Showing posts with label සතුට. Show all posts
Showing posts with label සතුට. Show all posts

Thursday, June 11, 2020

අන්න ඒ වගේ දවසක් තමයි අද..

පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..

Tuesday, January 1, 2019

Hello 2019!!!

ජීවිතය දශක වලින් ගණනය කල හොත් පහුගිය දශකය යනු ජීවිතයේ පසු කර පැමිනි අන් සියලු දශක වල නොවිඳි සහ පසු කිරීමට නියමිත (යැයි මා සිතන) දශක වල නොවිඳින අත්දැකිම් විඳි, විටෙක සිනහවත් විටෙක කඳුලත් මුසු වූ දශකයකි..

Saturday, July 7, 2018

මං ආස මං වෙන්න....

අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න.  මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් නොගැලපීම් වලදී මට ඇහුණු වාර ගාණ වැඩියි..

Sunday, July 1, 2018

ලිවීම ඔබ මම සහ නෙල්ලි...

ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී  තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..

Saturday, June 23, 2018

ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න...

අතීතයට අතීතය වෙන්න ඉඩ දෙන්න.
වර්තමානයට වර්තමානය වෙන්න ඉඩ දෙන්න.
අනාගතයට අනාගතය වෙන්න ඉඩ දෙන්න.
ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න,
ඒ කොහොමද.....

එය සොයාගන්න හැකි ඔබට පමණයි....

Saturday, June 2, 2018

සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..

මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..

Friday, May 11, 2018

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..

Wednesday, April 25, 2018

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න....

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න, ඒත් වළාකුළු මැව්වේ වචන වලින් ලියලා පැහැදිලි කරන්න බැරි තරමේ හරිම ලස්සන සිතුවමක්..හැම වෙලේම පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන් නම් ජීවිතේ විඳින්න පුලුවන් කොයි තරම් වැඩ තිබුනත්...

Thursday, April 5, 2018

මතක සටහන් අවදි කරවන ගීයක් වැනි සියවන සටහන...

පෙර පාසල් වියේ සිට 5වෙනි වසර දක්වා නර්තනයට වැඩි දස්කමක් සහ ආසාවක් දැක්වූ මා හට 6 වසරේදි පාසැලට බාර දෙන්න පැමිණි පියා විසින් තෝරා දී තිබුනේ සංගීතය බැවින් එදා සිට 11 වසර දක්වා පෙරදිග සංගීතය හැදැරුවේ විභාගයට මුහුණ දිමේ අරමුණින් නම් නෙමේ මම.. කොහොමත් මම දෙයක් (හදවතින්) ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ විභාගයකදි දැනුම මැන බැලිමේ අදහසකින් නෙමේ.. හුදෙක් ඒ ඉගෙන ගන්නා දෙය රසවිඳිමේ හෝ එදිනෙදා ජීවිතයේදි භාවිතා කිරීමේ අරමුණින් පමණයි..

Tuesday, March 20, 2018

මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා....

බොහෝ දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම් හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..

Tuesday, March 6, 2018

නුවරට පිපිනු මලක්...

නුවර, එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ මම ආසම කරන නගරයක්.. නුවරට පිපිනු මලක් (ඒ කාලේ කියෙව්ව පොතක නමක්) වගේ මම උදේ හවස නුවර ආවේ ගියේ 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් කෝච්චියේ ඉතාම සුන්දර මතකයන් ගොඩක් එක්ක.. අපිට තිබුනා පුංචි කල්ලියක්, ලොකු පොඩි වගේම එකම වයසේ විවිධ පාසැල් වලට ගිය අපි අතරේ හිනාව, කඳුල වගේම රණ්ඩු සරුවල් එක්ක බැඳුනු එකමුතුකමකුත් තිබුනා..

Sunday, February 25, 2018

අදීපට දීපයක්....

අදීපට දීපයක් දෙන්න ඉදිරිපත් වූ මිනිසත්කම හඳුනන මිනිසුන් නිසාම නුඳුරු දිනක පහන් ගොඩාක් දැල්වේවී අදීපගේ දිවියේ.. ඒ එළියෙන් අදීප ලොව දකිනු ඇතැයි මා සිතමි..

Monday, February 5, 2018

අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳ වී නෑ සිතුවම්.......

පුංචි කාලේ හරිම සුන්දර මතකයන් අවදි කරවන මේ ජාතික  රූපවාහිනි තේමා ගීයත්, ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතයත්, මේ රට මගේ රට ගීතයත් මමයි මල්ලියි ඇහුවේ එකම පුටුවක ඉඳගෙන... ටික ටික ලොකු වෙන කොට පුටුවේ ඉඩ මදි උනාට එක් කෙනෙක්වත් පුටුව අත හරින්න ලෑස්ති නැහැ.. මතක විදිහට පුටුවේ දකුණු පැත්ත මල්ලිගේ,  වම් පැත්ත මගේ.. මම හැමදාම බැනුම් ඇහුවෙත් මගේ අත් අකුරු වමට බරයි කියලා....

Monday, January 15, 2018

එහෙ මෙහෙ දුවන කූඹියෝ එක්ක නෙමේ...තරඟ කරන්න තමන් එක්කම කාලය එක්ක...

ඔබේ දරුවන්ට හුරු කරන්න තමන් එක්කම තරඟ කරන්න. ඊයෙට වඩා අද, අදට වඩා හෙට තමන් ඉන්න තැනින් මානසිකවත් ශාරීරිකවත් පියවරක් ඉදිරියට තබන්න කාටවත් නොරිදවා... ඔව් කාටවත්  නොරිදවා....අන්තිමට කිව්ව දේ නම් එතරම් ලේසි නැ.. ඒත් මනසින් උසස් මිනිස් සතෙක් විදිහට අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕන මිනිස්සුන්ට නොරිදවා ඉන්න... මිනිස්සුන්ට වගේම සතුන්ට ගහ කොළ ඇතුලු අප අවට පරිසරයටත්...

තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක ඒවායෙන් ඉවත්ව ගල් යුගයේ තබා දරුවන් හදනවාට වඩා මිටියක් අතට දී අත තලාගන්නේ නැතිව ගල් ලෙන බිඳ, ලෙන් දොර හරින්නට ඔවුන්ට කියා දුන්නොත් ඔවුන් ඔබවත් රැගෙන නව මංපෙත් කරා යමින් මායාකාරී වානිජකරණයටවත් පටු දේශපාලන අරමුණු වලටවත් ලිංගික අසහනකාරීන්ටවත් අසු නොවී වගකීම් සහගත ආදරණීය පුරවැසියන් බවට පත්වේවි....
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.