Thursday, January 19, 2017

අපි කොහොමද සිත නිවා ගන්නේ...

සිත.. අපේ සිත තරන් කලබල තැනක්....සිත තරන් ගමන් යන කෙනෙක්.. සිත තරන් ඉක්මන් කෙනෙක්, කොහොමද අපි මේ සිත එක තැනක තියාගන්නේ, කොහොමද සිත එක තැනක තියාගන්න රහස් බෙහෙත වන "අත් හැරීම" පුරුදු කරන්නේ..

මුලින්ම පටන් ගන්න  වෙන්නේ ජීවත් වන පරිසරයෙන්. ඔබේ ගෙදරින්. බලන්න ඔබ අවට, ඉවත් කරන්න පුලුවන් කොයි තරන් දේවල් ඔබ එකතු කරගෙන  ඉන්නවද, ඇත්තටම අපිට ජීවත් වෙන්න මොනවද ඕන, සරල වෙන තරමට හරි ලේසියි අත් හරින්න. ඉතින් පටන් ගන්න හිතන්න ජීවත් වෙන්න ඕනම දේවල් ගෙදර ඉතුරු කරගෙන අනිත් දේවල් අත හරින්නේ කොහොමද, නැවත කොහොමද එකතු වීම නතර කරන්නේ...



Creating origami birds and let them fly

ඔරිගාමි ගැන ගොඩක් අය දන්නා නිසා ඉහත රූපයෙන්ම පැහැදිලි කරන්නම් අත්හැරීම. මේ ඔරිගාමි නිර්මාණයක් හදන්න ඉතාම සියුම් නැමුම් සෑහෙන ප්‍රමාණයක් ඉතාම ඉවසීමෙන් කරන්න ඕන. අන්තිමේ හදලා ඉවර  කල නිර්මාණයට අපි මොකද කරන්නේ ?

4 comments:

  1. වටිනා අදහසක්...අත්‍ හැරීම පුරුදු කලාම ජිවත් වෙන්න බොහොම පහසුයි...

    බ්ලොග් එකට ෆොලොවර් ගැජට් එක එකතු කරන්න...එතකොට කියවන අයට පහසුයි බ්ලොග් එකට එන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි.. තාම හදමින් පවතින්නේ මේ අඩවිය.. ඉදිරි කාලයේ දි ඉඩ ලැබෙන විදිහට එකතු කරන්නම් එකින් එක..

      Delete
  2. අත් හෑරීම පුරුදු කිරීම පටන් ගත් සෑනින් .....
    ලොව ඈති....
    මුදලින් වටිනාකම තක්සේරු කල නොහෑකි ...
    වටිනා සියල්ල ලෑබීම ආරම්භ වේ.

    -හිරු-

    ReplyDelete
    Replies
    1. අඳුරෙන් ආලෝකයට යන ගමනේ ඕනම වෙන කෙනෙක් ඇවිත්.. ස්තුතියි හිරු... ඔබේ අදහසත් ආලෝකයක් හිරු ඒ වටිනාම දේවල් සොයා යන ගමනේ...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.