Thursday, February 2, 2017

සිහිල් පවන් රැල් ද.. එහෙමත් නැත්නම් ගිනියම් සුසුම් රැල් ද...


අපි මෙලොව එළිය දකින්නේ හැඟිම් දැනීම් දැනෙන එහෙත් දැනෙන හැම හැඟිමක්ම වෙනත් කෙනෙකුගෙන් යැපෙමින් තෘප්තිමත් කරගන්න ජීවියෙක් විදිහට (ද). අපි අපිට දැනෙන බඩගින්න කියන හැඟිම කෑගහලා අඬලා අවට ඉන්න අයට කියනවා.. නිදිමත කියන හැඟිමත් ඒ වගේ..එතකොට අපිට දැනෙන සතුදායක හැඟීම් අපි කියන්නේ හිනා වෙලා..එහෙට මෙහෙට අපේ පුංචි අත් පය  හසුරවලත් අපි අපිට දැනෙන හැඟිම් අනිත් අයගෙන් තෘප්තිමත් කරගන්න කරන්නේ ලොකු උත්සහයක්..

ටිකක් හිතන්න අපි අවට ඉන්න අයට මේ වචන නැති කතා කියවන්න බැරි උනොත් ,අපිට මොකද වෙන්නේ.. අපි කොහොමද බඩගිනි උනාම කිරි ටිකක් බොන්නේ... අපි කොහොමද නිදිමත උනාම තනියම නිදා ගන්නේ.. එතකොට අසනීපයක් උනාම.. තව මොන තරන් දේ තියනවද අනිත් අයගෙන් අපිට කරගන්න අපේ ජිවිතය පවත්වා ගන්න නම්... අනිත් අතට අපිට සතුටක් දැනෙන කොට අපේ හිනාව දැකලා අපේ හැඟිම් බෙදා ගන්න කෙනෙක් නැති උනොත් අපිට දැනෙන සතුටෙන් වැඩක් තියේවිද...

එතකොට මේ හැඟිම් කියන්නේ අපිට අයිති දෙවල් ද.. නැත්නම් අපි අවට ඉන්න අයට අයිති දේවල් ද.. නැත්නම් අපි දෙගොල්ලන්ටම අයිති දේවල් ද..

අපි අවට ඉන්න අය හිටියේ නැත්නම් අපිට හැඟිම් දැනීම් දැනෙයිද.. දැනුනට තෘප්තිමත් කරගන්න බැරි නිසා හැඟිම් උපන් ගෙයිම මැරිලා යාවිද... මෙහෙම හිතලා බලද්දි අපේ හැඟිම් වලින් වැඩක් ගන්න නම් අපි අවට ඉන්න අය අපේ හැඟිම් වචන නැතුව තේරුන් ගන්න ඕන.. ඒ කියන්නේ අපි එළිය බලන්නේ අනුන්ගේ පහනකින්.. අපේ හැඟිම් තෘප්තිමත් කරගෙන අපි තරුවක් වගේ දිලෙන්නේ අනිත් අයගේ ආලෝකයෙන්...


ඉතින් ඔබ ඔබ අවට ඉන්න අයගෙන් ණයට ලබාගත් ආලෝකයෙන් දිලෙමින් පටන් ගත් ජීවිත  ගමනෙදි අවට ඉන්න අයට ඔබ ගෙන එන්නේ සිහිල් පවන් රැල් ද.. එහෙමත් නැත්නම් ගිනියම් සුසුම් රැල් ද...



Fire & Water



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.