Monday, June 1, 2020

කවදාවත් කියන්නේ නැහැ මම ...

අම්මා කෙනෙක් කියන්නේ දරුවන් හැම තප්පරේම මනැසේ (ඒ කියන්නේ දැක්කේ නැති උනත් ලඟ නැති උනත් හිත ඇතුලේ) තියා ගෙන ඉන්න හැකි කෙනෙක්..මේ හැකියාව නිසාම ඇයට ඇය අහිමි වෙන අවස්ථා මමත් මුහුණ දුන්න, මුහුණ දෙන හරි සුලබ දෙයක්..

තමන්ට තමන්වම අහිමි වීමෙන් දැනෙන පීඩනය,කණස්සල්ල තමන්ට පමණක් නොවේ තමන් අවට ඉන්න අයටත් ගෙන්නේ සුන්දර අත්දැකීම් නෙමේ..මේ වසර 9ටම මුලු රැයක් එක දිගට මම නිදා ගෙන නැත්තේ,පුංචි දේකින් පවා මට දැනෙන පීඩනය මගේ මනස අවදියෙන් තියන නිසා මනැසේ සක්මන්  කරන පුතුගේ චරිතය...එක දරුවෙක්ගෙන් නැවතෙන්න මම ගත්ත නොවෙනස් තීරණය පිටි පස්සේ තියෙන්නෙත් මෙන්න මේ දේ..

හැබැ‍යි මේ මට දැනෙන දේවල් නිසා පුතුට මම කවදාවත් කියන්නේ නැහැ "ඔයාව ලොකු කරන්න මෙන්න මෙච්චරක් මන් දුක් වින්ඳා, දරා ගත්තා, නිදි මැරුවා" කියා..මම දකින විදිහට ඒ සුදානම ලබා නොගෙන දරුවෙක් බිහි කල මගේ අඩු පාඩුවක් මිස පුතුට (කිසිම කෙනෙකුට ) අදාල නෑ ඒ හැඟිම්..පුතුව මේ විශාල සංකීර්ණ ලෝකයේ අතරමන් කරන්න, තනි කරන්නත් මට අයිතියක් නැහැ...

තමන් කරන්න ඕන තමන්ට දරා ගන්න පුලුවන් ප්‍රමාණයට පමණක් කියන දේ විස්වාස කරන නිසයි මට එහෙම හිතෙන්නේ..එහෙම නැතුව දරා ගන්න නොහැකි තරම් දේ කර අවසානයේ  අවට ඉන්න අයත් එක්ක වගේම තමන් එක්කත් තරහ ගන්න එකේ, ජීවිතය පුරාම අනුන්ගෙන් උදව් ඉල්ලන, බලාපොරොත්තු වෙන  එකේ, ජීවිතය නොවිඳින එකේ තේරුමක් නැහැ..

ප.ලි.: අම්මා කෙනෙක් උනා කියා මගේ ජීවිතය අත් හරින්න කිසිම වෙලාවක හිතිලා නැති නිසා  මම මමයි..වෙනසක් උනා තමයි, ඒ වෙනස ඇතුලේ මාව නොවෙනස්ව පවත්වා ගන්න තමයි හැමදාම මම උත්සහ කරන්නේ.. (අම්මා කියන චරිතය ලඟ විතරක් නෙමේ ඕනම මිනිස් සබඳතාවයකදි  මට ලැබෙන ඕනම  චරිතයක් ලඟදි මගේ හැසිරීම මේ විදිහමයි)

1 comment:

  1. Titanium Hammer - The Iron Man / The Terminator / The
    The Iron Man ceramic vs titanium curling iron / titanium build The columbia titanium jacket Terminator is a sci-fi action/adventure video titanium belly ring game titanium bikes created and published by LucasArts for the Sega Mega Drive/Genesis.

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.