වයසින් වැඩුනු මනසින් නොවැඩුනු පිරිමියෙකුගේ පෞර්ශ ගැටලු වලදි තනි නොකර, සඟවන්නේ නැතුව උදව් ලබා දීම වරදක් ලැජ්ජාවක් ලෙස සලකන්නේ ඇයි..ඇයි එවැනි පිරිමින්ගේ නොගැලපෙන ක්‍රියා හැම විටම සාධාරණීයකරණය කර සඟවන්න උත්සහ ගන්නේ, මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label වැඩිහිටියන්. Show all posts
Showing posts with label වැඩිහිටියන්. Show all posts
Tuesday, August 11, 2020
Sunday, July 26, 2020
එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..
මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..
Saturday, July 25, 2020
රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..
පුතු පිළිසිඳ ගත් දා පටන් අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත් ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..
Tuesday, July 21, 2020
Thursday, November 15, 2018
I am feeling so proud..
ආදරයෙන්
සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන් විඳිමින් හිමින් ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I
am feeling proud කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින
දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා
විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ
හීන තමන් වෙහෙසි ලබා දීම ගැන
අනුන්
තමන්ට ස්තුති කල යුතු බව වත් වටහා ගන්න ඔවුනේ මනස නිරවුල් නැහැ..
Friday, November 9, 2018
මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...
ඔබට
මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත අලවා
තබන්න භාවිතා කරන (එක්) ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම
දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම්
වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ
තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන
වෙනම කතා කරන්න ඕන)
Friday, August 10, 2018
ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර...
දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන්
ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ
යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි
අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ
දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ දරුවන් නැගිටුවා
කිව්වේ අනේ පුතේ වඳින්න ඕන නැහැ කියා උනත් ඒ මව ගත් කටටම කිව්වේ "එහෙම හරි
යන්නේ නැහැ ,මේව සිරිත් අපේ කම.. "
Saturday, August 4, 2018
අනන්තයට යන පාර දිගේ....
දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන්
ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න
හැකිද....
Monday, July 23, 2018
දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද...
මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්‍රස්ථා පිරුලක් තමයි ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.
Friday, July 6, 2018
හදමු ද වෙජිමයිට් සැන්ඩ්විච්...
පහුගිය
බදාදා දවසක සුපුරුදු විදිහට 1 වසරේ දරුවන් එක්ක දවස ගත කරද්දි මට ලැබුනා
හරි අපූරු අත්දැකිමක්..මගේ පුතා ගෙදරදි කරන සමහර දේවල් වල මුල් අඳුරගන්නත්
මට මේ අත්දැකීම් උදව් වෙනවා...එදා දවසේ දවල් කෑමෙන් පස්සේ තිබුනේ 1
වසරේ පන්ති දෙකක් එකට එකතු වෙලා වෙජිමයිට් සැන්ඩ්විච් එකක් හදන හැටි
ප්‍රායෝගිකවම කරලා බලලා ලියන්න...
Monday, April 9, 2018
අළු යට සැඟවූ යොවුන්වියේ හැඟිම් නම් ගිනි කඳු තව දුරටත් සඟවමු ද.. නැතිනම් නිවා සිසිල් කරමුද..
යොවුන්වියේ හැඟිම් ගැන (පමණක් නොව පොදුවෙ හැඟිම් ගැන) සමාජයක් තුල
බොහෝ විට කතා කෙරෙන්නේ කිසියම් වරදකාරි බවක් බලෙන් ඔබ්බවා මිස ඇත්ත ඇති
සැටියෙන් දකිමින් නොවේ කියා මට බොහෝවිට සිතේ..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.