගේ පුතත් මන් වගේම පුංචිම කාලේ ඉඳලම අවට පරිසරයට ඉතා සංවේදි දරුවෙක් නිසා කාලයක සිට මම විවිධ ක්‍රම භාවිතා කරනවා ඔහුව, අවට පරිසරය කෙසේ තිබුනත් සන්සුන්ව සිහියෙන් ඉන්න හුරු කරන්න..

Tuesday, October 16, 2018

බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටි...

මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම්  ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ක්‍රමය ප්‍රායෝගිකව වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ හැමදාම..

Sunday, October 7, 2018

අකමැත්තට කැමැත්තෙන් කැමති වීම....

ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි..

Saturday, August 25, 2018

ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්...

තමන්ට ලඟින්ම ඉන්න අය සමඟ හදවත් නොසඟවා විවර කරන්න පසුබට වන ඔබ ඔබේ තරහකරුවන් (හෝ එතරම් සමීප නොවන අය) සමඟ මොන තරම් පහසුවෙන් හදවත් විවර කරනවාද යන්න ගැන සිතා තිබේද...

Wednesday, July 18, 2018

මම කවදවත් ආස සීතලට, ඔබ...

අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත් මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති, විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට දැනෙන්නේ මම ජීවත් වෙන බව..

Monday, July 9, 2018

ජීවිතයේ ඔබ යන මාවත් ඔබම තීරණය කරන්න....

ඔබට ආදරය කරන මිනිසුන්ගෙන් එක් කොටසක් ඔබට ඔබ වෙන්න මාවත් විවර කරන අතර තවත් පිරිසක් ඔබට ඔබ නොවෙන්න මාවත් විවර කරනු ඇත..මේ මාවත් දෙකින් කුමන මාවතේ ඔබ ගමන් කලද ආදරය අන්ධ බැවින් ඔබ යන්නේ අවදානම් ගමනකි..එබැවින් ඔබ යන මාවත් තීරණය කිරීම අන් අයට නොපවරා ඔබේ හදවතට සහ මොළයට ඒ වගකීම පවරන්න තරම් ඔබ නිර්භීත නම් අන්තිමේ ඔබට ඔබව අහිමි නොවනු ඇත..

Saturday, June 23, 2018

ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න...

අතීතයට අතීතය වෙන්න ඉඩ දෙන්න.
වර්තමානයට වර්තමානය වෙන්න ඉඩ දෙන්න.
අනාගතයට අනාගතය වෙන්න ඉඩ දෙන්න.
ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න,
ඒ කොහොමද.....

එය සොයාගන්න හැකි ඔබට පමණයි....

Friday, June 22, 2018

100 - 90 = 5 ද....

රු 100ක් ලැබුනු විට රු 90ක් ඉතිරි කරන්න සහ  රු 10ක් වියදම් කරන්න හිතන්න අපි මොළයට පුරුදු කලොත් අඩුම ගානේ රු 5ක් වත් ඉතුරු වේවී ද..

Tuesday, June 19, 2018

අම්මයි මමයි...

පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..

Monday, April 23, 2018

දන්නවද දැන් ගින්දරට අත ඇල්ලුවාට මුකුත් වෙන්නේ නැහැනේ....

කාලෙකට කලින් උපේක්ෂා ස්වර්ණමාලී කියන ගැහැනියව 360 කියන දේශපාලන වැඩසටහන මෙහෙය වන තවත් ගැහැනියක් වන දිල්කා සමන්මලී ප්‍රශ්න කිරීමකට ලක් කරන හැටිත්, ඒ ප්‍රශ්න කිරීම වලට උපේක්ෂා කියන ගැහැනිය දෙන පිළිතුරු වලට උපහාසයෙන් හිනා වෙන, දෙවරක් නොසිතා ඇයට අපහාස කරන්න පෙළබුනු මිනිසුන් (ගැහැනු/පිරිමි) දැකපු මට හිතුනේ රූපවාහිනි නාලිකා මොන තරම් නම් සාර්ථකව (බහුතර ලාංකීය) මිනිස් මනස ග්‍රහණය කරගෙන තියනවා ද යන්නයි... වැඩසටහන අතරතුර දිල්කා සමන්මලී නම් ගැහැනියගේ මුහුණේ හැඟිම් ද නිහඬව කියවූ මට සිතුනේ රැකියාව බේරා ගැනීමට අමතරව ඇයත් එයින් කිසියම් වින්ඳනයක් ලබන බවයි..

Friday, January 26, 2018

සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න...

ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම්  අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම.. 
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.