පහුගිය දිනවල පොඩි නිවාඩුවකට බ්‍රිස්බේන් ගිය වෙලාවේ නගරය පුරාම කහ
කුරුල්ලෝ වගේ රවුම් යන මේ Lipton බයිසිකල් අපි ඉන්න නගරෙත් තියනවා නම්
කියලා හිතුනට තැනිතලා පාරවල් වලට වඩා කඳු පාරවල් වැඩිපුර තියන මේ කඳුකරයට
ගැලපෙන්නේ නැති නිසාම වෙන්න ඇති දකින්න නැත්තේ..
ගැලපෙන්නේ නැති නම්
ඇති වැඩකුත් නෑ කියා සිතෙද්දි මට සිහිපත් උනෙ බයිසිකල් ගැන හිතන මම, වාහනයක් මාස ගාණකින් අල්ලා නැති බවයි.. ගෙදර ගිය ගමන් මාස ගණන් එකම බිත්තිය
දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්න මගේ කාර් එක බැහැ දකින්න ඕන කියලා හිතුවට අද තමයි කම්මැලිකම පැත්තකින් තියලා යන්න හිතුනේ..
මොනතරම් පහසුවක් ද අත ලඟ හැමදේම තියන එක..කියලා නිම කරන්න බැරි වාසනාවක්
වගේම ඉතාම අහම්බයක්..ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්...ඔබට එහෙම හිතිලා
නැද්ද...
ප.ලි.: වාහනයක අවශ්‍යතාවයක් දරුණුවට තියන ඒත් ගන්න බැරි
කෙනෙක් දැක්කොත් මම හිතනවා, මම ඒ කාර් එක තෑගි කරාවි කියලා මගේ හිතට ඒ දුක දැනුනොත්.. එහෙම දෙන්න බැරි
තරම් මම බැඳිලා නැහැ.. මොකද මට ඒ කාර් හම්බුනෙත් ඒ දිනවල මගේ අවශ්‍යතාව තේරුම්
ගත්, මං වෙනුවෙන් දවසක් පුරා වෙහෙසි මුදලිනුත් උදව් කරපු ආපිට කිසිවක් බලාපොරොත්තු නොවූ සැබෑ
පරිත්‍යාගශීලියෙකුගෙන් නිසා...
No comments:
Post a Comment